ඉන්දියාවේ බටහිර බෙංගාලයේහි සිදුවූ කුරිරු පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහිදී වයස 16ක දැරියක් පවුලේ පියා, මාමා හා සහෝදරයා විසින් දූෂණය කර තිබෙනවා.
අවුරුදු 2ක කාලයක් තිස්සේ ඔවුන් මෙම ක්‍රියාව සිදුකර ඇති අතර එම කාල සීමාව කුල ඇය 2වරක් ගැබ්ගෙන තිබෙනවා. එමෙන්ම ඇය 4වරක් සියදිවි නසාගන්නටද උත්සාහ කර තිබෙනවා.
ඇයගේ මව විසින්ද එය දැනගෙන සිට ඇති අතර එම ක්‍රියාවට මව විරෝධතාවයක්ද පළකර නැහැ. මව පවසා ඇත්තේ ඔවුන් ඥාතීන් නිසා කිසිදු ප්‍රශ්නයක් නොවන බවයි. මේ පිළිබඳ දැඩි පීඩනයෙන් සිටි දැරිය ඇයට සිදුවන කරදර හිරිහැර ගැන පාසැල් ගුරුවරියට පවසා ඇති අතර එය දැනගත් සහෝදරයා ඇයව ළණුවකින් ගැටගසා නැවත දූෂණය කර තිබෙනවා.
පසුව පාසැලේ විදුහල්පතිවරයා විසින්ද මෙය දැනගෙන පොලිසියට පැමිණිලි කර ඇති අතර මේ වන විට අදාල පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා.