ඔබ දකුණ, වයඹ, බස්නාහිර පදිංචි ද..
උගුරේ වේදනාව, සොටු දියර ගැලීම, හිසරදය තිබෙනවා ද..
ඔබට නිදන්ගත රෝග තිබෙනවා ද..
ඉන්ෆ්ලුවෙන්සා A H1N1 රෝගය වැළඳීමෙන් පුද්ගලයන් 7 දෙනකු මේ වසරේ ගත වූ කාලය තුළ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා.
රට පුරා රෝහල්වලින් වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලැබෙන සාම්පල් පරීක්ෂා කිරීමෙන් පුද්ගලයන් 143 දෙනකුට මේ වන විට ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳී ඇති බවට තහවුරු කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.