නව හැවිරිදි දරුවෙකු සරුංගලයක් උඩ යවමින් සිටිය දී වතුර පිරි වැසිකිළිවලකට ඇද වැටීමෙන් මියගොස් ඇතැයි ඇත්කඳුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඇත්කදුර නාඹරඅත්ත ප්‍රදේශයේ පදිංචි තරිදු චතුරංග ලියනගේ නැමැති දරුවකු මෙලෙස මියගොස් ඇති අතර ඇත්කදුර සීවලී මහා විද්‍යාලයේ සිව්වන ශ්‍රේණියේ ඔහු අධ්‍යාපනය ලබමින් සිටියා.
දරුවාගේ පියා කුරුදු තැලීමේ රැකියාවක නිරත අතර මව රෙදි අලෙවිසැලක සේවය කරන බවයි පැවසෙන්නේ.
ඉකුත් සදුදා පාසල් ගොස් ඇති මෙම දරුවා පාසල නිමවීමෙන් පසු මව සේවය කරන රෙදි අලෙවි වෙළෙඳ ස්ථානයේ රැඳී සිටිය දී සරුංගලයක් යැවීමට තනිවම ගොස් සිටියදී මෙම අනතුරට ලක්වී තිබෙනවා.ඒ දරුවාගේ පියා කුරුදු තැලීමේ රැකියාව සඳහා පිටත්ව ගොස් සිටි බව පොලිසිය පවසනවා.