ෆිල්ඩ් මාර්ෂල් කියන්නේ ‘‘වෙල් විදානේ‘‘ලු
ෆොන්සේකාට ඕනි නිසා ගෝඨා ඇතුලට ගන්න ගියත්,
අත්අඩංගුවට ගන්න සාක්ෂි නෑලු
‘‘විජයදාස ඇවන්ගාඩ් රකිනවා‘‘ - ෆොන්සේකා
පසුගියදා තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේදී ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයත් සමඟින් මේ වන විට ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබෙනවා. එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙල්ල කිරීමට නොහැකි වූ තමන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කෙසේ මෙල්ල කරන්නේ දැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රශ්න කරනවා.
ඔහු කියා සිටියේ රුපියල් මිලියන 500ක වන්දියක් අධිකරණ අමාත්‍යවරයාට ගෙවීමට තමන් සූදානම් නොමැති බවයි. රුපියල් 50,000ක පඩියක් ගන්නා තමන් මිලියන 500ක් ගෙවන්නේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කළා.