සිද්ධිය මෙහෙයුවේ බන්ධනාගාරේ ඉන්න චමින්ද
සුදූ, ආබ්දීන් ජගත් හා නේවී නුවන් මාට්ටු
ජූඩා රේස් බයි රේස් ඔට්ටු පොළකදී අහුවෙලා
පසුගිය ජුලි 31 වනදා කොටහේන - බ්ලූමැන්ඩල් පාර ප්‍රදේශයේදී අමාත්‍ය රවී කරුණානායකගේ ආධාරකරුවන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් ඇතුළු 16 දෙනාම අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මේ බව සදහන් කළා.
මෙම වෙඩි තැබීම දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ චමින්ද නමැත්තා විසින් මෙහෙයවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සදහන් කළේ.