"අමුතු විදිහේ බැල්මක් එයාගේ ඇස්දෙකේ මම දැක්කා"
"අපි දෙන්නා ඒ වෙලාවේ ඕනවට වඩා ලංවුණා"
"අපි ආදරේ කළේ හෝටල් කාමරවල්වල"
මිනිස්සු කැමතියි අලුත් අත්දැකීම් විඳින්න , අලුත් කළාපවලට ඇතුල්වෙන්න, අලුත් අය හඳුනගන්න , සම්බන්දතා ගොඩනගාගන්න. හැබැයි මිනිස්සු අතින්ම තමයි වැරදි සිදුවෙන්නේ.
වැරදි සිදුකිරීම මනුෂ්‍ය ගතියක් ඒ වගේම වැරදිවලට සමාව දීම දේව ගතියක්. මේ කතාවත් ඒ වගේම මනුෂ්‍යයින් අතින් සිදුවුනු දෙවියන් සමාව දුන්නු කතාවක්.
ගණුදෙනුකාරී ජීවිතයේ හැඟුම් ගණුදෙනු කරන තවත් කතාවත් තමයි මේ. සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 41 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.