"ගමේ මට අනියම් සම්බන්දතා දෙක තුනක් තිබුණා"
"මට සල්ලි අහේනියක් තිබුනේ නෑ"
"බීලා බීලා පාන්දර වුණාට ටවුන් එකේ තියෙන ස්පා එකකට රිංගනවා"
කොල්ලන්ට තරුණ කාලේ කියලා කියන්නේ ඉතිං තව මොනවද ? නිදහස රස්තියාදුවම තමයි ජීවිතේ. හරියට කුරුල්ලෝ වගේ රංචු පිටින් ඈතට පියාඹනවා.
හැබැයි තවත් කුරුල්ලො ඉන්නවා හරියට ගේ කුරුල්ලෝ වගේ. පේන මානයෙන් එලියට බහින්නේ නෑ ගෙදරම තමයි.
හැබැයි රංචු ගැහෙද්දි දෙතුන් පාරක් හිතන්න ඕනේ. මොකද උගුලක පැටලෙන්න බැරි කමක් නෑ. රංචු ගැහුනු කුරුල්ලෙක් වගේ තරුණයෙකුට සිදුවුණු තවත් කතාවක් තමයි මේ.
ගණුදෙනුකාරී ජීවිතයේ හැඟුම් ගණුදෙනු කරන තවත් කතාවත් තමයි මේ. සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 42 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.