22 Views
සනී ලියොන් මේ ගැන අදහස් දක්වමින් කියා සිටියේ මගේ දෙමව්පියන් විසින් මට දුන්න උපත් නාමය එයයි. තවමත් මගේ ගමන් බලපත්‍රයේ තියෙන්නෙත් මේ නමයි. සනී ලියොන් විදිහට මම නම වෙනස් කර ගත්තේ මගේ රංගන කටයුතු වෙනුවෙනුයි. ‘‘බිග් බොස්“ වැනි රියැලිටි ටී.වී. වැඩසටහන් ඔස්සේ සනී ලියොන් නාමය බෙහෙවින්ම සමාජගත වුණේ ලිංගික චිත්‍රපට කර්මාන්තයේ ක්‍රියාකාරිනියක් ලෙසයි.
වාර්තාගත ලෙසින් ලිංගික චිත්‍රපට නරඹන රටක් වන ඉන්දියාව උගුරට හොරා බේත් කන ප්‍රතිපත්තියක සිට තමාගේ ලිංගක රංගන දායකත්වය ගැන මහත් වූ අපවාදයෙන් කතා බහ කරන බවයි ඇය කියන්නේ. ඔවුන්ට නරඹන්න බාධාවක් නැහැ. ඒත් ලිංගිකත්වය නිෂ්පාදනය සහ බෙදාහැරීම ගැන කථා කරන්නේ මහත් සේ හිරිකිත විදිහටයි.
බී.බී.සී. දිල්ලි කාර්යාංශයේ කාන්තා කටයුතු පිළිබඳ මාධ්‍යවේදිනී දිව්‍යා ආර්යා ඇගෙන් විමසා සිටියේ එසේ නම් ඔබගේ අදහසට අනුව ඉන්දියාවේ ලිංගික චිත්‍රපට තහනම් කළ යුතුද යන්නයි. ඒ ගැන අදහස් ඉදිරිපත් කරමින් ඇය කියා සිටියේ එය මා විසින් ගත යුතු තීරණයක් නොවන බවයි.
ඇමරිකාව තුළ සනී ලියොන් වෙනුවෙන් ඇති ප්‍රතිචාර ගැන අදහස් දක්වමින් ඇය කියා සිටියේ ලිංගික චිත්‍රපට වෙනුවෙන් පෙනී සිටිනවාට මගේ දෙමව්පියන්වත් කැමැති වුණේ නැහැ. ඒ වුණත් මම ඒ වෙලාවේ කියා සිටියේ මම ස්වාධීන චරිතයක්. ඒ නිසාම මට අවශ්‍ය විදිහට මම හැසිරෙන්න අවශ්‍ය බවයි. හැම පවුලකින්ම දරුවන්ට ගුරුහරුකම් ලැබෙනවා. මම ඒවාට ගරු කරනවා. නමුත් මට අවශ්‍ය වුණේ මගේ ජීවිතයේ තීන්දු තීරණ මට අවශ්‍ය විදිහට ගැනීමටයි. මගේ කැමැත්ත තවත් කෙනෙකුට බලපෑමක් විය යුතු නැහැ.
අන්තර්ජාල වැඩසටහනක පූර්ව ප්‍රචාරක පටයකදී සනී ලියොන් ගෙන් මාධ්‍යවේදියෙක් විමසා සිටියේ‘‘ලිංගික චිත්‍රපට තාරකාවක් සහ වෛශ්‍යාවක අතර තිබෙන වෙනස කුමක්ද යන්නයි. සැනින්ම ඇගේ පිළිතුර වූයේ ධෛර්යය බවයි.
පසුව මේ ගැන අදහස් දක්වමින් ඇය බී.බී.සී දිල්ලි කාර්යාංශයේ කාන්තා කටයුතු පිළිබඳ මාධ්‍යවේදිනී දිව්‍යා ආර්යා සමග කියා සිටියේ ඒ මාධ්‍යවේදියා මාව ඉතාම අපහසුතාවයට පත් කළා. මිනිසුන් තුළ කුතුහලය තිබෙන නමුත් ඒ කුතුහලය ඉදිරියට රැගෙන යන්න මට උදව් වෙන්න සිදුවුණා. ඒත් එය හිතන තරම් පහසු කටයුත්තක් නොවෙයි. සනී ලියොන් සඳහන් කළාය.
ඇත්තටම මිනිසුන්ට කථා කිරීමට නිමිති දුන්නේ මම. මගේ අතීතය ගැන ඔවුන් ඉතාම රසවත්ව කතා කරනවා. මම මට අවංකයි. ඒ නිසාම මට අවශ්‍ය වෙලාවක වෙනස් වෙන්න මට පුළුවනි.
අතීත රැකියාව පිළිබඳව දරුවන්ට අදහස් ඉදිරිපත් කිරීමට සනී ලියොන් කැමැත්තක් නොදැක්වූයේ මේ වෙන විටත් ඇය ගැන ලෝකයා මවා ගෙන තිබෙන සිතුවම බිඳ දමා වෙනත් ලෝකයක් දරුවන්ට පෙන්වීම පහසු කාර්යක් නොවන බවයි. ඇයට තමාගේම දරුවන් ඇති අතර එක් දියණියක් හදා වඩා ගන්නීය. ඊට අමතරව වෙනත් පිළිසිඳ ගැනීම්වලින් පුතුන් දෙදෙනෙක් සිටී. දරුවන්ට තමාගේ අතීතය දැනගැනීම මුල් කර ගෙන වූ පැනට එතරම් ප්‍රසන්නතාවයක් නොවුණත් ඔවුන්ගේ අනාගතය ගැන තීරණ ගැනීමට ඔබගෙන් ලැබෙන සහයෝගය ගැන විමසා සිටියදී සනී කියා සිටියේ” ඔවුන්ට අවශ්‍ය ගමන්මග ඔවුන්ට විවෘතයි. එය අඟහරු ලෝකයට වෙන්න පුළුවනි. ඒත් මගෙන් බාධාවක් නැහැ යන්නයි. ඒ වගේම මගේ අතීතයත් එතකොට ඔවුන් දැනගනීවි.
ඇය කොන්ඩම් වර්ගයක සන්නාම තානාපතිනිය වන අතර තමාගේම සුවඳ විලවුන් සන්නාමයක් දියත් කළාය. එයට ලබා දී තිබූ නමේ අර්ථය රාගය යන්නයි.
මේ වෙළෙඳ සන්නාමය නිසා ඔබ සමග බැඳී තිබෙන රාග චරිතය තවත් ඉදිරියට යනවා නොවේදැයි විමසූ විට සනී ලියොන් ඒ වෙනුවෙන් පිළිතුරු දෙමින් කියා සිටියේ තරුණ වයසකදී සුවඳ විලවුන් නිෂ්පාදනයක් එළි දක්වන්න ලැබුණාම මේ වගේ නමක් කල්පනා වීම අරුමයක් නොවන බව සඳහන් කරමින් ඇය තර්කයක් ඉදිරිපත් කරමින් කියා සිටින්නේ වෙනත් සුවඳ විලවුන් සන්නාමත් මේ අදහසට සමාන නමුත් ඒවා ගැන කතා බහ නොකරන්නේ ඇයි ද යන්නයි.