අනතුර සිදුවන අවස්ථාවේ දැරිය මව තුරුළේ නිදාගෙන ඉඳලා....
අනතුරට ලක්වූ ඔවුන් එම ස්ථානයේම මිය ගිහින්...
කිරිඳිවැල පොලිස් වසමේ මැද්දේගම මහා මාර්ගයේ පෙරේදා (01) පස්වරු 4ට පමණ සිදුවූ ත්‍රීරෝද රථ අනතුරකින් ත්‍රීරෝදය පැදවූ රියැදුරුගේ බිරිඳ හා දියණිය එම ස්ථානයේම මිය ගොස් තිබෙනවා..
මෙසේ මියගොස් ඇත්තේ මැද්දේගම , නාවැටිය, එගොඩවත්තේ පදිංචිව සිටි 37 හැවිරිදි ශ්‍රීයානි රාජපක්ෂ සහ ඇයගේ දියණිය වන 2 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 07 හැවිරිදි පද්මිණී මධුෂා දැරියයි.
අනතුරට ලක්වූ ඔවුන් එම ස්ථානයේම මිය ගොස් තිබෙනවා. එදින පෙරවරුවේ ඔවුන්ගේ මීගොඩ ප්‍රදේශයේ පදිංචි රෝගීවී සිටි ඥාතියකු බැලීමට ගොස් එන අතරතුරදී මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තාවන්නේ..