Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස උසස් වීම් ලැබූ බිම්ෂානි ජාසිං ආරච්චිගේ උසස්වීම බලරහිත කරන්නැයි ඉල්ලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 නෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මැයි 18 වන දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.
 
ඒ, මුර්දු ප්‍රනාන්දු, ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැදවූ අවස්ථාවේදියි.
 
මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පෙනී සිටි අතර ඔහු ඉල්ලා සිටියේ වගඋත්තරකාර නියෝජ්‍ය පොලිස්පතිනී බිම්ෂානි ජාසිං ආරච්චි ගේ උසස්වීම් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.
 
නියෝජ්‍ය පොලිස්පතිවරිය පොලිස් දෙපාර්තමේන්තුවේ නීති සහය ලබාගෙන නොතිබූ අතර ඇය වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය අධිකරණය  හමුවේ කියා සිටියේ මෙම නඩුවේ පළමුවන පෙත්සම්කරු ලෙස පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කටයුතු කරන බැවින් නඩුවට අදාළ ලේඛන තමන් වෙත ලැබී නොමැති බවයි.
 
views493 Views
comment

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදි දිස්ත්‍රික්කයේ ශ්‍රද්ධා ඇළට බස් රථයක් පෙරළීමෙන් එහි ගමන් කළ 40 දෙනෙකු මියගොස් තිබෙනවා.
 
බස් රථයේ රියදුරට වේගය පාලනය කර නොහැකිව මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ එහි 60 දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
 
එහිදී බස් රථයේ රියදුරු ඇතුළු 07 පිහිනා දිවි ගලවාගෙන තිබෙනවා.
views247 Views
comment

අනතුර සිදුව ඇත්තේ සමන්තුරේ ඉන්ධන පිරවුම්හලක් අසළ...

මේ සමන්තුරේ ඉන්ධන පිරවුම් හළක් අසලදී ට්‍රැක්ටරයකට පාපැදියක ගමන් කළ දෙදෙනෙකු යටවී අනතුරක් සිදු වූ ආකාරය සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබූ අයුරුයි.

එහි වීඩියෝව පහතින් බලන්න..
views267 Views
comment
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු අද්වීතීය නායකයා වන මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ ‘එම් එස් දෝනි - ‘දි අන්ටෝල්ඩ් ස්ටෝරි’සඳහා රංගනයෙන් දායක වූ ප්‍රකට ඉන්දියානු රංගන ශිල්පී සන්දීප් නහාර් දිවි නසාගෙන තිබෙනවා.
 
මුම්බායි පොලිසිය එම දිවි නසාගැනීම තහවුරු කර ඇති බවයි වාර්තාවන්නේ..
 
දිවිනසාගැනීමට පෙර සමාජ මාධ්‍ය ජාලයක ඒ සම්බන්ධයෙන් සටහනක් තැබූ  ඔහු, පෞද්ගලික ගැටලු මත දිවිනසාගැනීමට තීරණය කළ බව සඳහන් කර තිබුණා.
 
ඒ සමඟ වීඩියෝවක ද පෙනී සිටිමින් එයද මුහුණුපොතට ඇතුළත් කර තිබෙනවා.
 
views333 Views
comment
ෆේස්බුක් ඔස්සේ මිතුරු වී සීදූවේදී පැහැරගත් ටියුෂන් ගුරුවරයාගේ ඝාතනයට කාන්තාවක් අත්අඩංගුවට 
 
නිකවැරටිය - කොටවෙහෙර - ඉහළගම ප්‍රදේශයේ රක්ෂිතයක ඝාතනය කර තිබියදී සොයාගැනුනු උපකාරක පන්ති ගුරුවරයාගේ මරණයට සම්බන්ධ කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
views335 Views
comment
ඇයට බාලවයස්කාර දරුවන් තිදෙනෙකුම සිටිනවා...

ආදරවන්තයන්ගේ දිනයේ 35 හැවිරිදි මවන සිය බාලවයස්කාර දරුවන් තිදෙනා විවාහක සැමියාට බාරදී අවුරුදු 22ක තරුණයෙකු සමඟ දීග යෑමේ සිද්ධියක් අම්පාර උනන පොලිසියෙන් වාර්තා වනවා.
views376 Views
comment
සැ‌ඳෑ සමය ධෛර්යයෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව ගත කරන 94 හැවිරිදි සිව්දරු මවක් ඉකුත් දිනවල මහනුවර ඩී.එස්. සේනානායක විද්‍යාලයේදී ත්‍රිපිටක ධර්ම සහ පාලි භාෂා පරීක්ෂණ විභාගයකට පෙනීසිටියාය.  
 
views480 Views
comment
සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් (ෆුල් ෆේස් හෙල්මට්) පළඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව අභියාචනාධිකරණයේදී අද (16) අනාවරණය වී තිබෙනවා.
views374 Views
comment
ආදරයේ උත්තරීතර සැමරුම යෙදෙන ඊයේ දිනයේදී ගුවන් විදුලි නාලිකා දෙකක් එක්ව සිදුකරන අති දැවැන්ත පෙරළිය හිරු, ෂා වැලන්ටයින් කොන්සර්ට් 2021 (14) පස්වරු 5ට ආරම්භ ‌කෙරුණා.

එය හිරු මැදිරි සංකීර්ණයේදී ආරම්භ වූ අතර නදීමාල් විත් පොයින්ට් ෆයිව් සහ රොමේෂ් සුගතපාල විත් ට්ව්න්ස් ඒ සඳහා සංගීතය සැපයූවා.

දිවයිනේ නව පරපුරේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් මෙම ප්‍රසංගය වර්ණවත් කළ අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට හිරු එෆ්.එම්. සහ ෂා එෆ්.එම්. සමගාමීව සජීවී විකාශයක් ලෙස මෙවැනි ප්‍රසංගයක් ප්‍රචාරය කරන ප්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

එම ප්‍රසංගයේ ඡායාරූප පහතින් දැක්වේ.....
views290 Views
comment
“..මොකෝ ගිය වැඩේ හරි ගියාද..?
කනට දෙකක් දෙන්න ඉස්සර වෙලා”
 
පෙම්වතුන්ගේ දිනය දා පෙම්වතිය එනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි පෙම්වතා හමුවීමට ඇගේ මව පැමිණ එකම අලි ජංජාලයක් වූ පුවතක් දකුණේ අගනගරයෙන් වාර්තා වේ.
 
ඔවුන් දෙදෙනා පෙමින් බැඳුණත් පෙම්වතාට පෙම්වතියගේ පාර්ශ්වයෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.
views507 Views
comment
කොත්මලේ - හරංගල මාර්ගයේ රත්මලපිටිය ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් අනතුරට ලක්ව තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

ඊයේ (15) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හරංගල ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි තරුණයෙක්.
views259 Views
comment
“මම එදා කිව්වා නේද ඔවා පවතින කතා නෙවෙයි කියලා..”

“ආදරණීය විජය ! ඔබ යළි මෙවන් රටක නූපදීවා !
ඝාතක තිරිසනුන්ට සදා ශාප වේවා !”

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ ජනප්‍රිය රංගන ශිල්පි විජය කුමාරණතුංගගේ 33 වන ගුණානුස්මරණය අදට යෙදී තිබෙනවා.

විජය කුමාරණතුංග 1988 වසරේ අද වන් දිනක ඔහුගේ නිවස ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණා
views525 Views
comment
පොලිස් පරීක්ෂණ-වලින් තවත් තොරතුරැ රැසක් එළියට එයි...!
 
අවුරුද්දක් පමණ වයසැති තම බිළිඳු පුතුට සහ තුන් හැවිරිදි දියණියට වස පොවා, මවක් වස පානය කිරීමේ සිද්ධියක් දඹුල්ල - යාපාගම ප්රදේශයෙන් වාර්තාවුණා.
views431 Views
comment
මියගිය සම්පත් අවුරුදු 37ක් වයස පුද්ගලයෙක්...
පොලිස් පරීක්ෂණ-වලින් හෙළි වූ දේ මෙන්න........

සිය බාල පුතා සමඟ එක්ව වැඩිමහල් පුතුගේ පසුපස හඹාගොස් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කළ එම පවුලේම මව සහ පුතුන් දෙදෙනකු මන්නා පිහියක්ද සමඟ ඊයේ (15දා) අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය පවසනවා.

ඝාතනයට ලක් වූයේ මීගහතැන්න බෝතලාව කහටගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටී ඩබ්ලිව්.ඩී. ශාන්ත කුමාර හෙවත් සම්පත් නමැති (37) නමැත්තෙක්.
views288 Views
comment
හොඳින් ඉන්නවා. බබාල දෙන්න නිසා වැඩිපුර එළියට යන්නේ නැහැ. ස්ටූඩියෝ එකත් ගෙදරම තියෙන නිසා සංගීත කටයුතු කරන්නත් පහසුයි.
 
මෑතකදී වීඩියෝ එකකුත් එක්ක දඟකාරියේ කියල ගීතයක් කළා. ඒක බොහොම ළඟකදී එළිදක්වනවා. තව අවසන් කරපු නිර්මාණ කිහිපයක් සහ මම සංගීත අධ්‍යක්‍ෂණයෙන් දායකත්වය ලබා දුන් මේනක රාජපක්‍ෂ අධ්‍යක්‍ෂණය කරපු ටෙලි නාට්‍යයකුත් විකාශය වෙන්න නියමිතයි.
views193 Views
comment
[1]      «      3437   |   3438   |   3439      »      [5524]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top