Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
24
"මස්සිනාට සුදු කොඩි දාන්න ලෑස්ති වෙයන්.... මස්සිනා මැරුවොත් එකට පහක් ගන්නවා" - ලෙල්ලම හෙල්ලූ වෙඩි තැබීමේ සුළමුල...

- "මස්සිනාට සුදු කොඩි දාන්න ලෑස්ති වෙයන්.... මස්සිනා මැරුවොත් එකට පහක් ගන්නවා" - ලෙල්ලම හෙල්ලූ වෙඩි තැබීමේ සුළමුල...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

මෙරට වෙඩි තැබීම් සහ මිනිස් ඝාතන මෙහෙයවන බොහොමයක් සංවිධානාත්මක අපරාධකරුවන් රැඳී සිටින්නේ ඩුබායි රාජ්‍යයේය. 


සති කිහිපයකට පෙර බෙලිඅත්ත පොලිස් වසමේ සිදුකළ පංච පුද්ගල ඝාතනයෙන්ද ඒ බව මනාව පැහැදිලි විය. එම වෙඩි ප්‍රහාරය මෙහෙයවා තිබුණේ ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින කොස්ගොඩ සුජී, බූස්සේ හර්ෂ සහ උෟරගහ මයිකල් යන පුද්ගලයන් විසින් බව මේ වනවිට අනාවරණය වී ඇත.

මොවුන් මෙලෙස එකිනෙකා මරා ගනු ලබන්නේ කාලයක් තිස්සේ දෙපාර්ශ්වයක් අතර ආරවුල් නිසා ඇති කරගන්නා බද්ධ වෛරය හේතුකොටගෙනය. කෙසේ වෙතත් මුදල් කොන්ත්‍රාත් මත සිදුකරනු ලබන මෙම ඝාතන මෙහෙයවන්නන් නීතියේ රැහැනට කොටු නොවන්නේ ඔවුන් එම ඝාතන මෙහෙයවනු ලබන්නේ ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් නිසාය.

මේ අනුව විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ මිනිස් ඝාතනමෙහෙයවමින් මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙමින් සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වූවන් සියයකට වැඩි පිරිසක් ඩුබායි මෙලෙස රාජ්‍යයේ රැඳී සිටින බවකි. මොවුන්ගෙන් සමහරෙක් දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇති බවත් විමර්ශන නිලධාරීහු පවසති.

එවන් රතු නිවේදන තිබුණද එරට සිට මෙරට මෙහෙයවන ඝාතන කොන්ත්‍රාත්තුවල තවමත් නිමාවක් නොමැති සැටියෙකි. ඉකුත් සතියේ බොරැල්ල සහ රාගම පොලිස් වසම් තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධීන්වලින් මේ බව මනාව පැහැදිලිය.

මෙම වෙඩි තැබීම් දෙකම කලක් තිස්සේ පාර්ශ්ව දෙකක් අතර මත්ද්‍රව්‍ය ආරවුල් මුල්කරගෙන සිදුවූවක් බව මේ වනවිට කර ඇති  මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.

මෙහි ආසන්නතම සිදුවීම වාර්තා වනුයේ ඉකුත් 21 වැනිදා උදෑසන මහබාගේ පොලිස් වසමෙනි.

නාඳුනන තුවක්කුකරුවන්ගේ ඉලක්කය වී තිබුණේ උෟරු මස් ව්‍යාපාරිකයෙකි. හෙතෙම ජා-ඇළ උතුරු බටගම පදිංචි හෙට්ටිආරච්චිලාගේ සුනිල් නමැත්තෙකි. සුනිල් ලෙස නම් දැරුවද බොහෝ දෙනෙක් ඔහු හැඳින්වූයේ උක්කුවා යන නමිනි. ඔහු වසර ගණනාවක් තිස්සේ උෟරු මස් වෙළෙදාමේ නිරතව සිටින අයෙකි.

අපරාධ චෝදනා සම්බන්ධයෙන් හෝ වෙනත් වැරදි සම්බන්ධයෙන් ඔහුට චෝදනා නැතත් ඔහුට මරණීය තර්ජන එල්ල වී තිබිණි. ඊට හේතුව වී ඇත්තේ ඔහු සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස නම් දරා සිටින වැල්ලේ සාරංගගේ ළඟම ඥාතියකු වන හෙයිනි. ඔහු  විවාහ වී සිටින්නේ සාරංගගේ නැඟණියක් සමඟිනි.

කෙසේ වෙතත් සුනිල්ට ඇති  මරණ තර්ජන නිසා පොලිසි දෙකකින්ම ඔහුට උපදෙස් ලබාදී තිබුණේ මස්කඩේ වැඩකටයුතුවලට නිතර නිතර නොයන ලෙසයි. ඊට අමතරව මස්සිනා වන වැල්ලේ සාරංගගෙන්ද ඔහුට ඇති ජීවිත තර්ජනය සම්බන්ධයෙන් උපදෙස් ලැබී තිබුණද සුනිල් ඒ කිසිත් පසෙකට දමා මස්කඩේ කටයුතුවලට එක්වී ඇත. වැල්ලේ සාරංගද මේ වනවිට සිටින්නේ ඩුබායි රාජ්‍යයේය. ඔහු සිය මස්සිනාට උපදෙස් දෙනු ලබන්නේ ඩුබායි සිටය. සුනිල්ට මෙලෙස මරණ තර්ජන එල්ල වී ඇත්තේ ඩුබායි රැඳී සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවකුගෙනි. බොහෝ අය ඔහු හඳුන්වනුයේ ඩුබායි නිපුණ ලෙසිනි.

ඩුබායි නිපුණගේත් වැල්ලේ සාරංගගේත් ගැටුම ඇති වන්නේ මීට වසර කිහිපයකට පෙර සිටය. වැල්ලේ සාරංග මෝදර රොක්හවුස් පටුමඟේ පදිංචිව සිටි අතර කලක් ඔහු මෙරටට කේරළ ගංජා රැගෙන එන ප්‍රධාන ජාවාරම්කරුවකු බව හඳුනා ගෙන තිබිණි.

ඩුබායි නිපුණ මේ වනවිට තොටළඟ සහ ඒ අවට සිය ආධිපත්‍ය පතුරුවාගෙන ගෝල බාලයන් යොදවාගෙන මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන අතර නිපුණ සහ සාරංග අතර ගැටුම ඇති වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ කප්පම් ගැනීම් මුල්කරගෙනය. මේ නිසා දෙපාර්ශ්වයේම පිරිස් පහරකෑම්, කැපුම් කෙටුම්වලට සහ වෙඩි තැබීම්වලට ලක්වූ අතර අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඬලීමේ අරමුණෙන් මෙරට ආරක්‍ෂක අංශ විසින් සිදුකරන මෙහෙයුම් සමඟ මොවුන් ඩුබායි රාජ්‍ය වෙත පලා යන්නට විය.

වරෙක එලෙස තවත් තිදෙනකු සමඟ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ඩුබායි රාජ්‍ය වෙත පලායෑමට තැත් කිරීමේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සාරංගව අත්අඩංගුවට ගත්තේය.

වැල්ලේ සාරංගට එරෙහිව අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවද පසු කාලයේ ඔහු කෙසේ හෝ ඩුබායි රාජ්‍ය වෙත පලා ගියේය.

සාරංගගේත් නිපුණගේත් ආරවුල වඩාත් තීව්‍ර වන්නේ සාරංගගේ සමීපතමයකු කපා කොටා ඝාතනය කිරීමත් සමඟිනි. මින් කෝපයට පත්වන සාරංග එම ක්‍රියාව නිපුණගේ වැඩක් බව වටහාගෙන සිය සමීපතමයා ඝාතනය කිරීමට පැමිණි දෙතුන් දෙනා ඉලක්ක කරමින් සිය ගෝල බාලයන් ඩුබායි සිට මෙහෙයවන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙස මාළු කඩේ කුමාරට වෙඩි ප්‍රහාරයක් එල්ල වන අතර දින 28ක් ජීවිතයත් මරණයත් අතර සටන් වදින ඔහු ඉන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය. කුමාරගේ මරණය ඩුබායි නිපුණගේ දැඩි කෝපයට හේතු විය. ඒ, කුමාර ඔහුගේ නැන්දණියගේ සැමියා වීම නිසාය. තම ඥාතියාට පරිස්සමින් ජීවත් වන ලෙසත් නිවෙසින් පිටතට නොයන ලෙසත් නිපුණ දුරකථන ඔස්සේ ඇමැතුම් ලබාදුන් බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ නිලධාරීන්ට කුමාරගේ පාර්ශ්වයේ අය කීහ. එම ඝාතනය වැල්ලේ සාරංග විසින් මෙහෙයවා ඇති බවට නිපුණට දැන ගන්නට ලැබීම ඔහු තුළ වූ කෝපය තවත් ඉහවහා ගියේය.

සිය මිතුරන් මාර්ගයෙන් දුරකථනය ඔස්සේ වැල්ලේ සාරංග නිපුණ සම්බන්ධ කරගෙන තිබුණේ ඉන් පසුවය.

“කුමාර මරපු එකට මම උඹේ මස්සිනා මරනවා”නිපුණ වැල්ලේ සාරංගට පැවැසුවේය. එහෙත් ඊට සෙකන්ඩ් වන්නට සාරංගද කැමැති නොවීය.

“උඹ මගේ මස්සිනා මැරුවොත් මම උඹලගේ පහක් මරනවා”සාරංග කීවේය. දෙදෙනාගෙන් කවුරු ඉස්සර වේදැයි දෙදෙනාම දැන සිටියේ නැත. කාලය මෙසේ සති මාස ගණන් ගෙවී ගියේය. දෙපාර්ශ්වයේ ඥාතීන්ට තිබූ ජීවිත තර්ජන පහව ගොස් ඇතැයි කවුරුත් සිතූහ.

ඒ අතරතුර මෝදර ප්‍රදේශයේ අවන්හලක කළමනාකරුවකු ඉලක්ක කරගෙන නාඳුනන තුවක්කුකරුවන් වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. ඒ ඉකුත් 13 වැනිදාය. මෝදර පොලිස් වසමේ මෝදර වීදිය ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලබා තිබුණේ කොළඹ 14 මහවත්ත පටුමඟ පදිංචි වයස 51ක අයකුටය. ඔහු මෝදර වීදිය ප්‍රදේශයේ අවන්හලක කළමනාකරු වශයෙන් සේවය කරන අතර ඔහු එම අවන්හලේ ගේට්ටුව අසල සිටියදී කාර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් ඔහුට වෙඩි තබා පලා ගියේය. ඒ සඳහා පිස්තෝල අවියක් භාවිත කර තිබූ අතර තුවාලකරුගේ දකුණු උරහිසට, බෙල්ලට සහ පාදයකට වෙඩි වැදී තිබිණි.

කෙසේ වෙතත් තුවාලකරු කමනාකාරිත්වය දරන අවන්හල විදේශගතව සිටින පුද්ගලයකුට අයත් බව කියන අතර ඔහු වැල්ලේ සාරංගගේ හිතවතකු බවටද විමර්ශනයේදී අනාවරණය විය.කෙසේ වෙතත් මෙම වෙඩි ප්‍රහාරය පසුපස සිටින්නේ ඩුබායි නිපුණ බවට සැක කරන තොරතුරු වාර්තා විය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹුණු අතර අවන්හල් කළමනාකරුට වෙඩි තැබීමට තුවක්කුකරුවන් පැමිණි සුදු පැහැති මෝටර් රිය ජා-ඇළ ඔතේකැලේ වෙල්යායක් අසල අතහැර ගොස් තිබියදී ඊට පසු දිනෙක සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විය.

එම වෙඩි තැබීම සිදුව දින තුනකට පසු 16 වැනිදා මෝදර ලෙල්ලම ප්‍රදේශයේදී තවත් වෙඩි තැබීමක් සිදුවිය. විමර්ශන නිලධාරීන් සැක කළේ අවන්හල් කළමනාකරුට වෙඩි තැබීමේ සිද්ධියට ප්‍රතිප්‍රහාරයක් ලෙස එම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මෝදර පොලිසිය විමර්ශන පවත්වද්දී විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්‍ෂක වන්නිආරච්චි ඇතුළු කණ්ඩායමක් කඩවත මංකඩ පාර අධිවේගී පාලම අසලදී පුද්ගලයකු අත්අඩංගුවට ගත්හ. ඒ හෙරොයින් ග්‍රෑම් 10ක් සහ මිලිග්‍රෑම් 200ක්ද සමඟය.

ඔහුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ 2007 වසරේ සිට 2013 වසර දක්වා ඔහු ශ්‍රී ලංකා පාබළ හමුදාවේ සේවය කර ඇති බවය. ඉන් අනතුරුව හමුදා සේවයෙන් ඉවත් වූ ඔහු මෑත කාලයේ ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන වැල්ලේ සාරංග සමඟ සම්බන්ධකම් පවත්වා ඇත. එමෙන්ම විශේෂ කාර්ය බළකාය පවසන්නේ වැල්ලේ සාරංගගේ ප්‍රධාන පෙළේ ගෝලයකු ලෙස කටයුතු කරමින් ඉකුත් 16 වැනිදා මෝදර ලෙල්ලම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට මොහු ආධාර අනුබල දී ඇති බවය.

වෙඩි තැබීමට පෙර තුවක්කුකරු මෙන්ම ඊට උපකාර කරගත් ගිනි අවියද තොටළඟ සිට මෝදර ලෙල්ලම දක්වා රැගෙන ගොස් ඇත්තේ මොහුට අයත් ත්‍රිරෝද රියෙනි. වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරු සහ ගිනි අවිය පෑලියගොඩ දක්වා ප්‍රවාහනය කර ඇත්තේද මොහුය. ඒ ඔහුට අයත් ත්‍රිරෝද රියෙනි.

ඉන් අනතුරුව තුවක්කුකරුට පෑලියගොඩ සිට පලායෑමට ඉඩකඩ සලසා ඇති මොහු වෙඩි තැබීමට උපයෝගී කරගත් ගිනි අවිය කඩවත ප්‍රදේශයට රැගෙනවිත් වැල්ලේ සාරංග විසින් දෙනු ලබන උපදෙස් මත වෙනත් පුද්ගලයකුට ලබාදී ඇති බව විමර්ශනයේදී අනාවරණය විය. ඒ අනුව මෝදර වැල්ලේ වෙඩි තැබීම වැල්ලේ සාරංගගේ නියෝග මත සිදුවූවක් බව විමර්ශනයේදී හෙළි විය.

මෙම වෙඩි තැබීම් එකට එක කිරීමක් ලෙස වාර්තා වූ අතර ලෙල්ලමේ වෙඩි තැබීමත් සමඟ ඩුබායි සිටි නිපුණගේද මල පැන්නේය.

මේ ඉකුත් 20 වැනිදාය. ඩුබායි නිපුණ තවත් මිතුරන් දෙදෙනකු සමඟ කොන්ෆරන්ස් කෝල් එකකින් සාරංග සම්බන්ධ කරගෙන තිබුණේය.

“මස්සිනාට සුදු කොඩි දාන්න ලෑස්ති වෙයන්” නිපුණ සාරංගට කීවේය. සාරංග වහා මේ බව සිය  මස්සිනා වූ සුනිල්ට දැනුම් දුන්නේය. ඒ පරිස්සම් වන ලෙස කියමින්ය. කෙසේ වෙතත් සාරංගගේ මස්සිනා උදෑසන 7 වනවිට ඔහුට අයත් මස් කඩේට පැමිණ තිබුණේ එදින බිස්නස් වැඩකටයුතු සඳහාය. ට්‍රේල් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු සුනිල්ගේ මස් කඩය ආසන්නයේ යතුරුපැදිය නතර කළේය. මේ කිසිත් නොදත් සුනිල් කඩේ වැඩකටයුතු කරමින් සිටියදී තුවක්කුකරු හරියටම ඔහු ඉලක්ක කර ගත්තේය. කපාලූ කෙසෙල් කඳක් මෙන් සුනිල් එතැනම ඇද වැටුණේය. වෙළෙඳසලේ ගෝලයාද කලබල වෙද්දී තුවක්කුකරුවෝ නතර කළ යතුරුපැදියේ නැඟී පලා ගියහ. වෙඩි වැදුණු සුනිල් බරපතළ තුවාල සහිතව රාගම ශික්‍ෂණ රෝහලට ඇතුළත් කළද ඔහු ඒ වනවිටත් ජීවිතක්‍ෂයට පත්වී තිබුණේය.

විනාඩි ගණනක් යන්නට මත්තෙන් ඩුබායි සිටි සාරංග මේ බව දැන ගත්තේය. ඔහුට කෝපයක් මෙන්ම වේදනාවක්ද දැනිණි. ඒ මරා දමා ඇත්තේ ඔහුගේ නැඟණියගේ සැමියා වූ නිසාය. කෙසේ වෙතත් විමර්ශන සිදු කිරීම මහබාගේ පොලිසිය වෙත පැවැරී තිබූ අතර බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයද ඊට සම්බන්ධ විය. සාරංගගේ මස්සිනා ඝාතනය කිරීම සඳහා පැමිණියේ කවුරුන්ද යන්න සොයා ගැනීම විමර්ශන නිලධාරීන්ගේ එකම අරමුණ විය. ඒ අනුව නිලධාරීන් වෙඩි තැබීමේ සිද්ධිය අවට ස්ථාපිත සී.ටී.ටී.වී. කැමරා නිරීක්‍ෂණය කළේය.

එම නිරීක්‍ෂණයේදී සාරංගගේ මස්සිනාටවෙඩි තබා පලා යන තුවක්කුකරුවන්ගේ රූප රාමු කිහිපයක් විමර්ශන නිලධාරීන්ට හමුවිය. එහෙත් එම තුවක්කුකරුවන් මෙතෙක් හඳුනාගෙන නැතත් විමර්ශන නිලධාරීන් පවසන්නේ සාරංගගේ මස්සිනා මස් වෙළෙඳසලට පැමිණ සිටින බවට දුරකථන ඔස්සේ ලබාදුන් ඔත්තුවකට අනුව තුවක්කුකරුවන් යොදවා ඔහු ඝාතනය කර ඇති බවය. එමෙන්ම එම ඝාතනය කොන්ත්‍රාත්තුවක් බවද විමර්ශන නිලධාරීහු කීහ.

කෙසේ වෙතත් පාර්ශ්ව දෙක අතර තිබූ වෛරය තවත් දරුණු වන්නට මෙම ඝාතනය ඉවහල් වනු ඇතැයි දෙපාර්ශ්වයට සම්බන්ධ හිතවත්හු පවසති. පාර්ශ්ව දෙක අතර ඇති ආරවුල අළු යට ගිනි මෙන් කොයි මොහොතේ ඇවිලේ දැයි කිසිවෙකු මෙතෙක් අනුමාන කර නැත.

බස්නාහිර උතුර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය මහතාගේ උපදෙස් මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි වී.පී.ජේ. පුෂ්පකුමාර සහ සහකාර පොලිස් අධිකාරි (මෙහෙයුම්) ජනක කුමාර යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
 කීර්ති මෙන්ඩිස්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top