මේ ඒ ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන කතාව.
මාර්තු මාසය දක්වා උෂ්ණත්වය අඩු වැඩි වශයෙන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඊයේ උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය කුරුණෑගල හා රත්නපුර යන දිස්ත්‍රික්කවලින් වාර්තා වුණා.
එම අගය සෙල්සියස් අංශක 36 ක්.
කෙසේ වෙතත් බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව යන පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.