Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
21
"මට තව බිලී 18 ක් ගන්න තියෙනවා" ඇඟිල්ල කොට සුරූපී එතනා සිටි කොටකෙතන ගැන එදා ඇසුණ කතා

- "මට තව බිලී 18 ක් ගන්න තියෙනවා" ඇඟිල්ල කොට සුරූපී එතනා සිටි කොටකෙතන ගැන එදා ඇසුණ කතාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21 Views

කොටකෙතන ගම්මානයේ  අභිරහස් මරණ සම්බන්ධයෙන් විවිධාකාර කටකතා එකල සිදු වූ  ආකාරය ඔබට මතක ඇති.


සමහර අවස්ථාවල කියැවුණේ නිධානයක් වෙනුවෙන් ලබා දෙන බිල්ලක් නිසා මෙම මරණ සිදු කරන බවටයි.

සමහර අවස්ථාවල එම ප්‍රදේශයේ මිනිසුන් අතර සිදු වුණේ ග්‍රීස් යකා නම් යක්ෂයෙක් ගැනයි.

ශරීරය පුරා ග්‍රීස් තවරා ගත් නිරුවත් මිනිසකු ගැනත් කතාබහට ලක්වුණා.

එකල සෑම සවසක නිවසට එබෙන ග්‍රීස් තවරාගත් අත්භූත නිරුවත් මිනිසකු ගැන ආරංචිවලට බියවන ගම්ම්වැසියන් ගැන සැමවිටම කතාබහට ලක් වුණා.

ඉන් කාලයකට පසුව එම අභිරහස් එකින් එක හෙළිවුණා.

වැරදිකරුවන්ට නීතියේ උපරිම දඬුවම හිමිවුණා.

මේ ඒ සම්බන්ධව එකල එම ප්‍රදේශයට ගිය මාධ්‍යවේදියකුවන සංජක ප්‍රසාද් දොලේවත්ත තබා තිබූ සටහනක්.

මිනී මරුවෙකුට දුන් මරණ දඬුවම සහ ඉතිරිව ඇති කොටකෙතන රහස්

මීට වසර 11 කට කලින් සිට කහවත්තේ කොටකෙතන පිළිබඳව මාධ්‍ය වාර්තා කළේ නපුරු කතාය.

එම නපුරු කතා ඇතුලේ මනුස්ස කතා සොයාගෙන මමද කොටකෙතන බලාගියේ එවකට ඉරිදා පුවත්පතකට ගවේශනාත්මක ලිපි මාලාවක් සැකසීම සඳහාය.

එවකට කහවත්ත පොලිස් ස්ථානාධිපති සිටි නෙරන්ජන් අබේවර්ධන මහතාගේ අනු දැනුම ඇතිව මමත් පුවත්පතේ ඡායාරූප ශිල්පී අප අතරින් වෙන්වගිය ප්‍රියන්තත් කොටකෙතන ගමේ තාවකාලික පදිංචි කරුවන් වුනෙමු.

2012-07-19 දින පාන්දර ජාමයේ..

ප්‍රේමවතීගේත්,ඇයගේ දුව වන පුශ්පකුමාරිගේත් මිනී මැරුම දක්වාම කොටකෙතන ගමක් විදියට මා ලගින්ම ඇසුරු කරන්නට වූවේය.

එම මිනීමැරුම කොටකෙතනේ අභිරහස් ලෙස කාන්තාවන් ඝාතනය කරන, ඝාතන රැල්ලේ 16 වෙනි ඝාතනය සනිටුහන් කලේය.

එතැන් සිට කොටකෙතන පිළිබදව මමද අභූත සිතුවිලි පිලිබද සිතන්නට වුවෙමි.

නමුත් අභූත සිතුවිලිවලින් හිත නිදහස් කළ ගතයුතුය.

වේ ගගේ අතු ගංගාවක්..කොටකෙතන ගමපුරා ගලා යන්නේ.

ගොදුරක් ගිල ඉස්මුරුත්ත වූ පිඹුරෙකු ලෙසෙනි.

එම වතුර කලුම කලු පාටය.

"අපේ ගමේ මරලා දාපු හැම ගැහැනියකගේම ගෙදරගාවින් මේ වතුර පාර ගලාගෙන යනවා.

වේ ගගේ කලුවතුර තමයි මේ අභිරහසේ ඇත්තම කතාව දන්නේ."

මේ අභිරහස් ඝාතන රැල්ලේ..

පළමුවෙනිම මිනී මැරුම සිදුකරන්නේ ගමේ රා මදින්නා විසිනි.

කොටකෙතන කුඹුරු යායට එපිටින් තිබෙන කඳු මුදුනට..පිහියකින් ඔලුවට ගසා පනගැහෙන ගැහැනියකගේ සිරුරක් කරමත තබා අරන් යන්නේ මේ කලු වතුර දිගේය.

ප්‍රාණය නිරුද්ද වු මෘත දේහයකට...ලිංගිකව එක්වීමට තිබූ පහත් මානසිකත්වයෙන්...රා මදින්නා අවුරුදු 50 ඉක්මවූ කාන්තාවකගේ හිසට පිහියකින් ගැසුවේය.

එතැන් සිට සිදුවූ සියලු මිනීමැරුම් සියල්ලේම කුමක් හෝ සම්බන්ධයක් වේ ගඟටද ඉතුරු වුනේය.

"අපේ ගමේ නම හැදිල තියෙන්නෙත් අමුතු විදියට..

පුරානයේ ඉදලා තියෙනවා එතනා කියලා ගැහැනියක්..

එයා තමයි ගමේ ලස්සනම කෙල්ල.රජතුමා හැම ගමකම ඉන්න ලස්සනම කෙල්ල රජ වාසලට ගෙන්න ගන්නවලු.

ඊලගට ආවෙ එතනාගේ වාරෙලු.එතනගෙ තාත්තා ,එතනව කැත කරන්න ක්‍රමයක් කල්පනා කරලා,එතනගෙ අතේ මහපට ඇගිල්ල කපල දැම්මලු.

එදා ඉදල එතනා අතකොට එතනා උනාලු.අතකොට එතනාගෙ ගම කොට කෙතන උනාලු."

එම කතාව පිලිබද මම නැවත සිතන්නට වූයේ 16 වෙනි මිනී මැරුමෙනි.

ඒ පුශ්පාගේ මහපට ඇගිල්ල ඇයගේ එක් අතකින් වෙන් වී තිබීමෙනි.කොට කෙතන ගමේ තනිකඩව ජීවත් වන් කාන්තාවන් ගේ එවකට ප්‍රමාණය සියයකට ආසන්නය.ඒ සෑම නිවසකටම පොලිස් පොතකි.

කාන්තාවන් පමනක් ඝාතනය වන මේ අභිරහස් කතාවේ සුල මුල...

තවමත් සොයා ගැනීමට නොහැකි කතාවකි.

පුශ්පාගේ මළගෙදරදී ,සිරිපාල ආවේස වූයේ මා ඉදිරි පිටදීමය.

සිරිපාල පසුව එම ඝාතනයේ සැක කරුවෙකු වී නිදොස් වූ පුද්ගලයෙකි.

ඔහු එදින පුෂ්පාගේ නිවසේ පොල් කඩා වත්ත සුද්ද කළ පුද්ගලයා වූ නිසාත්.හදිසියේ ආවේස වූ නිසාත් ඔහු සැකකරුවෙකු වූයේය.

"මට තව බිලී 18 ක් ගන්න තියෙනවා"

ඒ සිරිපාල ආවේස වී කෑ ගැසූ හැටිය.

කොටකෙතන පිලිබද එවැනි අත්දැකීම් ගනනාවක් මා අත්විඳ ඇත්තෙමි.

මෙම සිදුවීම් මාලාව මුල් කොටගනිමින් පසුව සිනමා පටයක් කිරීමේ අරමුණින් තිර පිටපතක්ද සැකසූවෙමි.

ඒ ප්‍රවීණ සිනමා කලා අධ්‍යක්ෂ බිමල් දුෂ්මන්ත සමගය.

ඊයේ දිනයේදී වසර 11 කට පසුව අධිකරණය විසින් පුෂ්පාගේ මිනීමරුවට මරණ දන්ඩනය නියම කළේය.

නමුත් තව බොහෝ දෑ රහස් ලෙස එම ගම තුළම තවම ඉතිරිව ඇත.

- සංජක ප්‍රසාද් දොලේවත්ත.-
2024.02.20




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top