පිළිකාව කියන්නේ නම් ඇසූ පමණින් බොහෝ දෙනා තුළ බය උපදවන රෝගයක්..
මොකද සමහර වෙලාවට මේ නිසා අපට සදහටම ජීවිතයක් අහිමිවීමට තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි...
පිළිකාවක් වැරදෙන්න කලින් එය වළක්වා ගන්න පුළුවන් අපිටමයි.. ඒ ගැන ඇහෙන අලුත් කතාවක්..
පිළිකා රෝගී තත්ත්වය 30%ත් 50%ත් අතර වළක්වා ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා..
පිළිකා රෝගී තත්ත්වයන් 30% ත් 50%ත් අතර වළක්වා ගැනීමට හැකියාව පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනාවරණය කර ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු පවසනවා..
ඇය මේ බව කියා සිටියේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවති වැඩමුළුවකට එක්වෙමින්..
ලබන 4 වනදාට යෙදෙන ලෝක පිළිකා දිනයට සමගාමීව මෙම වැඩමුළුව පවත්වා ඇති බවයි සඳහන් වන්නේ..