18% දක්වා වැට් බදු ඉහළ දැමීම හේතුවෙන් වාහන අමතර කොටස් ගාස්තු රුපියල් 300-600 අතර මිලකින් ඉහළ යනු ඇති බව වාහන අමතර කොටස් අලවිකරුවන් පවසනවා.
වැට් බදු වැඩි කිරීම ජනවාරි මාසේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූන ද සැපයුම් කරුවන් දැනටම ඇතැම් වාහන අමතර කොටස් නිකුත් කරනුයේ වැඩි මිලකට බවයි වෙලදුන් පවසන්නේ.
එම ඇතැම් අමතර කොටස් පසුගිය මාසයේ පැවති මිලට වඩා රුපියල් 30-40 අතර මිල ඉහළ යාමක්.
ලබන මාසයේ අමතර කොටස් මිල ඉහළ යාම හමුවේ තමන් ඇතුළු සියලු පාරිභෝගික ජනතාව දැඩි පීඩාවට පත්වන බව වෙළදුන් සදහන් කරනවා.