දෙහිවල කවුඩානේ තෙමහල් නිවසේ පහත මාලයේ දී ව්‍යාපාරියකු, බිරිය, දියණිය හා ඥාති දියණියට මිය යාමට හේතුව තවමත් අනාවරණය කර ගැනීමට හැකිව නැහැ. මෙලෙස මියගොස් ඇති ව්‍යාපාරික හුසේන් මව්ලානාගේ සිරුර පුටුවකද මර්සානා නම් කාන්තාවගේ සිරුර කාමරයකද උසානා හා විසානා නම් දැරියන් දෙදෙනාගේ සිරුරු සාලයේ ද තිබී සොයාගත් බවට වාර්තා වෙනවා.
යම් හෙයකින් විදුලි කාන්දු වීමක් හෝ ගෑස් කාන්දු විමක් මෙයට හේතු වන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ. අදාල නිවසේ උඩුමහලේ සේවකයන්ට ද දෙවැනි මහල බංගලිදේශ ජාතිකයන්ට කුලියට පදිංචි වී ඇති බවත් වාර්තා වෙනවා. එමෙන්ම මොවුන් 4දෙනා මිය යන්නට ඇත්තේ පෙර දින බවටයි පොලිසිය සැක කරන්නේ.
නිවසේ දොරවල් අද (16) දහවල් වනතුරු වසා තිබිම නිසා අසල්වැසියකු පොලිසියට කළ පැමිණිල්ලකට අනුව එය පරීක්ෂා කර බැලීමේදීයි මොවුන්ගේ සිරුරු හමුවී ඇත්තේ.
එමෙන්ම මෙම තෙමහල් නිවසේ පහත මාලයේ මුළුතැන්ගෙයි තිබුණු විදුලි උඳුන ද, ෆැන්ට්‍රි කබඩයේ කොටසක් ද, පිඟන් කෝප්ප ආදිය ද පිළිස්සී ඇති බවට ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා. ඒ එමෙන්ම බිත්තිවල ඇඟිලි සටහන් ඇති බවයි එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ...
යම් කිසි හේතුවක් නිසාවෙන් ට්‍රිප් ස්විච් පුවරුවේ යතුරු දෙකක් පහළට වැටී ඇති අතර එයින් පෙනෙනුයේ එය ක්‍රියා විරහිත වී විදුලිය විසන්ධි වී ඇති බව යැයි ද පැවසෙනවා. මෙම නිවසේ ඇති පිහිටීම අනුව එහි සුළං පිටවීම සඳහා ඇති ඉඩකඩ අවම බවටද වාර්තා වෙනවා.