අනුරාධපුර කටුකැලියාව ප්‍රදේශයේ කට්ටඩියෙකුගේ ප්‍රතිකාර ගන්න ගිය කාන්තාවක් හදිසියේ මිය ගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ අනුරාධපුර නෙල්ලිකුලම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි එක්දරු මවක්. ඇය සිය සැමියා සමග ඊයේ සවස කටුකැලියාව ප්‍රදේශයේ පිහිටි කට්ටඩියෙකුගේ නිවසට ගොස් තිබෙන්නේ ප්‍රතිකාර ලබාගැනීමටයි.
එහිදී පුජාවක් තබා ප්‍රතිකාර කිරීමට යාමේදී ඇයට කට්ටඩියා දැඩිලෙස කරදර කල බවයි සැමියා පවසන්නේ.
පුජාව අතරතුර දෙහි ගෙඩියක් ගිල්ලවීමට යාමේදී ඇය සිහිසුන්ව ඇදවැටීමත් සමඟ සැමියා විසින් ඇයව රෝහල් ගත කිරීමට උත්සහ කලද කට්ටඩියා විසින් එය වලක්වා තිබෙනවා.
පසුව සැමියා විසින් අද (14) උදැසන ඇය රෝහල් ගත කිරීමට කටයුතු කලත් ඒ වනවිටත් මෙම කාන්තාව මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කර ඇත්තේ.