Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
10
"අපි දෙන්නම බබෙක්ට ගොඩක් ආසයි... එයත් සුදුසුම කාලේ අපි ළඟට එයි..." "දැන් මට ඉස්සරටත් වඩා මහමෙරක් ආදරය ලැබෙනවා..." පුබුදුගේ බිරිඳ මාෂිගෙන් ආදරණීය කතාවක් - Photos

- "අපි දෙන්නම බබෙක්ට ගොඩක් ආසයි... එයත් සුදුසුම කාලේ අපි ළඟට එයි..." "දැන් මට ඉස්සරටත් වඩා මහමෙරක් ආදරය ලැබෙනවා..." පුබුදුගේ බිරිඳ මාෂිගෙන් ආදරණීය කතාවක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

මාෂි සිරිවර්ධන කියන්නේ පුබුදු චතුරංග‍ගේ ආදරණීය බිරිය.

වසර පහකට පෙරාතුව විවාහ ජීවිතයට ප්‍රවිෂ්ඨ වුණ ඔවුන් දෙදෙනා සුන්දර කැදැල්ලක් තනා සුන්දරව ජීවිතය ගෙවන කලා යුවලක්.

දින, සති, මාස ගෙවෙද්දි ආදරයේ අරුත් බොහෝ ජීවිතවල මැකි යද්දි මාෂි සහ පුබුදු ආදරයට වටිනාකමක් එක් කරමින් පසුගිය දා සිය පස්වන විවාහ දිවි සැමරුමත් සිද්ධ කළා.


මේ සුන්දර ජීවන චාරිකාව ගැන කතා කරන්න මාෂි එක් වුණේ මේ විදිහට.

විවාහ ජීවිතයේ පස් වසරක් ගෙවා ගෙන ඇවිත්. කොහොමද දැන් ගෙවෙන ජීවිතේ.?

අපි විවාහ වෙලා වසර පහක්. විවාහ ජීවිතේ පටන් ගත්තටත් වඩා සුන්දරව ගෙවමින් ඉන්නවා. වසර පහක් ‍එකට ගෙව්වද කියලා දැනුණෙවත් නෑ. අපි ආදරය කරලා විවාහ වුණාට විවාහයෙන් පස්සේ තමයි අපි අතර තියෙන බැඳීම වැඩි වුණේ. අපේ ආදරේ අවුරුද්දෙන් අවුරුද්ද අලුත් වෙනවා වගේ තමයි අපිට දැනෙන්නේ.

බොහෝ අය කියන්නේ විවාහ වුණාට පස්සේ එකිනෙකා ගැන සොයා බැලීම්, ආදරය අඩු වෙනවා කියලා. ඔබේ ආදර කතාවේ ඒ චෝදනාව නැතුව ඇති නේද?

ඇත්තටම ඒක මාර වැඩක්. අපේ ආදරේ එන්න එන්න වැඩි වුණා මිසක් අඩු වුණේ නම් නෑ. ආදරවන්තයන් විදිහට හිටපු කාලෙත් අපි ආදරය කළා. මං නම් විවාහයට කලින්ට වඩා දැන් තමයි ආදරය කරන්නේ. විවාහ වුණාට පස්සේ දැනෙන ආදරය කලින් ආදරයට වඩා වෙනස්. සුන්දර ආදරයක්. දැන් මට ඉස්සරටත් වඩා මහ මෙරක් ආදරය ලැබෙනවා කියලා දැනෙන්නේ. අයියා කවදත් වගේ වෙනසක් නැතුව මං ගැන හොයලා බලනවා. ආදරය කරන කාලේ අපි ගෙවල්වල හිටියේ. එතකොට අපිට බලපෑම් එක්කනේ ආදරේ කරන්න වුණේ. නමුත් විවාහ වුණාට පස්සේ අපි දෙන්නා වෙනම ගෙදරක ජීවත් වෙන්න ගත්තා. ඒ නිසා නිදහසේ අපේ ජීවිතේ විඳින්න අපි දෙන්නට පුළුවන් වුණා. කොරෝනා කාලේ අපි දෙන්නට ගෙදර එකට රැඳෙන්න ‍ගොඩක් අවස්ථාව ලැබුණනේ. දැන් පුබුදු අයියා රූගත කිරීම්වලට ගියාම මට ගොඩක් පාළුයි. ඒත් අපි දෙන්නා අපි දෙන්නට කාලය වෙන් කරගෙන සතුටින් ජීවත් වෙනවා.

පුබුදු මාෂිගේ පළවෙනි ආදරය කියන්නේ ඇත්තද?

පාසල් යන කාලේ ගොඩක් පිරිමි ළමයි යාළු වෙන්න ආවා. ඒත් මම යාළු වුණේ නැහැ. අයියා තමයි මගේ පළවෙනි ආදරේ. එයාට තමයි මම පළවෙනියටම කැමැත්ත දුන්නේ. අයියට නම් ආදර සම්බන්ධතා කලින් තිබිලා තියෙනවා. ඒත් මගේ පළවෙනි තේරීම එයා. ඒ තේරීම හරියටම හරි ගියා.

මාෂි පුබුදුට කැමැති වුණේ ජනප්‍රිය චරිතයක් ‍නිසාද?

ආදර සම්බන්ධය පටන් ගනිද්දි මම එයාගේ රසිකාවියක් නෙමෙයි. මම එයා සම්බන්ධ වුණ නිර්මාණ බලලා තිබ්බේ නෑ. එයා රඟපාපු චිත්‍රපට බැලුවෙත් අපි විවාහ වුණාට පස්සේ. එයා නළුවෙක් වුණ නිසාවත්, එයා ජනප්‍රිය නිසාවත් නෙමෙයි එයා‍‍ගේ ගතිගුණ හොඳ නිසා තමයි මං එයාට කැමැති වුණේ.

පුබුදුගේ ගතිගුණත් ඉස්සර වගේමද? වෙනසක් වෙලා නැද්ද?

ඇත්තට මම ආදරේ කළේ එයාගේ ගතිගුණවලට. ඉස්සර ඉඳන් මට වගේම මගේ පවුලටත් ආදරය කරන කෙනෙක්ට තමයි මම කැමැත්තෙන් හිටියේ. මම මගේ අම්මිට, තාත්තිට, නංගිට, මල්ලිට, අක්කිට ආදරෙයි. පුබුදු අයියත් මගේ ගෙදර අයට ගොඩක් එකතුයි. කොහොමත් මගේ අම්මි එයාට ගොඩක් ආදරෙයි. අයියට තියෙන ගතිගුණ එයා‍ගේ පවුලෙන්ම ආපු දේවල්. එයා‍ගේ අම්මා, තාත්තා කියන්නෙත් හරිම හොඳ අය. සාමාන්‍යයෙන් හොඳ ගතිගුණ බොරුවට පෙන්නන්න ගියොත් ඇත්ත ටික කාලයක් යද්දි එළියට එනවා. ඇත්තටම පුබුදු අයියාගේ මුලින් දැක්ක හොඳ ගතිගුණ තාමත් ඒ විදිහටම තියෙනවා. ඒක මට වටිනවා.

ඔබයි පුබුදුයි අතරේ සාමාන්‍ය වයස් පරතරයක් තියෙනවා. ඒක කොයිතරම් දුරට ඔය ආදර කතාවට වැදගත් වුණාද?

මම කැමැත්තෙන් හිටියේ මට වඩා මුහුකුරා ගිය කෙනෙක් එක්ක විවාහ වෙන්න. සම වයසේ කෙනෙක් ළඟ තියෙන්නේ ගොඩක් වෙලාවට එකම අදහස්. හැබැයි වැඩිමහල් කෙනෙක් විවාහ කර ගත්තම එයාට මට වඩා අත්දැකීම් තියෙන නිසා ඕන දෙයකදි අපට වඩා දෙයක් හිතලා කරන්න, මඟ පෙන්වීමක් කරන්න පුළුවන්. අයියාට හැම දෙයක් ගැනම හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා හොඳ මඟ පෙන්වීමක්, ආරක්ෂාවක් මට ලැබෙනවා. හැම දෙයකදීම හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම එයා මගේ අදහස්වලටත් ගරු කරනවා.

ගෙදර වැඩ රාජකාරීවලටත් පුබුදුගෙන් මාෂිට උදවු ලැබෙනවා ඇති නේද?

අනිවාර්යයෙන්ම. පුබුදු අයියා හරියට මගේ තාත්ති වගේ. මගේ තාත්තිත් අම්මිට උදවු කරගෙන ඉන්නේ. මං ඒ දේවල් පොඩි කාලේ ඉඳන් දැක්කා. උයද්දි මට බැරි වුණොත් පුබුදු අයියා කෑම හදනවා. ඔයා විතරයි මේ දේ කරන්න ඕනේ කියලා දෙයක් බෙදාගෙන නැහැ.‍ ගෙදර පිරිසිදු කරන වැඩ වුණත් දෙන්නම එකතු වෙලා කරන්නේ. ඒ නිසා ලොකු බරක් නැතුව දේවල් කරගන්න පුළුවන්. අපි දෙන්නා යාළුවෝ දෙන්නෙක් වගේ සහයෝගයෙන් වැඩ කරනවා.

ඒ කියන්නේ බිරියක් විදිහට ඔබ සතුටින්?

අනිවාර්යයෙන්ම. දැන් ජීවත් වෙන කාලෙ‍ට මම ගොඩක් ආසයි. මොකද දැන් මම ජීවිතේ නිදහස විඳිනවා. බිරියක් විදිහට ගෙ‍වන ජීවිතේ මම ආසාවෙන් ගෙවන්නේ.

මුලින්ම දකිද්දි නම් පුබුදුට හිතිලා ති‍බ්බේ ඔබ නිළියක් වෙන්න තරම් සුදුසුයි කියලා. ඒ අදහස කොහොම හරි ඉෂ්ට වුණා නේද?

මුලින්ම එහෙම හිතුවට විවාහ වෙන්න ළං වෙද්දි නම් රඟපාන්න යන්න ඕනේ නෑ වගේ හැඟීමකත් හිටියා. හැබැයි දැන්නම් එහෙම ප්‍රශ්නයක් නෑ. හැම හොඳ දෙයකටම මාව උනන්දු කරනවා. මට තිර පිටපතක් ලැබුණට පස්සේ වුණත් එයා චරිතයට හැඩගැහෙන විදිහ පවා කියලා දෙනවා. මට එයාගෙන් ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. අපි දෙන්නගෙම චිත්‍රපට දෙකක් මේ මාසේ තිරගත වෙන්න පටන් ගන්නවා. ඒ මං සම්බන්ධ වෙන යුගාත්‍රා චිත්‍රපටය සහ අයියා සම්බන්ධ වෙන දෙවැනි යුද්ධය චිත්‍රපටය. කොහොම වුණත් මම එයා අධ්‍යක්ෂණය කරන නිර්මාණවලට සම්බන්ධ වෙන්න නම් බයයි.

ඇයි ඒ?

එයා වෘත්තීය මට්ටමෙන් වැඩ කරන්නේ. එතකොට බිරිය කියලා මට විශේෂත්වයක් කරන්නේ නෑ. මට එකපාර දෙබස් මතක හිටින්නෙත් නෑනේ. ඉතිං එයා එක්ක වැඩ කරද්දි බයයි.‍ ඒත් අයියා කළ කෙටි චිත්‍රපටයකට මම රංගනයෙන් සම්බන්ධ වුණා.

ඔබ රංගන ශිල්පිනියක් වුණේ පුබුදු එක්ක විවාහ වුණාට පස්සේ. පුබුදු නිසා ඔබට ක්ෂේත්‍රයේ තැනක් හදාගන්න පහසු වුණාද?

ඇත්තටම නිළියක් වෙන්න අදහසක් මට මුලින් තිබ්බේ නෑ. හැබැයි මම පොඩි කාලේ ඉඳන් වෙ‍ෙළඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. පුබුදු අයියා කියන්නේ හොඳ නමක් හදාගත්ත දක්ෂ රංගන ශිල්පියෙක්. විවාහයෙන් පස්සේ රංගනයට සම්බන්ධ වුණාම අයියට තිබ්බ ගරුත්වය මටත් ලැබෙන්න ගත්තා. සාම‍ාන්‍යයෙන් ක්ෂේත්‍රයට එද්දි කෙනෙක්ට එන බාධා අයියා ක්ෂේත්‍රයේ හිටපු නිසා මට නැති වුණා. ක්ෂේත්‍රයේ හැමෝම මාත් එක්ක ළෙන්ගතුයි. ප්‍රවීණ අධ්‍යක්ෂවරු, ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් මට ආශ්‍රය කරන්න ලැබුණේ අයියා නිසා. අයියා හදාගත්ත තැන නිසා මටත් ක්ෂේත්‍රයේ ගොඩක් අයව ආශ්‍රය කරන්න ලැබුණා. පුබ්බගේ වයිෆ් කියලා ක්ෂේත්‍රයේ අයගෙන් මට ආදරයක් ලැබෙනවා. මම තනියම ක්ෂේත්‍රයට ආවානම් ඉක්මනින් ඒ දේවල් නොලැබෙන්න තිබ්බා.

මාෂි දිගටම රංගනයේ රැඳෙයිද?

ටෙලි නාට්‍යවලටත් මට ගොඩක් ආරාධනා ලැබුණා. හැබැයි මම ටෙලිවලට සම්බන්ධ වෙන්නේ නැති තරම්. මොකද මම ගොඩක් පිට ඉන්න කැමැත්තක් නෑ. සිනමා නිර්මාණ කරන්න මම කැමැතියි. ඒවා යම් කාලෙකින් කරලා නිම කරන්න පුළුවන් නිසා. නිදහසේ හොඳ නිර්මාණ තෝරා ගෙන මට කරන්න පුළුවන්. කලාත්මක නිර්මාණවලට මට ආරාධනා ලැබෙනවා. තව වැඩ කිහිපයකටත් ආරාධනා ලැබුණා. මූල්‍යමය ප්‍රශ්න නිසා ඒ වැඩ නතර වෙලා තියෙන්නේ. ඉදිරියටත් හොඳ නිර්මාණ‍ තෝරා ගෙන සම්බන්ධ වෙනවා.

රංගනයේදී ඔබ සීමා දාගෙන තියෙනවද?

පිටපතක් බැලුවම මේක මොන වගේ නිර්මාණයක්ද කියන දේ අපිට තේරෙනවනේ. මට ගැළපෙන්නේ නැති වැඩ මම කරන්නේ නෑ.

පුබුදුටයි ඔබටයි එකට නිර්මාණවලට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා නේද?

නිහඬ සෙවණැලි චිත්‍රපටයේ අපි දෙන්නා එකට රංගනයෙන් සම්බන්ධ වුණා. රොෂාන් අයියත් ඒ නිර්මාණයට සම්බන්ධ වෙනවා. චැලේන්ජස් චිත්‍රපටය බලද්දි පුබුදු අයියයි රොෂාන් අයියයි කියන්නේ මම ආස කරපු දෙන්නෙක්. ඔවුන් දෙන්නා එක්ක මට රංගනයෙන් සම්බන්ධ වෙන්න ලැබීම ඇත්තටම සතුටක්.

පුබුදු වෙන රංගන ශිල්පිනියන් එක්ක රංගනයට සම්බන්ධ වෙද්දි ඔබට කවදාවත් ඊර්ෂ්‍යා හිතිලා නැද්ද?

නැහැ. පුබුදු අයියා කියන්නේ රංගනය විෂයක් විදිහට දන්න කෙනෙක්. මමත් රංගනයට සම්බන්ධ වෙන නිසා මම දන්නවා මේක මොන වගේ ක්ෂේත්‍රයක්ද කියලා. විෂය දැනගෙන ගරුත්ව‍යකින් අයියා ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ. සමහර වෙලාවට ගෑනු ළමයි බැණුම් අහනවා වැඩ කරද්දි. ඒ නිසා ඒ සමහර නිළියෝ අයියට බයයි. මොකද එයාට වැඩේ හරියට කරන්න ඕනේ.

ඔය දෙන්නගේ කැදැල්ලට පුංචි අමුත්තෙක් දැන්මම ගේන්න අදහසක් නැද්ද?

දැනට අපි දෙන්නා නිදහසේ සතුටින් කාලය ගත කරනවා. අපි දෙන්නම බබෙක්ට ගොඩක් ආසයි. එයත් සුදුසුම කාලේ අපි ළඟට එයි. එදාටත් ‍මේ වගේම සතුටින් සැහැල්ලුවෙන් ඒ අත්දැකීම විඳින්න තමයි අපිට ඕනේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
රසඳුන


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top