Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
19
"මනමාලියක් වගේ ඇඳගෙන පෙට්ටියකින් ගෙදර ආවෙ ඇයි මගෙ දුවේ..." "ගෙදර ඉන්නකොට වගේ හිනාවෙලා ලස්සනට ඉන්නකෝ මගෙ දුවේ.." පෙම්වතා සාහසික ලෙස ඝාතනය කළ චතුරි හංසිකාගේ මව විලාප තියමින් කියපු කතාව...

- "මනමාලියක් වගේ ඇඳගෙන පෙට්ටියකින් ගෙදර ආවෙ ඇයි මගෙ දුවේ..." "ගෙදර ඉන්නකොට වගේ හිනාවෙලා ලස්සනට ඉන්නකෝ මගෙ දුවේ.." පෙම්වතා සාහසික ලෙස ඝාතනය කළ චතුරි හංසිකාගේ මව විලාප තියමින් කියපු කතාව...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32 Views

"මනමාලියක් වෙලා ගෙදරට එනවා දකින්න හිටපු මගේ රත්තරන් දුව මේ විදිහට මනමාලියක් වගේ ඇඳගෙන පෙට්ටියකින් ගෙදරට එයි කියලා මම කිසිම දවසක හිතුවේ නෑ මගේ රත්තරන් දුවේ"...


සාහසිකයකුගේ තියුණු ආයුධ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ කොළඹ සරසවියේ සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබූ 24 හැවිරිදි සරසවි සිසුවියගේ දේහය හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයන ප්‍රදේශයේ නිවසට (18) දා සවස රැගෙන ආ අවස්ථාවේ දී මියගිය සිසුවියගේ මෙසේ මව විලාප දෙමින් පැවසුවාය.

මෙසේ මිය ගොස් ඇත්තේ හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයන අංක 376/49 හි පදිංචි චතුරි හංසිකා මල්ලිකාරච්චි නමැති 24 හැවිරිදි තරුණියකි.

ඇය ඉකුත් 17 දා උදෑසන කොළඹ සරසවියේ අධ්‍යයන කටයුතු සඳහා නිවසින් පිටව ගොස් පළමු දේශනයට සහභාගී වී පසුව ඇගේ පෙම්වතා සමඟ කොළඹ තුරඟ තරග පිටිය අසලට ගොස් කතාබස් කරමින් සිටියදී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මෙසේ මිය ගොස් තිබුණි.

පසුව ඇයගේ මෘත දේහය මහේස්ත්‍රාත් පරීක්ෂණයකට ලක් කොට පශ්චාත් මරණ පරීක්ෂණය (18) දා දහවල් සිදුකිරීමෙන් පසුව දේහය ඥාතීන්ට භාරදී තිබුණි.

ඒ අනුව මියගිය සරසවි සිසුවියගේ මෘත දේහය හෝමාගම දියගම ප්‍රදේශයේ පිහිටි අවමංගල්‍ය ශාලාවකට රැගෙන විත් පසුව පොලිස් ආරක්ෂාව මධ්‍යයේ හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයන ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසට විශාල පිරිසකගේ සෝ සුසුම් මැද රැගෙන එන ලදී.

එම අවස්ථාවට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, කොළඹ සරසවියේ ආචාර්යවරුන් සිසු දරු දැරියන් ඥාතීන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

දේහය නිවසේ සාලයේ තැන්පත් කිරීමෙන් පසුව මියගිය චතුරි හංසිකා මල්ලිකාරච්චි දියණියගේ මව දේහය අසලට පැමිණ හඬා වැටෙමින් මෙසේද කීවාය.

"අනේ මගේ රත්තරන් දුවේ, උදේ මට වැඳලා ගෙදරින් කැම්පස් ගියේ, නැවත මේ විදිහට එන්නද, ඔයාගේ ඔය සුදු ලස්සන මූණ බලාගෙන මේ අපරාධය කොහොම කළාද දෙයියනේ. අවුරුදු විසි හතරක් යනකම් මගේ රත්තරන් දුව මම හැදුවේ වැඩුවේ මේ විදියට දකින්න ද මගේ දුවේ.

ඔයා ලස්සන මනමාලියක් කරල ගෙදරට ගේන්නයි හිතාගෙන හිටියේ. ඒත් අද ඔයා ලස්සනට ඇඳගෙන මනමාලියක් වගේ පෙට්ටියකින් ආවෙ ඇයි මගේ පුතේ. මම හීනෙකින්වත් හිතුවේ නෑ මේ විදියට ඔයා ගෙදරට එයි කියල.

ඇයි මේ වගේ අපරාධයක් කරන්න හිතුණේ. අපි මොන වරදක් කළාටද, ඇයි දුවේ ඔයා කට වහගෙන ඉන්නේ. ගෙදර ඉන්නකොට වගේ හිනාවෙලා ලස්සනට ඉන්නකෝ මගෙ දුවේ. ඇයි අම්මත් එක්ක තරහ වෙලාද හිනාවෙන්නකො මගේ දුවේ.

කෝ එන්න කියන්න මගේ රත්තරන් බාල දුවට, ඔයාගේ අක්කා ඇවිල්ල ඉන්නවා බලන්න එන්න කියන්න, මගෙ රත්තරං පොඩි දුවේ. අක්කගෙ මූණ බලන්න එන්න.:

යනුවෙන් අම්මා විලාප නඟද්දී මියගිය සරසවි සිසුවියගේ බාල නැඟණිය දේහය අසලට පැමිණ විලාප නඟමින් හඬන්නට වීම කාගේත් සිත් සසල වන දසුනක් විය.

මේ අතර තවදුරටත් මව විලාප නඟමින් මෙසේද කීවාය.

"පොඩි දුවේ අක්කගෙ මූණ අතගාන්න. බලන්න අද අක්කගෙ මූණ ලස්සනයි. කෝ වෙනද වගේ අක්කා කතා කරන්නේ නෑනේ. බලන්න හයියෙන් හලෝ කියලා කතා කරන්න. අනේ මගේ පොඩි දුවේ අක්කට ඇහෙන්න හයියෙන් අඩන්නකෝ. ඔයාගේ අක්කා ලස්සනට ඉන්නවා බලන්න දුවේ. අයියා අපට මෙහෙම අපරාධයක් කළේ ඇයි දෙයියනේ."

යනුවෙන් මියගිය සරසවි සිසුවියගේ මව හඬා වැටෙමින් පැවසුවාය.

මේ අතරතුර මෙම අවස්ථාවට සහභාගී වූ පිරිස අතරින් නම කීමට අකමැති ප්‍රදේශවාසීන් කිහිපදෙනකු මෙසේද කීය.

"මේ පවුල කුරා කුහුඹුවකුටවත් කරදරයක් කරපු පවුලක් නෙමෙයි. අම්මයි තාත්තයි යුද හමුදාවේ සේවය කළේ. මේ දූල දෙන්න ඇස් දෙක වගේ පරිස්සම් කරල ඉගැන්වෙ. මහ පොලොවෙ ඇවිද්දත් තණකොළ ගහකටවත් හානියක් නොවෙන විදියට තමයි ඇවිද්දෙ.

ගමට කිසිම කරදරයක් නැතුව තමන්ගේ පාඩුවේ ජීවත් වෙච්ච මේ අහිංසක පවුලට මේ වගේ අපරාධයක් කරපු මිනිස්සුන්ට මේ ලෝකෙන් දෙන්න දඬුවම් මදි. පව් අසරණ මේ දුව. හොඳ අනාගතයක් තිබුණු ඉගෙන ගන්න දක්ෂ දරුවෙක්."

ඡායාරූප - මීගොඩ බී.කේ. කත්‍රිආරච්චි


කොට්ටාව ප්‍රදීප් කුමාර, මීගොඩ බී.කේ. කත්‍රිආරච්චි
දිනමිණ


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top