පියුමි හංසමාලි කියන්නෙ මේ දවස්වල ජනප්‍රිය නිළියක් වගේම නිරූපිකාවක්. පහුගිය දවස්වල පියුමි නුගේගොඩ ටවුන් එක මැද්දෙ ලොකු රණ්ඩුවකටත් පැටලුණා. ඒ පියුමිගෙ හොඳම යාලුවෙක් වෙන ෂශි එක්ක. හැබැයි දැන් නම් පියුමි එයා එක්ක තරහා නෑ කියල සති අන්ත පුවත්පතකට කියලා තිබුණා.
පියුමි හංසමාලි දැන් ප්‍රසිද්ධ ‘‘චණ්ඩි පියුමි“ කියලා නේද..?
ආ..ඔව්.. ඒත් දැන් මම හැදිලා ඉන්නෙ. දැන් මම රණ්ඩු තියෙන අහලකින්වත් යන්නෙ නෑ. කලා ක්ෂේත්‍රයේ කට්ටිය ඉරිසියාවට මට එක එක දේවල් කියනවා. ඒත් මම දැන් රණ්ඩු වලට යන්නෙ නෑ.
ශෂි හේවගේ කියන නිරූපිකාව එක්ක ගහගෙන පොලිසිය ගිය එක ගැන මොකද හිතෙන්නෙ..?
ශෂි හේවගේ කියන්නෙ රණ්ඩු වෙන්න කලින් මගේ හොඳ යාලුවෙක්. අපි අතරේ පොඩි කතාබහක් වෙලා අපි රණ්ඩු කරලා නුගේගොඩදි ගහගත්තා තමයි. දැන් නම් මට හිතෙන්නෙ ගහගත්තෙ අපරාදේ කියලයි. මොකද අපි අද ඉඳලා හෙට මැරෙන මිනිස්සුනෙ.
ඒ කියන්නෙ පියුමි දැන් ශෂි එක්ක ආයෙත් යාලුයි..?
ඔව්..ඔව් මම කිසිම තරහක් නෑ. එයත් තරහා නෑ. ශෂි එයාගේ මහත්තයා එක්ක රට ගියානේ. එයා රට යන්න කලින් අපි දෙන්නා එකට ෂොපිනුත් ගියා. එයා රට ගිහිල්ලත් මට දැන් පිංතූර එහෙම එවනවා. ඉන්ටර්නෙට් එක හරහා අපි සම්බන්ධ වෙනවා. අපි යාලුයි.
ඒ රණ්ඩුව ගැන ඒ දවස්වල මාධ්‍යයේ පළවුණු ඒවා දකිද්දි දැන් පියුමිට මොකද හිතෙන්නෙ..?
මට දැන් හිනා යනවා.. මට තරහත් යනවා. කොහොම වුණත් මම ආපහු කවුරු එක්කවත් රණ්ඩුවල පැටලෙන්නෙ නැහැ. ඒ නිසා මම තරහා ඉවසන් ඉන්නවා.
පියුමි හංසමාලිගේ විලාසිතා ගැන විවේචන ගොඩක් එල්ල වෙනවා නේද.?
ඔව්. ඒත් මම ඒ විවේචන ගණන් ගන්නෙ නෑ. මොකද මම නිළියක් වෙන්න කලින් නිරූපිකාවක්. මොඩ්ල් කෙනෙක් වුණාම ඇති තරම් ලස්සන ලස්සන විදිහට ෆැෂන් කරන්න ඕන.
ඒත් ඕනම ෆැෂන් එකක් අම්මෙකුට ගැලපෙන්නෙ නෑ නේද..?
මම තැනට සුදුසු විදිහට අඳිනවා. එන එන හැම ෆැෂන් එකම කරන්න පසුබට වෙන්නෙත් නෑ හැබැයි. මොකද මට හිතෙන්නෙ ඇඳුමෙන් කතාවෙන් මිනිස්සු මනින්න බැහැ.
මෙච්චර නිළියො නිරූපිකාවෝ ඉඳිද්දි පියුමිට කට කතා හැදෙන්නෙ ඇයි..?
අනේ මන්දා. ඒක මහා කරුමයක්. ඒත් තවත් අතකින් ඒක වාසනාවක්. මොකද කට කතා හැදෙන්නෙ ජනප්‍රිය අයටනේ. හැබැයි ඉතිං මේ පොඩි වයසට මට ජීවිතේ තරම් ප්‍රශ්න එන්නෙ මොකද කියලා වෙලාවකට නොහිතෙනවත් නෙමෙයි.
පොඩි වයසට..?
මගේ වයස අවුරුදු 23 යි. මම ඉපදුණේ 1992 අවුරුද්දෙ. පුතා ඉපදුණේ මට වයස අවුරුදු 17 දි.
පුතා දැන් හුරතල් වයසේ නේද..?
ඔව් එයා ජාත්‍යන්තර පාසලක එක වසරට ඇතුළු කළා.
පුතා කලාවට යොමු වෙනවාට පියුමි කැමතිද..?
අපෝ නැහැ. පුතා කලාවට එනවාට මම කැමති නැහැ. පුතා නම් කැමතියි ටී.වී එකේ පේන්න ඉන්න. හිටපු ගමන් අම්මේ මම මොඩ්ල් කෙනෙක් වෙනවා කියලා එයා කියනවා.
කලාව ගැන ඒ තරම්ම කලකිරිලද..?