තමන්ගේම වසර 6ක් වයසැති මස්‌සිනා ගෙල සිරකර මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලද 15 හැවිරිදි සැකකාර පාසල් ශිෂ්‍යයෙක් ලබන 16 දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මුත්තූර් මහේස්‌ත්‍රාත් එම්. රිස්‌වාන් මහතා පසුගියදා නියෝග කර තිබෙනවා.
සාම්පූර් විද්‍යාලයේ 10 වන වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි මියගිය දරුවාගේ මස්‌සිනා (මවගේ වැඩිමහලු සහෝදරයාගේ පුතා) කෙනකු වන සිංගරාසා සමරජිත් නමැති පාසල් සිසුවෙක්. ඉකුත් 26 දා උදරයේ බැඳගත් කොන්ක්‍රීට් කෑල්ලක්‌ද සමගින් ළිඳක තිබී හමුවූ 6 හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රදේශය පුරා නිවස සමීපයේ ඇති නාවුක කඳවුරේ වැඩක් බවට ගොතන ලද කටකතා ලැව්ගින්නක් සේ ජනතාව අතර පැතිර ගියද සාම්පූර් පොලිස් ස්‌ථානාධිපති තනිවම මෙම සිද්ධිය පිළිබඳව තම සිත තුළ ඇතිවූ ප්‍රබල සැකය නිසා එම පරිසරය පිළිබඳව දැඩි විමර්ශනයක යෙදී ඇත.
පශ්චාත් මරණ පරීක්‌ෂණයේ නිගමනය වී තිබුණේද දියේ ගිලීම නිසා පෙනහලු තුළට වතුර යැමෙන් හුස්‌ම හිරවී මියගොස් ඇති බවටය.
කෙසේ නමුත් පොලිස් ස්‌ථානාධිපති ඒ.කේ. ඒ. සවාහීර් මහතා මියගිය දරුවාගේ නිවසේ නැවතී පාසල් ගිය 15 හැවිරිදි දරුවාගේ මස්‌සිනාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් නම්‍යශීලීව කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සත්‍ය සිදුවීම හෙළිදරව් විය.
සිද්ධිය වූ දින තමන් මියගිය දර්ෂන් හා එක්‌ව බෙල්ලේ හා බඩේ ලේස් පටිවලින් ගල් ගසා සෙල්ලම් කළ බවත් පසුව දර්ෂන්ගේ බෙල්ලේ ගැට ගැසූ ලේස් පටිය ගැලවීමට යැමේදී බෙල්ල හිරවී මරණයට පත්වූ බවත් තමන් බියට පත්ව සිරුර ළිඳට දමා කිසිවක් නොදන්නා ලෙස සිටි බවත් සැකකරු ස්‌ථානාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇත.
රට පුරා මෙම සිද්ධිය නාවුක හමුදාව විසින් කළ බවට පතුරුවා තවත් බිහිසුණු අරගලයක් ඇති කිරීමට සමහර පුද්ගලයන් දේශපාලනඥයන් හා ඇතැම් මාධ්‍ය ගෙන ගිය නින්දිත ප්‍රචාරය ස්‌ථානාධිපතිවරයාගේ ක්‍රියා කලාපය නිසා පුස්‌සක්‌වූ අතර මේ වන විට සියල්ල රටට හෙළිවී ඇත.
මෙම සැකකරු පාසල් යෑම සඳහා මෙම නිවසට ගෙනැවිත් නතර කොට ඇත්තේද ඔහු තද බල ලෙස රූපවාහිනි කතා නැරඹීමට පුරුදු පුහුණු වී ඇති නිසා බවට සැකකරුගේ දෙමාපියන් ස්‌ථානාධිපතිවරයාට පවසා තිබේ. ඇතැම් නාලිකාවල යන දරුණු ගණයේ මිනී මැරුම් ඇතුළත් ජවනිකා මෙම දරුවන් නැරඹීම මීට ව්‍යංගයෙන් බලපා ඇති බවට පොලිසිය සැක පහළ කරයි.