Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
30
හදවත් සංවේදී කළ වීඩියෝව නිසා කීර්ති පැස්කුවෙල්ගේ උපන්දිනයට පුතාගෙන් ලැබුණු අමතක නොවන අමුතුම තෑග්ග - Photos

- හදවත් සංවේදී කළ වීඩියෝව නිසා කීර්ති පැස්කුවෙල්ගේ උපන්දිනයට පුතාගෙන් ලැබුණු අමතක නොවන අමුතුම තෑග්ග - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

100 Views
ගණන් කළ නොහැකි තරම් කමෙන්ට් වලින්
පිටු 100 ගණනක පොතක් ප්‍රින්ට් කරලා

පසුගිය සති කිහිපය පුරාම අපේ රටේ විතරක් නෙවෙයි පිටරට ඉන්න අපේ අය අතරේ හුවමාරු වුණු වීඩියෝවක් තමයි කීර්ති පැස්කුවෙල් මහත්මයා අසාධ්‍ය තත්වයෙන් ලෙඩ ඇඳේ ඉන්න තරුණියකට ගායනා කරපු  ඇය කැමතිම ගීත දෙක.

මේ ගැන හැමෝම කතාවුණේ ඇය මෙලොවින් සමුගන්න අවසන් මොහොත ඇය කැමතිම ගීත ගායනා කරන්න රෝහලට ගිය කීර්ති පැස්කුවෙල් මහත්මයා මොන තරම් මහත්මා ගුණයෙන් පිරි මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරපු කෙනෙක්ද කියලා ඒ වීඩියෝව බලපු හැමෝටම තේරුණු නිසා. ඉතින් තමන්ගේ පියා මේ කරපු වැඩේ ගැන ඔහුගේ පුතා හැටියට කසුන් පැස්කුවෙල් වුනත් ගොඩක් සතුටු වුණා. ඒ සතුට වෙනුවෙන්ම ඔහු තාත්තාගේ උපන්දිනයට අපූරු තෑග්ගක් දුන්නා.


ඒ වෙන මොනවත් නෙවෙයි. තාත්තා සින්දු කියපු ඒ වීඩියෝ එකට ලැබුණු හැම වෙබ් අඩවියකම, ෆේස්බුක් පේජ් එකකම තිබුණු කමෙන්ට් ඔක්කොම පොතකට ප්‍රින්ට් කරලා ඔහුට උපන්දිනේදි තෑගි කරන්න මෙයා කටයුතු කළා.

පිටු 100කට වඩා වැඩි ඒ සංවේදී හදවත් වලින් කීර්තිට ස්තූතිවන්ත වුණු වදන් තව ඕනි තරම් තියෙන්න පුලුවන්. ඒත් කවදාවත් තාත්තා කරපු මේ උතුම් කාර්ය ඔහුට වගේම අපේ හදවත් වලත් මතකයේ රැඳේවී.

මේ ඔහුගේ පුතා ඒ පොත තාත්තාගේ උපන්දිනය දවසේ තෑගි කරපු හැටි...

ඒ අතරේ ඔහු මේ වගේ සටහනකුත් තියලා තිබුණා...

පසුගිය දිනක අපගේ පියාණන් මුහුණ දුන් සංවේදී සිද්දිය අහම්බෙන් සමාජ ජාල, වෙබ් අඩවි තුල ප්‍රචාරය වීමෙන් මුළු මහත් රටක් ඔහුට ආචාර දක්වන්නට, ආශිර්වාද පැසසුම් ලබා දෙන්නට විය. මෙසේ ආශිර්වාද පැසසුම් ලබා දුන් ඔබ සැමට අපගේ හදපිරි ස්තුතිය පිරිනමන්නේ ඉතා නිහතමානී ආඩම්බරයක් හිතේ තබාගෙනය. එමෙන්ම එලෙස එක් වචනයකින් හෝ තම ගෞරවය, ආචාරය පුද කල Comments සංක්‍යාව ගණන් කර ගත නොහැක. එමෙන්ම ඒ හැම සටහනක්ම තාත්තාට කියවීමට හැකි නොවුනාද විය හැක.

අප හට සොයා ගැනීමට හැකි වූ උපරිම comments ප්‍රමාණයක් (Facebook pages/ News Sites/ Youtube) ඔබලාගේ නම්ද සහිතව එකතු කර එය මුද්‍රණය කර සිහිවටනයක් ලෙස අදට යෙදී තිබුණු ඔහුගේ උපන්දිනයේදී ඔහුට තිළිණ කලෙමු.

පිටු 100 ආසන්න ප්‍රමාණයක් තිබූ පොතෙහි ඇති සෑම සටහනක්ම ඔහුට වටිනා බව නොඅනුමානය. එමෙන්ම එවන් පැසසුම්, ගෞරවයට පාත්‍ර වන්නට තරම් වූ පියෙක් අපට සිටීම අපගේ ජීවිත වලටද මහත් ආශිර්වාදක්, ආලෝකයක් බව නිසැකය. තාත්තේ... සුභ උපන්දිනයක් .... !!!


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top