අතුල අමායා ආදර අන්දරයට පහුගිය කාලේ කණකොකා හැඬුවා කියලා රටවටෙන් කතා ඇහුණා. සමහර කීවේ අතුල මේ වෙනකොටත් අමායව දාලා ගිහින් වෙනම ජීවත් වෙනවා කියලා. කොහොම වුනත් පුංචි පුංචි තැන්වලින් එළියට ආව මේ කතාවල ඇත්ත නැත්ත අමායාගෙන්ම අහගන්න හිරු ගොසිප් අපිට පුලුවන් වුණා. ඒ ගැන ඔබට තිබුණු ප්‍රශ්නවලට අමායා පිළිතුරු දුන්නේ මෙන්න මේ විදියට....
ඔබ අතුලව විවාහ කරගන්නේ ජනප්‍රිය වෙන්නද ?
නැහැ, එහෙම දෙයක් ගෑවිලාවත් තිබුණේ නෑ
සැමියෙක් හැටියට අතුල කොයිවගේද?
ආදරවන්තයෙක් විදියට හොඳ ආදරවන්තයෙක්, සැමියෙක් හැටියට..... මට ඒකට හරියට උත්තරයක් දෙන්න බෑ. ඒ ගැන මට වඩා සමිතා දන්නවා ඇති හොඳට, මං එක්ක හිටියට වඩා කාලයක් එයා සමිතා එක්ක හිටියා. පවුල් ජීවිතේදී අතුල සමහර තැන්වලදී ෆේල්..
අතුල අමායා විවාහ වෙලා ඉන්නකොට අතුල සමිතා විවාහ සංවත්සරය සැමරුවා ?
ඒකට මම විරුද්ධයි. වෙන්වුණු දෙන්නෙක් සංවත්සරයක් සමරන්න ඕනි කියලා මම හිතන්නෑ, හැබැයි මම එයාලට දොස් කීවේ නෑ, මෝඩකම හෝ මට රිදවන්න කරපු දෙයක් කියලා හිතනවා, හැබැයි මම හිත රිද්දගන්නේ නෑ, අතුල වගකියන්න ඕනි මගේ ස්වාමිපුරුෂයා හැටියට ඒ වගේ දෙයක් නොකර ඉන්න,
මේ සංවත්සරය සමරන්න මුල් වුණේ අතුලද සමිතාද ?
අතුල නෙවෙයි, එයා රිදවන්න හිතාගෙන කිසිදෙයක් කරන කෙනෙක් නෙවෙයි, සමහරවිට එහා පාර්ශවය වෙන්න පුලුවන්, සමිතා එක්ක මම කාලයක් හොඳින් හිටියා, හැබැයි අතුලයි මමයි විරසක වුණාම සමිතා ඒකෙන් ප්‍රයෝජනගත්තාදෝ කියලා හිතුනා, මම ඈත්වෙන්න ඈත්වෙන්න සමිතා ළංවුණා මිසක් අපි දෙන්නා එකතුකරන්න සමිතා ට්‍රයි කළේ නෑ, මම කෙළින් කතා කරනවා, බය නෑ කාටවත් ඒකයි මෙහෙම කතාකරන්නේ..
මේ මාර්තු වලට අතුලට අවුරුදු 50යි. සමහරවිට ඒ දවසට මට විෂ්කරන්න අයිතියක්වකත් නැතිවෙයි. ඒ නිසා දැන්ම විෂ් කරන්නම්. "Happy Birth Day" අවුුරුදු 50ක් ගියත් හැමදාම ලස්සනයි ඔයා, සතුටින් ඉන්න මම ළඟ හිටියත් නැතත්,
මේ ගැන හිරු ගොසිප් එක්ක අමායා කීව කතාවේ සම්පූර්ණ වීඩියෝව පහතින්.....VIDEO