පසුගිය 2වනදා අඟුණකොළපැලැස්ස උස්වැව ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුව මහ රෑ වෙඩි තබා ඝාතනය කර පසුව ටී 56 ගිනි අවියක් දමා පලාගිය සැකකරු වන අජිත් ප්‍රියන්ත නොහොත් ‘‘චණ්ඩි‘‘ නමැත්තා බරවකුඹුක ප්‍රදේශයේ සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 02දා රාත්‍රි මියගිය පුද්ගලයන් දෙදෙනා චණ්ඩි නමැති සැකකරු ඝාතනය කිරීම සඳහා ඔහු සොයා නිවෙසට පැමිණ තිබෙනවා. ඒ අවස්ථාවේ ඔහු ගෙදර මිදුලේ සැඟවී සිට ටී. 56 රැගෙන පැමිණි දෙදෙනාගෙන් ගිනි අවිය අතැති පුද්ගලයාට උදැල්ලකින් පහරදී තිබෙනවා.
ඒ සමඟම ගිනි අවිය බිම වැටුණු පසු එය අහුලාගෙන යතුරුපැදියෙන් පැමිණි දෙදෙනාට වෙඩි තබා ඝාතනය කර ඇති බවටයි වාර්තා වන්නේ.