දෙමටගොඩදී පුද්ගලයෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැටලු සහගත බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.
කොට්ටාව ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළා.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ පොලිස් කොමිසම පැමිණි පසු දේශපාලන අතගැසීම් වලින් තොරව නීතිය හරි අගේට ක්‍රියාත්මක වන බවට පැවසුවත් එය එසේ නොවන බවයි. යහපාලන සුර දූතිකාව හිරුණිකා අනුන්ගේ පවුල් ආරවුල් විසඳන බවත් ඒ සඳහා ඩිෆෙන්ඩර් දැන් යොදා ගන්න බවත් ඔහු පවසා තිබෙනවා.
ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්....
දැන් කිව්වේ පොලිස් කොමිසම ආවාම නීතිය හරි අගේට ක්‍රියාත්මක වෙනවා දේශපාලන අතපෙවීම් නෑ කියලා. දැන් මොකද වෙන්නේ? අර හිරුණිකා මැතිනිය යහපාලන සුර දූතිකාව. අනුන්ගේ පවුල් ආරවුල් විසඳනවා. එයා තමයි දැන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු. චූදිතයාව ගේන්න යවනවා ඩිෆෙන්ඩරයක්. එයාගේ ආරක්ෂකයෝ යවලා ගෙන්වනවා කාර්යාලයට. නගිනවා මේසේ උඩට. අහනවා නඩුව. දෙනවා තීන්දුව යහපාලනය වනාහි හිරුණිකා විසින් නඩු ඇසීමය. දැන් කෝ නීතිය ? දැන් නිකං හිතන්නකෝ මෙතෙන ඉන්න මන්ත්‍රී කෙනෙක් එතුමන්ලාගේ වාහනයක් යවලා ඔය අනුන්ගේ පවුල් ආරවුල් විසඳන්න චූදිතයාව තමන්ගේ කාර්යාලයට ගෙනන්ලා ප්‍රශ්න කළානම් පොලිසිය නීතිපතිගේ උපදෙස් විමසනවාද අත්අඩංගුවට ගන්නවාද කියලා? නෑ.. වාහනයත් හිරුණිකාගේ. ගිහිල්ලා තියෙන්නේත් හිරුණිකාගේ ආරක්ෂකයෝ. ගෙනල්ලා තියෙන්නෙත් හිරුණිකාගේ කාර්යාලයට. පොලිසිය නීතිපතිගෙන් අහනවා මොකද කරන්නේ කියලා. පොලිසිය හරි බබා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක තොත්ත බබා. ඒ පැත්තේ ප්‍රශ්නවලදී පොලිසිය තොත්ත බබා. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක ඉන්න මොකක් හරි හුළඟට හමන වරදක් හරි අහුවුණොත් නීතිපති උපදෙස් නැත. වහාම දඩයම පටන් ගන්නවා.VIDEO