බොහෝම කෙටි කාලෙකින් ප්‍රේක්ෂක හදවත් දිනාගත්ත, චමත්කා මෑතකදී යූටියුබ් නාලිකාවක් සමඟ එක් වෙමින් මේ විදිහට ඇගේ ජීවිතේ මතක බොහෝමයක් බෙදා හදාගෙන තිබුණා.
කාලෙන් කාලයට නිවුස් මවන්නත් දක්ෂයිනේ ? ලොකුම විවේචන?
තාමත් විවේචන එන්නෙ ගිනියම් රෑට තමයි. හුස්මට විවේචනයක් නෑ මට. ගිනියම් රෑ කළේ 2016 ෂූට් කළේ. තාමත් ඒකට බෑඩ් කමෙන්ට්ස් එනවා. ඉතින් ඒ කාලේ වගේම දැනුත් රිජෙට් කරනවා. තාමත් මිනිස්සුන්ට මාව මතක ගිනියම් රෑ චමත්කා විදිහට. මම හිතුවා හුස්ම නිසා ඒක කැඩෙයි කියලා. ඒත් තාම කතා කරන්නෙ ගිනියම් රෑ ගැන.... ගිනියම් රැයින් පස්සෙ මම සරුංගල් ෆිල්ම් එක භාරගත්තා. හුස්මෙන් පස්සෙ වෙනස්ම චරිත ටිකක් මට හම්බුණා.
පුතා ගැන..?
මම ඇත්තටම දරුවෙක් හදන කාලෙක නෙවෙයි දරුවෙක් හැදුවේ. මගේ පීක් ටයිම් එක. හුස්ම රිලීස් වෙද්දි මම ප්‍රෙග්නට්.. මම ඒක බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් නෙවෙයි. හැබැයි දෙයියෝ දුන්න දෙයක්නේ. අග්‍ර කියලා නම දැම්මෙත් ඒකයි. මට පොඩ්ඩක් ළමයා එක්ක ඉන්න තියෙන කාලේ අඩුයි. ඒත් උපරිම ඉන්නවා. එයා නිදහසේ ඉන්න දරුවෙක්. එයා විඳිනවා. මම ඒ මොහොත බලාගෙන ඉඳලා විඳිනවා. මම ඒ වෙද්දි වැඩ භාර අරන් හිටියා. ඒවා කල් දාන්න වුණා. මම ඩිප්‍රෙස් වෙන්න ආවා. හැබැයි හැමෝම එකතු වුණා. ෆැමිලි එක කියන එක මට දැනෙන්න ගත්තා. ඒ නිසා මම පාලනය වුණා.
ලංකාව වගේ රටක, පුතා ලොකු වෙනකොට... කතා වේවිද? බලපාවීද?
එයාටත් ප්‍රශ්න එයි. එයාව ඉස්කෝලේකට දැම්මම ඔයාගේ අම්මා මේකේ රඟපෑවා නේද ඒ කාලේ , එහෙම අහයි ඉතින්. ඒවාට එයා මුහුණ දෙයි. මම ඒකට එයාව බඩේ ඉද්දිම හැදුවා කියලා මම විශ්වාස කරනවා. මම කියන් නෑ මගේ දරුවා ලොකු වෙලා මේකටම එන්න ඕනි කියලා. කලාවට ලව් කරයි එයා. එයා මං ගැන වැරදියට හිතන් නෑ කියලා මට විශ්වාසයි. ඒ හිතුවත් එයා කවදහරි ඇහුවොත් ඇයි අම්මා අර වගේ ෆිල්ම් වල රඟපෑවේ කියලා අමාරු වෙයි. එයා එක්ක වෙනස් සංවාදෙකට එන්න ආසයි මම..