මීට වසරකට පෙර සසන්තිගේ ආදරණීය මල්ලි හදිසි අනතුරකින් දිවි ගමන නිමා කරනවා.
ඉතින් තවමත් මල්ලිගේ වියෝවෙන් වේදනා විඳින සසන්ති, ඇගේ මුහුණු පොතට සංවේදී සටහනක් සහ ඡායාරූප පෙළක් එක් කර තිබුණා.
"අදින් අවුරුද්දකට කලින් මම ඔයාව අන්තිමට දැකලා කතා කළා. කවුරුහරි මගේ හදවත ඉරා දැම්මොත් එයාලා ඔයාගේ නම දකිවී. ඔයාගේ පවුල කැබලිවලට කැඩිලා, ඒක කාටවත් නැවත නිර්මාණය කරන්න බැහැ.."
"අපි අපි වෙනුවෙන්, අපේ පුළුන් (මල්ලි) වෙනුවෙන් ශක්තිමත් වෙන්න උත්සාහ කරනවා. ඔබ අපේ පවුලේ ළඳරුවා. (බාලයා) නමුත් ඔයා අපිට නිවැරදි මඟ පෙන්නුවා. මට ඔයා නැති හැම තප්පරයක්ම පාලුයි මල්ලි.."
"ඔයා මේ ලෝකෙට ආවේ පරිපූර්ණ ළඳරුවෙක් විදිහටයි. අනතුරෙන් ඔයාට සීරිමක්වත් සිදු වුණේ නෑ, ඔයා පුලුන් වගේ වාතයට මිශ්‍ර වුණා.. මම ඔයාට නියම නම දීලා තියෙන්නෙ මගේ මල්ලි..."
"මගේ එකම පැතුම ඔයාව මේ සංසාරේ හමුවෙන්න. කොතනක හිටියත් සතුටින් ඉන්න.."