Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
24
ජන­පති සට­නට මැති සබය රත් කළ මෑත කාලයේ උණු­සුම්ම පැය තුන ගෙවුණු හැටි මෙන්න...

- ජන­පති සට­නට මැති සබය රත් කළ මෑත කාලයේ උණු­සුම්ම පැය තුන ගෙවුණු හැටි මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views


ඉතිහාසයේ පළමුවරට දියවන්නා ඔය මැද පැවැති ජනාධිපතිවරණ සටන අවසන් විය. ඒ පසුගිය ජූලි 20 වැනිදා 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස වැඩබලන ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහයන්ගේ ජයග්‍රහණයෙන් අනතුරුවය.



ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ අන් කවරදාකවත් ලංකාවාසීන් අත් නොදුටු ආකාරයේ මැතිවරණ හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කරමින් පාර්ලිමේන්තු මැති ඇමැතින්ගේ ඒකාන්තර ඡන්දයෙන් ජනාධිපතිවරයකු පත්වූ පළමු අවස්ථාව වූයේද මෙයයි.

ගෙවුණු ජූලි 19 වැනිදා නව ජනාධිතිවරයකු සඳහා නාම යෝජනා දීමෙන් ඇරඹියේ තුන්කොන් සටනකිනි. බොහෝ දෙනෙකු රනිල්, සජිත් හා ඩලස් තුන්කොන් සටනක් අපේක්ෂා කළද, අවසානයේ එය රනිල්, ඩලස් හා අනුර අතර තුන්කොන් සටනකට පෙරළිනි. අවසානයේ එය දෙකොන් සටනකට පෙරළිණි. අනුර ඡන්දයට තරගකාරීත්වයක් එක් කළේ නැත.

මැති සබය එදත් අදත් රටට අපූරු පුවත් මැවුම් ස්ථානයකි. මැති සබයේ සිදුවන දෑ දෙනෙත් දල්වා සිටි ජනතාවට මෙදා තම නියෝජිතයන්ගේ ඡන්දය කාට හිමිවේද යන්න අවිනිශ්චිත විය. තුන් කොන් සටන තීරණාත්මක සටනක් බවට අවසාන මොහොත දක්වාම පෙරළී තිබුණි. ජනාධිපතිවරණ ඡන්ද සටන කවදත් උණුසුම්ය. මෙවර රනිල්ද? ඩලස්ද? රටේ ජනතාවට පමණක් නොව ජනතා නියෝජිතයන් 225 දෙනාටම අවසානය තෙක් එය අවිනිශ්චිත විය. එක් අතකින් ජනාධිපතිවරණ සටන රහස් ඡන්දයකි. මහජන නියෝජිතයන් ඡන්දයට පෙරාතුවම විවිධ තීන්දු තීරණ ගනිමින් පිල් බෙදුණි. පිල් බෙදූ ආකාරයන්ම ඔවුන් මනාපය ප්‍රකාශ කරාවිද? රහස් ඡන්දය ගැන දන්නෝ සැක පළ කළහ. තවත් අය ඔට්ටු ඇල්ලූහ. ඇතැමුන් ගණිත දැනුමින් ජය පරාජය තීන්දු කරන්නට විය. රටේ සිදුවන මේ දෑ එහි කැඩපතක් බඳු මැති සබයෙන්ද දිස්වූයේ අපූරුවටය.

කුමාර වෙල්ගම සිය අසනීපයෙන් පසු පාර්ලිමේන්තුවට පැමිණ ඉදිරිපෙළ අසුනක වාඩි වී සිටීම කාටත් සතුටු දසුනක් විය. පෙරවරු 10ට ඇරඹි පාර්ලිමේන්තු සභාවාරය අමතමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන දිනයේ සුවිශේෂිත්වය සැමට මතක් කරන්ට විය.

“ මේ පෙර නොවූ විරූ ඓතිහාසික දිනයක්. රටත්, ලෝකයත් අද දින පාර්ලිමේන්තුව ගැන විශේෂ අවධානයෙන් පසු වන්නේ. ඒ නිසා මනා සංයමයෙන් හා ආදර්ශමත්ව පාර්ලිමේන්තුව පැවැත්වෙන තෙක් කටයුතු කරන්න...

පෙරවරු 10.10 ඡන්ද විමසීම ආරම්භ වූයේ මන්ත්‍රිවරුන්ට යළිත් සභා ගැබට පැමිණෙන ලෙස දැනුම් දෙන ගණ පූරණ සීනුව නාද වීමෙනි. මේ සුවිශේෂි දිනයේ රටේ ජනතාවට පාර්ලිමේන්තුවේ 225 ම නියෝජනය දැකිය හැකිවීම දුලභ අවස්ථාවකි. අනතුරුව 10.20 ට සිදුවූයේ ඡන්ද පෙටිටිය විවෘත කර සභා ගැබට පෙන්වීමේ කටයුත්තය. පාර්ලිමේන්තු සභා ගැබේ වූ සේවකයකු විසින් ඡන්ද පෙටිටිය විවෘත කර මැති ඇමැතීන්ට පෙන්වීමේදී විවිධාකාර අය එය හිස්වූ පෙටිටියක්ද යන්න අත්වින්දේ විවිධාකාරවය. පිරිසක් එය තැකුවේද නැත. තවත් අය ආසනයෙන් නැඟිට ඇත්තමට එය හිස්දැයි පරීක්ෂා කළේය. විපක්ෂයේ නලින් බණ්ඩාර පෙටිටියට අත දමා බැලුවේ අතට හෝ හසුවන යමක් ඇත්දැයි කියාය. ඡන්ද පෙටිටිය පෙන්වීම බොහෝ දෙනෙකුට රසබර අත්දැකීමක් විය. සිය නමේ අකාරාදි පිළිවෙළ අනුව ඡන්ද නාම සලකුණු කිරීම ආරම්භ වූයේ පෙරවරු 10.25 ටය. මුලින්ම ඡන්දය ප්‍රකාශ කරන්නට අවස්ථාව සැලසුණේ කථානායක මහින්ද යාපා අබේවර්ධනටය. ඒ ගෞරවනීය ඡන්දයකට ආරම්භයක් සපයමිනි. දෙවැනි අවස්ථාවට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා වූයේ වැඩබලන ජනාධිපතිව සිටි රනිල් වික්‍රමසිංහටය. අත්පොළොසන් මධ්‍යයේ ඔහු ඡන්දය ප්‍රකාශ කළේ සුපුරුදු නිරහංකාර පෙනුමිනි. වැඩබලන අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහයන්ගේ එදින හැසිරීම ගැන බොහෝ දෙනා සුවිශේෂි සටහන් එක් කළහ. තමන්ට ජයග්‍රහණය හිමිවන බවක් ඔහුගෙන් පිළිබිඹු වූයේ නැත. සුපුරුදු පරිදි මෙදා පුටුවට බරවූ ඔහු සිදුවන සියල්ල උපේක්ෂාවෙන් බලා සිටියේය. කතා කළේ අවශ්‍ය විටක පමණි. විටක ඔහු සභාවෙන් පිටතට ගියේය.

පිය පුතු ජනක බණ්ඩාර හා ප්‍රමිත බණ්ඩාර මනාපය සලකුණු කරන්නට පැමිණියේ එකවරය. වසන්ත යාපා මෙන්ම අනුර ප්‍රියදර්ශන යාපාද එසේම එකම වේලාවක මනාප සලකුණු කළ අය වෙති. චාමර සම්පත් දසනායක පැමිණියේ සජබයේ දැඩි අත්පොළොසන් මධ්‍යයේය. ඔහුගේ මනාපයේ විශේෂත්වයක් ඔහුද නොදුටුවෙන් “ මම ජනාධිපතිවරණයට ඉදිරිපත් ‍ෙවනවා වගේනේ“ පවසමින් ඔහු ඡන්දය දුන්නේය. එවන් උණුසුමක් මැවූයේ ඔහු පසුගිය කාලයේ වැඩ බලන ජනපති රනිල් වෙනුවෙන් පෙනී සිටීම නිසාය.

මෙවර ජනාධිපතිවරණය කොයි කාටත් විශේෂත්වයකි. මැති ඇමැතීන්ටද එය කොතෙක් දුරට විශේෂිතදැයි අවස්ථා කිහිපයකදීම පෙනෙන්නට විය. සමහරු අද පාර්ලිමේන්තුව ජාතික රෝහලක් වගේ යැයි පවසනු ඇසුණි. “ඩොක්ටර් ගයාෂාන් නවරත්න“ යැයි නම කියන විට තවත් සමහරු පැවැසූයේ “ ඔක්කොම දොස්තරලා. මේක රෝහලක් වාගේ...“ යනුවෙනි. සුළු මොහොතකින් රෝහලක ලක්ෂණ ඉස්මතු වූයේ මන්ත්‍රීන් දෙපොළක්ම රෝහලේ සිට සිය මනාපය සලකුණු කරන්නට මැති සබයට පැමිණී නිසාය. මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් රෝහලේ සිට පැමිණියේ සේලයින් බෝතලයද අතැතිවය. මහලේකම් විසින් දැනුම් දීමෙන් අනතුරුව දෙදෙනකුගේ පිහිටෙන් මනාපය දුන් ඔහු යළි රෝහල්ගත වීමට ගියේය. ඉන් අනතුරුව මන්ත්‍රී ඩී වීරසිංහද පැමිණියේ රෝහලේ සිටය. සේලයින් බෝතලයක් නොතිබුණද ඔහු දෙදෙනෙකුගේ අත් වාරුවෙන් පැමිණියේ මහත් අපහසුතාවෙනි. පසුව වාර්තා වූයේ මොවුන් දෙදෙනාම ඩෙංගු රෝගයෙන් රෝහලගත වී ඇති බවකි. ආර් සම්බන්දන් මනාප ලබා දීමට පැමිණියේ තිදෙනෙකුගේ අත් වාරුවෙන් ඉතා අපහසුවෙනි. රාජපක්ෂවරුන්ගේ ඡන්ද ආරම්භ වූයේ මන්ත්‍රී චමල් ගෙනි. අවසාන ඡන්ද දායකයා වූයේ මන්ත්‍රී සරත් ෆොන්සේකාය. ඒ 11.45 ට පමණය.

මේ වන විට දෙදෙනකු නොබියවම සිය මනාපය සලකුණු කිරීමෙන් වැළකී සිටින්නට තීන්දුවක් ගෙන තිබුණි. ඒ මන්ත්‍රීවරුන් වන සෙල්වරාජා ගජේන්ද්‍රන් හා ජී. ජි.පොන්නම්බලම්ය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු නියෝජනය කරන මන්ත්‍රීවරු තිදෙනෙක් එදින උදෑසන විදෙස් සිට ඡන්දය වෙනුවෙන්ම පැමිණි බවට වාර්තා විය. ඒ අරුන්දික ප්‍රනාන්දු, ප්‍රේමලාල් ජයසේකර හා කනක හේරත්ය.

කවුරුන් නව ජනාධිපති වේද? අපේක්ෂකයෝ නිහඬය. සභා ගැබේ සමහර විපක්ෂ පක්ෂ මැති ඇමැතීන් ඒ වන විට දිනන අපේක්ෂකයා කවුරුන්ද යන්න ගණන් හදමින් සිටියහ. ඒ අතර ඇමැති සුසිල්, බන්දුල ගුණවර්ධන, නලින් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි ඒ අතර ප්‍රධානය. ගැලරියේ සිටි සමහර මාධ්‍යවේදීන්ද එසේමය. ඒ එය එතරම් උණුසුම් වූ නිසාය. ඡන්ද දායකයෝ දෙනෙත් දල්වා මේ අවස්ථාව බලා සිටින්නේ තමන්ගේ අපේක්ෂකයා දිනන තෙක්ය. ඡන්දය ගණින අවස්ථාවට සහභාගී වීමට අපේක්ෂකයන්ට හෝ ඔවුන්ගේ නියෝජිතයන් තිදෙනෙකුට අවස්ථාව හිමි විය.

වැඩ බලන ජනපති රනිල්ගේ නියෝජිතයා හරීන්ය. ඩලස්ගේ නියෝජිතයා ඩිලාන්ය. අනුර කුමාරගේ නියෝජිතයා ප්‍රකාශ කරන අවස්ථාවේ ඔහු ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ කිසිවකුත් සභා ගැබේ සිටියේ නැත. අනතුරුව පැමිණි අනුර කුමාර සිය නියෝජිතයා වශයෙන් පත් කළේ විජිත හේරත්ය.

තේරීම් භාර නිලධාරී වූ මහලේකම්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹි ඡන්ද ගණන් කිරීම පළමුවෙන්ම සිදු කෙරුණේ වලංගු හා අවලංගු වෙන් කිරීමය. ශබ්ද නගා මේ වෙන්කිරීමේදී අවලංගු පෙට්ටියට වැටුණේ ඡන්ද පත්‍රිකා 4කි. ඉන් අනතුරුව අපේක්ෂකයින්ගේ සහභාගිත්වයෙන් මනාප ගණන් කිරීම ඇරඹිනි. විපක්ෂයේ බොහෝ පිරිස් සජිත් ප්‍රේමදාස වටා රොක් වී සිටියහ. යම් හෙයකින් ඩලස් දිනුවහොත් තමන්ගේ විපක්ෂ නායක අගමැති කරවන සිහිනය ඔවුන් තුළ විය. සමහරුන් සිය ආසන වලින් බැහැර වී ආසන්න ස්ථානයකට වී අවධානයෙන් පසුවූයේ එහා මෙහා මාරුවන ඡන්ද පත්‍රිකා අනුව අනුමාන කළ හැකිදැයි බලමිනි.

“රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඔබලා දක්වන සහයට ස්තූතියි. ඒත් කරුණාකරලා ආසන වලින් වාඩිවෙන්න....“ කථානායක හීන් නූලෙන් පැවැසූයේ සභා ගැඹේ සිනා මධ්‍යයේය.

මේ වන විට ඡන්ද 223 ක් ප්‍රකාශිත වී තිබුණි. දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ. 219 ක් වලංගු ඡන්ද වී තිබුණි.

ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනො සිදුවන දේ දෙස නිහඬව බලා සිටියදී මනාප ගණින්නට විය. මනාප අවසාන අදියරේදී ඇමැති හරීන්ගේ ඉඟි බිඟි, සංඥා බලා සිටි සැමට අපූරු පුවත් මවන්නට විය. විටක ඔහු කිසිත් නොකියා අත ඔසවා සංඥාවක් දුන්නේය. තවත් විටක ගණින කොළේ ඔසවා දෙපැත්තටම පෙන්වූයේ සිනා මුසු මුහුනිණි. එක් වරක් හරීන් ලකුණු ද කියනු ඇසිනි. ඩිලාන්ගේ මුහුණ මැළවී ගොස්ය. විපක්ෂය බලා සිටියේ සිදුවන්නේ කුමක්ද යන්නයි. ජයග්‍රහණය ප්‍රකාශ කිරීමට පෙරම හරින්ගේ නිල නොවන සංඥාව රටම බලාසිටි පණිවිඩය ගෙන දුන්නේය.

ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ වසර 45 ක දිගු ඉතිහාසයක් ඇති, 6 වතාවක් අගමැතිකම් හා විපක්ෂ නායකකම් දැරූ වැඩබලන අගමැති ධූරයේ කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ වැඩි ඡන්ද 52 කින් අගමැති තනතුරට පත් වූයේ ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා බවට පත්වෙමිනි. මෙම ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ ඡන්ද 134 ක් හා ඩලස් අලහප්පෙරුම ඡන්ද 82 ක් ලබාගෙන තිබුණි. ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර ට ලැබුණේ මානප 3 ක් පමණි. ඒ ඔහු ඇතුළු තම පක්ෂයෙන් මන්ත්‍රිවරුන් දෙදෙනාගේ මනාප පමණි. විපක්ෂය ඇතුළු ඩලස් ගේ නියෝජිත කණ්ඩායම මීට වඩා වැඩි ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් සිටියද ඔවුන් බලාපොරොත්තු වූ පරිදි මනාප ලැබුණේ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 09 ක් ,පොදුජන පෙරමුණේ සභාපති ජී. ඇල් පීරිස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුර යාපා පිලහි මන්ත්‍රීවරු, නාලක ගොඩහේවා, චන්න ජයසුමන සහ ගෝඨාභය රාජපක්ෂගේ වියත්මග නියෝජනය කළ මන්ත්‍රීවරු, දෙමළ පක්ෂ කිහිපයක් ඒ වන විටත් සිය සහය ඩලස්ට ලබා දෙන බවට පොරොන්දු වී තිබුණි. නමුත් කිහිප දෙනකු හැර රනිල්ට එසේ සහය දෙන බව ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කර තිබුණේ නැත. කවදත් රසබර පුවත් මවන ඇමැති හරීන් කීවේ තමන් හා මනූෂ හරුණු විට සජබයේ 14 දෙනෙක් රහසිගතව රනිල්ට රහස් ඡන්දය භාවිත කළ බවකි.

පාර්ලිමේන්තු මැතිවරණයේ විධායක ජනාධිපති නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව 8 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතමින් කතා කළේ තම දිවුරුම් දීම පසුදින පාර්ලිමේන්තුවේදීම සිදු කිරීමට කථානායකගෙන් අවසර ඉල්ලමිනි. එදින පාර්ලිමේන්තු කටයුතු අවසන් වූයේ සවස 1.15 ට පමණි. මේ නිසාවෙන් සභා වාරය අවසන් වූ පසු බොහෝ මැති ඇමැතීන් දිවා ආහාරය සඳහා ගිය අතර නව ජනාධිපති සවස් වන තෙක් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු රැසක නියැළි සිටිනු වාර්තා විය. ඔහු පාර්ලිමේන්තුවෙන් පිටව ගොස් තිබුණේ සවස 4න් පසුව වන අතර ඒ යන ගමනේදි තමන් ඇතුළු පාර්ලිමේන්තුව ආරක්ෂාක නිලධාරින්ට සිය නිල රථයෙන් බැස කෘතගුණ සලකන්ට අමතක කළේ නැත.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ පාර්ලිමේන්තු ආරක්ෂාව වඩාත් තහවුරු කර තිබූ හෙයින් කැමරා ආම්පන්න රැගත් මධ්‍යවේදීන්ට පාර්ලිමේන්තුව තුළට පිවිසිමට හැකි වූයේ පහළ මාලයේ පුස්තකාලය දක්වා පමණි. සභා ගැබෙන් පිටවන මැති ඇමැතීන් හා කතා කිරීමට ඒ අවස්ථාව විය. සමහරක් මැති ඇමැතීන් මාධ්‍යවේදින් මඟ හැර යන්නට විය. ජී ඇල් පීරිස්, කංචන විජේසේකර මාධ්‍යවේදීන් හමුවට පැමිණුනේ නැත. හිටපු ඇමැති උදය ගම්මන්පිල අපූරු කතාවක් කීය. “රනිල් කියන්නේ අධිෂ්ඨානයේ සංකේතයක්. ඔහු වසර ගණනාවක සිට ජනාධිපති සිහින මැව්වා.ඒ නිසා කවුරු හරි කෙනෙක්ගේ හිත කඩ වුණොත් රනිල්ගේ ෆොටෝ එකක් බලන්න...“ යනුවෙනි.

හිටපු ජනාධිපතිවරයකු වූ මහින්ද රාජපක්ෂ මාධ්‍යවේදීන් පැවැසුයේ තමන්ගේ අපේක්ෂකයා ඩලස් බවත්, ඔහු පැරදුන බවත්ය. “ රනිල්ට ඡන්ද වැඩිය ලැබුණා. ඒනිසා ජනාධිපති වුණා. අපි බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා.“ සජබයේ ප්‍රධාන සංවිධායක තිස්ස අත්තනායකගෙන් මාධ්‍යවේදීන් ඇසුවේ “ඔබ යන තැන් සැමදාම පරදිවා නේදැයි“ යනුවෙනි. එහෙත් තිස්ස අත්තනායක ඊට පහරක් එල්ල නොකරමින් පැවැසූයේ ජය පරාජය සැමට පොදු බවයි. සජබ මන්ත්‍රි ඉදුනිල් තුෂාර මාධ්‍යවේදින් හමුවේ හරීන් ගැන විවේචනය කරන්නට විය.“ හරීන් ප්‍රනන්දුට දෙයියන්ගේ පිහිටයි. රැල්ලට බය නම් රැල්ලට එන්නේ නෑ ඩෝ කියපු හරින් ප්‍රනාන්දු තමයි ඒ වෙරළට ඇවිල්ල රැල්ලට ගහගෙන ගියේ. අද රාජපක්ෂවරුන්ගේ අවතාර සහිත සොහොනේ අද හරීන් බිතුසිතුවම් ලියනවා.“ සජබ මන්ත්‍රි ඉදුනිල් තුෂාරය. වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා දෝෂාරෝපණය කළේ පොරොන්දු වූ අය ඡන්දය නොදුන් බවකි.

තවත් පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂි කඩඉමක් දිග හැරුණේ එයාකාරයෙනි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top