Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
23
“...තව අවුරුදු දෙකකින් විතර තමයි පරස්ථාව කරගන්නවා. එයාට කැමති වුණ විශේෂම හේතුව සංගීතයට තියෙන ආදරේ..! දැන් මම ආදරේ කරන්නේ ගායකයාට වඩා ඒ පුද්ගලයට..” - සඳනිට ආදරේ කරපු කොල්ලන්ට අසුබ ආරංචියක් ද මන්දා ? මෙන්න එයාගේ ලව් ස්ටෝරි එක - Photos

- “...තව අවුරුදු දෙකකින් විතර තමයි පරස්ථාව කරගන්නවා. එයාට කැමති වුණ විශේෂම හේතුව සංගීතයට තියෙන ආදරේ..! දැන් මම ආදරේ කරන්නේ ගායකයාට වඩා ඒ පුද්ගලයට..” - සඳනිට ආදරේ කරපු කොල්ලන්ට අසුබ ආරංචියක් ද මන්දා ? මෙන්න එයාගේ ලව් ස්ටෝරි එක - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

වර්තමානයේ ජනප්‍රිය වුණු නවක ශිල්පිනියන් අතර, ඇය මේ වනවිට රූපවාහිනි තිරයේ ද නැතුවම බැරි රුවැත්තියක්.

ඇය නමින් සඳනි ප්‍රනාන්දු !

පසුගිය දිනවල ගායනයට පිවිසීමත් සමඟ කා අතරත් කතාබහට ලක්වුණු ඇය සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක් තමයි මේ....


සඳනි කොහොමද ජීවිතේ?
ඇත්තම කිව්වොත් මේ දවස්වල ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා. ටෙලිනාට්‍ය එක්ක තමයි ගොඩක්ම කාර්යබහුල. ඊට අමතරව වෙළඳ දැන්වීම් කීපයකුත් කලා පහුගිය දිනවල ඒවා ළඟදී රිලීස් වේවි.

කලාවට පිවිසීමට පාර කියන්නේත් සඳනිට වෙළඳ දැන්වීම් නේද?
ඇත්තටම ඔව්. මුලදී මම වෙළඳ දැන්වීම් හරහා තමයි කලාවට ටික ටික යොමු වුණේ මුලින්ම මම පෙනී හිටියේ බිස්කට් ඇඩ් එකට. ඊට පස්සේ මට දිගටම වෙළඳ දැන්වීම්වලට ආරාධනා ලැබුණා. 2016 දී වගේ කල වෙළඳ දැන්වීම් ප්‍රේක්ෂකයන් අතර ගොඩක් කතාබහට ලක්වුණා.

ඉස්සරහට මොනවද අලුත් වැඩ
ටෙලිනාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. හැබැයි මේ දවස්වලනම් සංගීතය පැත්තෙන් පොඩි වැඩ කිහිපයකට අත ගහලා තියෙනවා.

ඒ කියන්නේ නිලිකම අතෑරලා ගායන වෘත්තියට යන්නද හදන්නේ?
අපෝ නැහැ. මම මොන වෘත්තිය කරත් රංගනය අතාරින්නේ නැහැ. සින්දුවක් කරන්න මට කාලයක් තිස්සේ තිබුණා ලොකු හීනයක්. ඒ හීනය පහුගිය දවස්වල සැබෑ කරන්න මට පුළුවන් වුණා. මේක මගේම ගීතයක්. පියත් රාජපක්ෂ සමඟ තමයි ගීතය ගායනා කරන්නේ. ගීතය තමයි ‘‘ආදරේ මා නමින්’’ පියත් රාජපක්ෂගෙන් මට ඒකට ලොකු සහයෝගයක් ලැබුණා. තව මගේ ගීත දෙකක් ඉදිරියේදී එන්න තියෙනවා.

සඳනිට ගායනයට හිත යන්නේ කොහොමද?
පුංචි කාලේ ඉඳලම සංගීතයට මම හරි ආසයි. පාසල් කාලේ යම්තාක් දුරකට මට ගීත ගයන්නත් හැකියාව තිබුණා. ඒ ආසාව මට ඇතිවෙන්නේ මගේ අයියා නිසා. ඔහු තිළිණ ප්‍රනාන්දු එයත් සංගීත ක්ෂේත්‍රයේ වැඩකරන කෙනෙක්. සංගීතයට තිබුණු ආසාව වැඩිවුණේ ගෙදරින්මයි. පස්සේ මම සංගීතය ගැන ඉගෙන ගත්තා. ඉගෙන ගනිමින් ඉන්න අතරතුර තමයි ගීතයක් කරන්න ඕන කියලා හිතුනේ.

සඳනිට පුංචි තිරයෙන් ඉල්ලුම තිබුණට සිනමාවෙන් ඉල්ලුම අඩුද?
ඇත්තටම චිත්‍රපට පැත්තෙන් මට ලොකුවට ආරාධනා ලැබිලා නැහැ. අරුණ ජයවර්ධන මහත්මාගේ චිත්‍රපටයකට මට දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. හොඳ චිත්‍රපට පිටපතක් ලැබුණොත් චිත්‍රපටයක රඟපාන්න ඇත්තටම ආසාවෙන් ඉන්නවා.

සඳනිගේ සැලසුම රංගනය පැත්තෙන් ඉදිරියට යන්නද?
දැනට මගේ වෘත්තිය රංගනය ඒත් දැන් තියෙන ආර්ථික රටාවත් එක්ක එක රැකියාවක් කරලා ජීවත් වෙන්න අමාරුයි. මම වෙනත් වෘත්තියකට යොමු වුණත් සංගීතය සහ රංගනය මගේ වෘත්තියේ කොටසක් වේවි.

සඳනි කිව්වාම ප්‍රේක්ෂකයෝ වශී වෙන දෙයක් තමයි සඳනිගේ කොණ්ඩය?
ඇත්තටම ගොඩක් ඉන්නේ මගේ කර්ල් කොන්ඩෙට ආදරේ කරන ප්‍රේක්ෂකයෝ. මට ජීවිතේ ගොඩක් තැන්වල වාසනාව ගෙනත් දීලා තියෙන්නෙත් මගේ කොණ්ඩේ. ඒක මට උපතින්ම ලැබුණු දායාදයක්. මගේ අම්මාගේ රූපය පෙනුම තමයි මට ලැබිලා තියෙන්නේ. රංගනයට පිවිසීමට මගේ පෙනුමත් හේතුවක් වුණා කියලා මම විශ්වාස කරනවා.

පවුලේ විස්තර ටිකකුත් කියමු?
මගේ උපන් ගම මාරවිල. මම ඉගෙන ගත්තේ මීගමුව ජාත්‍යන්තර පාසලක. මගේ පවුලේ අම්මායි, තාත්තයි, අයියයි, අක්කයි මමයි තමයි ඉන්නේ.

ඉතින් දැන් පරස්ථාවක් කරගන්න හොඳ කාලේ කියලා හිතෙන්නේ නැද්ද?
තව අවුරුදු දෙකකින් විතර තමයි පරස්ථාවක් කරගන්න ප්ලෑන් කරන්නේ. මේ කාලේ බඳින්න තියා තනියම ජීවත් වෙන්නත් අමාරු කාලයක්නේ. මම මේ වෙනකොට පෙම්වතියක්. ඔහුත් සංගීතයට සම්බන්ධ කෙනෙක්. ඔහු මගේ සංගීත වැඩවලට ඒ දේවල් ඉගෙන ගන්න හැම අතකින්ම ලොකු සහයෝගයක් ලබා දෙනවා.

ගායකයෙක් පෙම්වතා කරගන්න විශේෂ හේතුව සංගීතය තියෙන ආසාව නිසාද?
ඇත්තටම ඔව්. මම ඔහුට කැමති වීමේ විශේෂම හේතුව සංගීතයට තියෙන ආදරය සහ ආසාව නිසාමයි. දැන් මම ආදරේ කරන්නේ ගායකයාට වඩා ඒ පුද්ගලයට.

සඳනි ගැන කියනවනම්
මම ගොඩක් නිශ්ශබ්ද චරිතයක්. ඒත් මම ආඩම්බර කෙනෙක් නෙමෙයි. මම නිශ්ශබ්ද නිසා හැමෝම හිතනවා මම අහංකාරයි ආඩම්බරයි කියලා මම එහෙම නැහැ.

නදීශා අතුකෝරළ
සඳැල්ල
 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top