අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ද හිමි වුණා.
ධීවර අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නේ ඩග්ලස් දේවානන්දා යි.
සුසිල් ප්‍රේමජය්න්ත් අධ්‍යාපන අමාත්‍ය ධුරය හිමිවුණා.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය හිමිවූයේ ආචාර් ය බන්දුල ගුණවර්ධන වෙතයි.
මීට අමතරව ජනමාධ්‍ය අමාත්‍යාංශය ද බන්දුල ගුණවර්ධන හට හිමිවුණා.
සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජල සම්පාදන අමාත්‍යාංශය හිමිවූයේ කෙහෙළිය රඹුක්වැල්ලටයි.
මහින්ද අමරවීර හට කෘෂිකර්ම හා වනජීවි, වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයන් ද හිමිවුණා.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ දී දිවුරුම් දුන්නා.
හරීන් ප්‍රනාන්දු හට හිමිවූයේ සංචාරක හා ඉඩම් කටයුතු අමාත්‍යාංශයන් ද්විත්වයයි.
නාගරික සංවර්ධන හා නිවාස කටයුතු අමාත්‍යාංශයේ වගකීම් හිමිවූයේ ප්‍රසන්න රණතුංග වෙතයි.
වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය ධුරයන් ද්විත්වයම වෛද්‍ය රමේෂ් පතිරණ වෙත හිමිවුණා.
ජනාධිපති නීතිඥ අලි සබ්‍රි වෙත විදේශ කටයුතු අමාත්‍යාංශය හිමිවෙද්දී, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හිමිවූයේ විදුර වික්‍රමනායක වෙතයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරයේ මේ වන තෙක් එහි කටයුතු කළ කංචන විජේසේකර හට හිමිවුණා.
නසීර් අහම්ඩ් ද පරිසර අමාත්‍යාංශය හිමිවුණා.
වෙළෙඳ හා වාණිජ කටයුතු, ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙස නලීන් රුවන්ජීව දිවුරුම් දුන්නා.
ටිරාන් අලස් පත්වූයේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසයි.
රොෂාන් රණසිංහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය මෙන් ම වාරිමාර්ග අමාත්‍යාංශය හිමිවුණා.
මනූෂ නානායක්කාර වෙත හිමිගැන්වූයේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයයි.