පෙරවරු 9.45ට පමණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එම ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ප්‍රවිශ්ඨ වුණා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් නව ජනාධිපතිවරයා පිලිගත් අතර, ත්‍රිවිධ හමුදා උත්තමාචාර ද එහිදී පිරිනැමුණා.
පසුව රතු පලස මතින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පරිශ්‍රය තුලට කැඳවාගෙන යනු ලැබූ අතර එම අවස්ථාවට කතානායකවරයාට අමතරව, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල කාමරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ධුරයේ දිවුරුම් දුන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේදීයි.
8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ඊයේ තේරී පත් වුණා.
මේ අතර, ජනපති ප්‍රධානත්වයෙන් පැවති තේ පැන් සංග්‍රහයේ දර්ශන කිහිපයක් පහතින් බලන්න..