Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
21
“....ආදරණීය ලංකා පුතේ ! කොයිතරම් ලස්සන ජීවිතයක් ද ඔයාට තිබ්බේ?” - දෙල්ගොඩ කම්පා කළ, සංවර්ධන නිලධාරිනි ලංකා ගනේෂිගේ අමානුෂික ඝාතනයට ඇත්තම හේතුව මොකද්ද ? නාන කාමරයකින් හමුවූ සාක්ෂිය මෙන්න

- “....ආදරණීය ලංකා පුතේ ! කොයිතරම් ලස්සන ජීවිතයක් ද ඔයාට තිබ්බේ?” - දෙල්ගොඩ කම්පා කළ, සංවර්ධන නිලධාරිනි ලංකා ගනේෂිගේ අමානුෂික ඝාතනයට ඇත්තම හේතුව මොකද්ද ? නාන කාමරයකින් හමුවූ සාක්ෂිය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

දෙල්ගොඩ කඳුබොඩ ප්‍රදේශයේ නිවාස සංකිර්ණයක පිහිටි සුවිසල් නිවෙසක තනිවම පදිංචිව සිටි තරුණියක් සාහසිකයකු විසින් ඇගේ නිවෙස ඇතුළේම ගෙළට පිහියකින් ඇණ ඝාතනය කිරීමේ සිද්ධිය ගැන පොලිසිය මේ වන විට දීර්ඝ විමර්ශනයක් සිදු කරගෙන යන්නේ එම ඝාතකයා අත්අඩංගුවට ගැනීම සඳහාය.

දෙල්ගොඩ කඳුබොඩ නිවාස සංකිර්ණයක සුවිසල් නිවෙසක ජීවත් වූ හතළිස් දෙහැවිරිදි ලංකා ගනේෂි පනාපිටිය මෙනවිය මෙසේ ඝාතනය කර ඇත්තේ ජුලි 12 වැනිදාය.


කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන ලංකා ගනේෂි පනාපිටිය මෙනෙවිය සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කළාය. ලංකා ගනේෂි මෙනෙවියගේ බාල සොයුරියද පදිංචිව සිටින්නේ ලංකාගේ නිවෙස ඉදිරිපිටය.

ජුලි 12 වැනිදා රාත්‍රියේ 'ලංකා අක්කාගේ' නිවසේ විදුලි පහන් දල්වා නොතිබීම සහ ඇගේ නිවසේ ඉහළ මාලයේ ජනේලයක් විවෘතකර තිබීම ගැන සැකයක් ඇති වූ නිසා ලංකාගේ නැඟනිය මේ ගැන සිය සැමියාට පවසා ඇති අතර සැමියා ලංකාගේ නිවෙස විවෘතකර තිබුණු ජනේලයෙන් නිවෙස තුළට ගොස් බලද්දි ලංකා නිවෙසෙහි ඇඳක් මත ඝාතනය කර තිබුණු අයුරු දැක ඒ ගැන පොලිසියට පැමිණිලිකර තිබිණි.

වහාම ක්‍රියාත්මක වූ මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිශාන්ත හේරත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එල්.ඒ. විමලසේන අදාළ නිවෙසට ගොස් විමර්ශන ආරම්භ කළ අතර කැලණිය කොට්ඨාස අපරාධ පරික්ෂණාගාරයේ (සොකො) පොලිස් පරික්ෂක එස්. ඒ. සම්පත් සේනාධීර ඇතුළු කණ්ඩායමක්ද ඝාතනයට ලක්වූ ලංකා ගනේෂි මෙනවියගේ නිවෙසට පැමිණ විමර්ශන ආරම්භ කරන ලදි.

එම ප්‍රදේශයේ ගැවසුණු පොල් කඩන පුද්ගලයකු ගැන පොලිසියේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේද සැකයක් මුලින් එල්ලවී තිබිණි.

ඒ අතරතුර කැලණිය කොට්ඨාසයේ අපරාධ පරික්ෂණාගාරයේ (සොකෝ) පොලිස් පරික්ෂක එස්. ඒ. සම්පත් සේනාධීර ඇතුළු කණ්ඩායම ලංකා ගනේෂි මෙනෙවියගේ නිවෙසේ සහ ඇගේ ඝාතනය සිදු වී තිබුණු ස්ථානයේ සිදු කරන ලද පරික්ෂණවලින් සැක කටයුතු ඇඟිලි සලකුණු 22 ක් සොයා ගෙන තිබිණි.

ගනේෂි මෙනවියගේ නිවෙසේ නාන කාමරයක තිබුණු රෝම කූප දෙකක්ද සොයා ගැනීමට පොලිස් පරික්ෂක සම්පත් සේනාධීර ඇතුළු කණ්ඩායමට හැකිවිය.

ලංකා ගනේෂි මෙනවියගේ නිවෙසට 11 වැනිදා සොරෙකු ඇතුළු වී තිබුණු අතර ඒ අවස්ථාවේදි ගනේෂි මෙනවිය නිවසට පැමිණි බැවින් කලබල වූ සොරා පළා ගොස් තිබිණි.

ඊට පසුදින එනම් ජුලි 12 වැනිදා ද ගනේෂි මහත්මියගේ නිවෙසට ඇතුළු වී ඇත්තේ මේ සොරා ම බවට පොලිසිය සැක කරයි. විමර්ශන නිලධාරින් සැක කරන අන්දමට සොරා එදින නිවෙසට ඇතුළු වී ඇත්තේ එම නිවෙසේ කිසිවකු නොමැති බව සිතාගෙන වුවත් නිවසට ඇතුළු වු සොරා ලංකා ගනේෂි මෙනවිය නිවසේ නිදා සිටින අයුරු දැක කලබල වී මේ ඝාතනය සිදු කර ඇති බවට සැක කැරේ.

මේ පුද්ගලයා එදින දහවල් 12ට පමණ මහමඟ ගමන් කරන අයුරු සටහන් වූ සී.සී.ටී.වී. දර්ශන පොලිසිය විසින් මේ වන විට සොයා ගෙන ඇත. එම දර්ශනවල සිටින්නේ 11 වැනිදා ගනේෂිගේ නිවෙසට රිංගු පුද්ගලයාම බවට සැක කරන්නේ සී.සී.ටී.වී. දර්ශනවලට අනුව මේ එම පුද්ගලයා බව හෙළිවීම නිසාය.

12 වැනිදා උදෑසන 9.15 ට පමණ ලංකා ගනේෂිගේ සොයුරිය ලංකාට විටින් විට දුරකතන ඇමතුම් ලබා ගෙන ඇතත් ඇය ඊට ප්‍රතිචාර දක්වා නැත. දහවල් 11ට පමණ ගත් ඇමතුම විසන්ධි කර තිබිණි. ඉන් අනතුරුව දුරකතනය දිගටම විසන්ධි වී තිබිණි.

ලංකා ගනේෂි මෙනවිය බියගම මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. ඇගේ ඝාතනය ගැන කම්පාවට පත් ඇගේ මිතුරු මිතුරියන් ලංකාගේ ෆේස්බුක් පිටුවේ සංවේදි සටහන් ගණනාවක් තබා තිබිණි.

"ආදරණීය ලංකා පුතේ ඔයා මගේ කඩුවෙල යෝග පන්තියේ ආදරණීය දරුවෙක් කොයිතරම් ලස්සන ජීවිතයක් ද ඔයාට තිබ්බේ. ඒත් හොරෙකුට පුළුවන්ද මේ විදියට ඔයාගේ ජීවිතය හොරා ගන්න. ඔයාට නිවන් සුව පුතේ"

එලෙස ඇයට නිවන් සුව පතා තිබුණේ ඇගේ ගුරු මාතාවකි.

සිදුකරන පොලිස් විමර්ශන අනුව ලංකා ගනේෂි ඝාතකයා නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරියෙක්ද අප කළ විමසීමකදී ඉකුත් බ්‍රහස්පතින්දා දින පැවැසීය.

කැලණිය කොට්ඨාස බාර ජ්‍යොෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස්ගේ උපදෙස් මත මීගහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිශාන්ත හේරත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එල්.ඒ. විමලසේන පොලිස් පරික්ෂක දිසානායක කැලණිය කොට්ඨාස අපරාධ පරික්ෂණාගාරයේ (සොකො) පොලිස් පරික්ෂක එස්. ඒ. සම්පත් සේනාධීර පොලිස් පරික්ෂක ජයලත් (88303) ෂෙහාන් (88758) මනෝජ් (88787) රාජපක්ෂ (92325) ජයසිංහ (84475) පෙරේරා යන නිලධාරීන් මේ ඝාතනය ගැන වැඩිදුර විමර්ශන සිදු කරති.

ඡායාරූප - සුදත් පුබුදු කීර්ති
දෙල්ගොඩ සමූහ
දිනමිණ මාංචු පුවත්පත
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top