Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
17
“...වහාම විමර්ශනයක් කරන්න !” - ෆේස්බුක් එකේ, මැති ඇමතිවරුන්ට සද්ද බද්ද දාන අයට මොනාද මේ වෙන්න යන්නේ ? වැඩබලන ජනපති රනිල්ගෙන් ආරක්ෂක අංශවලට ලැබුණු නියෝගය - Video

- “...වහාම විමර්ශනයක් කරන්න !” - ෆේස්බුක් එකේ, මැති ඇමතිවරුන්ට සද්ද බද්ද දාන අයට මොනාද මේ වෙන්න යන්නේ ? වැඩබලන ජනපති රනිල්ගෙන් ආරක්ෂක අංශවලට ලැබුණු නියෝගය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

ජනාධිපති ධූරය සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ති්‍රී ඩලස් අලහප්පෙරුම තරග කරන බවට මේ වන විටත් නිල වශයෙන් දැනුම් දී අවසන්.

එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සදහන් කළේ තම පක්ෂයේ සහාය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදෙන බවයි.


කෙසේ වෙතත්, එම පෙරමුණේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් සදහන් කළේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ඉදිරිපත්ව සිටියදි සිය පක්ෂයේ සහාය ලබාදිය යුත්තේ එම අපේක්ෂකයාට මිස වෙනත් පාර්ශවයකට නොවන බවයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදීමට තීරණය කර ඇත්තේ පක්ෂ නායකත්වය, සභාපතිවරයා සහ සියලු දිස්ත්‍රික් නායකයින්ගේ දැනුවත්භාවයෙන් බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළා.

එම එකඟතාවයට පැමිණි සාකච්ජාවේදී බහුතරයකගේ මතය වී ඇත්තේ රට පත්ව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබාදිය යුතු බවයි.

කෙසේ වෙතත්, මන්ත්‍රීවරුන්ගෙන් කිහිපදෙනෙකු පමණක් එහිදී පරස්පර මත පලකර ඇති බව සදහන්.

මේ අතර පක්ෂ සහභාපති අමාත්‍ය මහාචාර්ය ජි.එල්. පීරිස් මෙම තීරණාත්මක හමුවට සහභාගි නොවී ඇති අතර අසනීප තත්ත්වයක් බව පවසමින් ඩලස් අලහප්පෙරුම ද ඊට එක්ව නැහැ.

කෙසේ වෙතත්, අනතුරුව ටිවටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිධුරයට තරග වදින බව ඩලස් අලහප්පෙරුම සදහන් කර තිබුණා.

මාධ්‍ය හමුවක් කැදවමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කළේ කිසිදු අපේක්ෂකයෙකුට ජන්දය ලබානොදීමට තම පක්ෂය තීරණය කර ඇති බවයි.

පාර්ලිමේන්තුවේ පක්ෂ 10හේ නියෝජිතයින්ද තම සහාය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න පිළිබද මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැහැ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග කියා සිටියේ අගමැති ධූරය සඳහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නමත් යෝජනා වී ඇති බවයි.

නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගැනීම සදහා සහාය ලබාදෙන පාර්ශවය පිළිබඳ මෙතෙක් තීරණය කර නොමැති බව දෙමළ ජාතික සන්ධානය ද ප්‍රකාශ කර තිබෙනවා.

රිෂාඩ් බදීයුදීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසය පවසන්නේද සමගි ජන බලවේගය ගන්නා ඕනෑම තීරණයකට තමන්ද සහාය පළ කරන බවයි.

මේ අතර, ජනාධිපතිධුරය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට විපක්ෂ නායක කාර්යාලයේ දී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් අද පැවත්වුණා.

එම බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වුවහොත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධූරය බාර නොගන්නා බවයි.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාද එම සාකච්ජාවෙන් පසු මාධ්‍යවේදින් නැගු ප්‍රශ්ණ වල මෙලෙස පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ වෙනත් පක්ෂවල සහයකින් තොරව සමඟි ජනබලවේගයේ ජනාධිපතිවරයා තේරී පත්වුවහොත් අග්‍රාමාත්‍ය ධූරය සඳහා එම පක්ෂයේම සාමාජිකයෙකු තෝරාපත් කර ගන්නා බවයි.

මේ අතර,
ගෝඨාභය රාජප්කෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරයට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා එළැඹෙණ 20 වැනිදා පැවැත්වෙන රහස් ඡන්දයේදී මන්ත්‍රීවරුන්ට නිදහසේ ඡන්දය භාවිත කිරීමට ඇති අයිතිය අවහිර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් සිදුකරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට එල්ල වන විවිධ තර්ජන හේතුවෙන් නිදහසේ ඡන්දය භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවට මන්ත්‍රීවරුන් විසින් සිදුකළ දැනුම්දීමක් සැලකිල්ලට ගනිමින් වික්‍රමසිංහ මහතා මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී බලතල හා වරප්‍රසාද පනත ඇතුළු ඊට අදාළ අපරාධ නීති පනත් යටතේ අදාළ විමර්ශනයන් සිදුකිරීමට නියමිතයි.
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top