හැබැයි මේ පෙම්වතා නම් ලේසි පහසු මනුස්සයෙක් නෙවෙයි.
ඔහු තමයි,
ඉන්දියානු ප්‍රිමියර් ලීග් (IPL) නිර්මාතෘ වන, පළමු සභාපති මෙන්ම කොමසාරිස් වූ කෝටිපති ව්‍යාපාරික ලලිත් මෝදි.
ඔවුන් දෙදෙනා තවමත් විවාහ වී නැති බවත් ඉදිරියේදී විවාහ වීමට නියමිත බවත් මෝදි කියනවා.
මෝදි මේ බව හෙළි කර තිබුණේ, ඔහුගේ ට්විටර් ගිණුමට ඔවුන් දෙදෙනාගේ ඡායාරූප කිහිපයක් එක් කරමින්.
දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන (වැඩිහිටි දරුවන්) මෝදි 2018 වසරේ විවාහයෙන් වෙන් වී තිබෙනවා.
ඔහුට දැන් වයස අවුරුදු 56ක් ලූ.
අවිවාහක දෙදරු මවක් වන සුශ්මිතාගේ වයස අවුරුදු 46ක්.
පහළින් බලන්නකෝ ඡායාරූප පෙළක්...