අරගලයට සහභාගී වීම සදහා කොළඹට පැමිණීමට සූදානමින් සිටින පොදු ජනතාව මහනුවර දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා වටකරගෙන සිටින ආකාරය දැක්වෙන වීඩියෝපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා ඔබට මතක ඇති.
කෙසේ වෙතත්, අනතුරව අදාල දුම්රිය කොළඹ බලා ධාවනය වීම ආරම්භව තිබෙනවා.
වඩාත් අසිරිමත් දෙය වන්නේ, කිසියම් පුද්ගලයෙකු විසින් සියළුම මගීන් සදහා මුදල් ගෙවා තිබීමයි.
මුහුණූ පොතේ බොහෝ පුවත් සංසරණය වුණේ මෙම මුදල් ගෙවූ කෙනා, ගුරුවරියක් වන බවටයි.
ඇය දුම්රිය ලබා ගැනීම වෙනුවෙන් සටන් කළ අයවුන් අතර සිටි නමුත්, දුම්රියට මුදල් ගෙව්වේ තමන් නොවන බව ඇය ඇගේ මුහුණු පොතේ සටහනක් තබමින් සඳහන් කරනවා.