Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
22
සර්, මගේ අම්මට තාත්තට රස්සාවක් නෑ, එයාලට කන්න දෙන්න, නංගිට උගන්නන්නේ කොහොමද ?

- සර්, මගේ අම්මට තාත්තට රස්සාවක් නෑ, එයාලට කන්න දෙන්න, නංගිට උගන්නන්නේ කොහොමද ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

‘‘සර්ටත් ළමයි ඉන්නවා නේද ? පොඩ්ඩක් හිතලා බලන්න..‘‘
අග්නිදිග විශ්වවිද්‍යාල සිසුන්ගේ කඳුළු කතාව

කොළඹ දී පා ගමනක යෙදුනු අග්නිදිග විශ්ව  විද්‍යාලයේ සිසුන් පිරිසකට ඊයේ (21)  බලාපොරොත්තු නොවන මොහොතක සාමාන්‍ය ජනතාවගෙන් විරෝධය එල්ල වූවා. පුරහල අසළින් ඉදිරියට ඇදුණු සිසුන්ට පොලිස් මාර්ග බාධක හමුවේ වෝඩ් පෙදෙස මාර්ගයෙන් ඉදිරියට යාමට නොහැකි විය.    

ඒ අනුව සිසුන් පදික වේදිකාවද අක්‍රමණය කරමින්  රැඳී සිටීමෙන් ජනතාව දුෂ්කරතාවට  පත්ව සිටියා. සාමාන්‍ය ජනතාවගේ විරෝධය එහිදී ප්‍රකාශ වූයේ කෝපයෙන්.



ඒ අනුව ඔවුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව විසදුමකින් තොරව අවසන් කර තිබෙනවා. ඉංජිනේරු පීඨ සිසුන් ඊයේ (21) පෙරවරු 10ට පමණ විරෝධතා පා ගමන ආරම්භ කළේ බොරැල්ල කැම්බල් පිටිය අසළින් ආරම්භ කළේ තම පීඨයට ප්‍රමාණවත් ආචාර්යවරුන් නොමැති බව පවසමින්. මේ නිසා සිය පීඨය වෙනත් ස්ථානයක ස්ථාපිත කරන ලෙස සිසුන්, බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

බොරැල්ල කැම්බල් පිටිය අසල සිට සිසුන් පා ගමනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරියට පිවිසුණේ එහි සභාපති හමුවීමේ අරමුණින්. ඔවුන් පා ගමනින් පැමිණෙන අවස්ථාවේදී බලධාරීන්ට විරෝධය පළ කරමින් මිනී පෙට්ටියක් සහ පඹයෙකු රැගෙනවිත් තිබුණා.

කෙසේ වෙතත්, එම අවස්ථාවේදී ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සිසුන්ට හමුවීමට අවස්ථාවක් හිමි වූයේ නැහැ. ඒ, ඔහු කොමිෂන් සභාව තුළ නොසිටීම හේතුවෙන්. පසුව කොමිසමේ සභාපතිවරයා පැමිණෙන තුරු සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මාර්ගයේ බිම හිඳ ගනිමින් විරෝධතාවයේ නිරත වුණා. මේ නිසා වෝඩ් පෙදෙස සහ පුරහල අසළ දැඩි රථ වාහන තදබදයක් පැවැති බවයි වාර්තා වුණේ...

කෙසේ වෙතත්, ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාගේ නොපැමිණීමත් සමඟ සිසුන් උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල හමුවීමට යාම සඳහා තීරණය කළා. ඔවුන් ප්‍රතිපාදන කොමිසම අසළ සිට නෙළුම් පොකුණ දෙසට ගමන් කිරීමට උත්සාහ කළත්, එය ව්‍යර්ථ වුණේ පොලීසිය මාර්ග බාධක යොදා තිබීම හේතුවෙන්....

පසුව සිසුන්ට මාර්ගයේ ගමන් කිරීම සදහා පොලීසිය මාර්ග බාධක ඉවත් කර දුන් අතර ඔවුන් ඉන් අනතුරුව පැමිණියේ ඇස්වාට්ටුව වට රවුමටයි. සිසුන් මාර්ගය දෙපස අවහිර වන ලෙස බිම හිඳ ගනිමින් විරෝධතාව දැක්වීම නිසා එම ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද පැවතුණා. කෙසේ වෙතත්, අවසානයේ සිසුන් එම ස්ථානයෙන් ඉවත් වූයේ ජනතාවට සිදුවන අවහිරතා සැලකිල්ලට ගෙනයි.

විරෝධතාවය අවසන් කරමින් අග්නිදිග විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ ලේකම් අශාන් කරුණාරත්න කියා සිටියේ අද විසදුමක් නොලැබුණ ද යළිත් වරක් තම ගැටළුව සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කිරීම සදහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත පැමිණෙන බවයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top