උපන් මොහොතේම කොට්‌ට දෙකක් බර තබා හුස්‌ම හිරකර කිරිකැටි බිලිඳියක ඝාතනය කළ බවට සැකපිට විසිතුන් හැවිරිදි අවිවාහක ද්‍රවිඩ ජාතික තරුණියක් කිලිනොච්චිය පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අවිවාහක තරුණියක් වන ඇය ඉකුත් 16 වැනිදා අලුයම් කාලයේදී සිය නිවසේදී දැරිය ප්‍රසූත කර ඇති අතර, අනතුරුව ඇය එම මොහොතේම කොට්‌ට දෙකක් බර තබා හුස්‌ම සිරකර දැරිය ඝාතනය කොට රෙදිවලින් ඔතා නිවසේ අල්මාරියක් යට සිරුර සඟවා තිබේ.
පසුව රුධිරය වහනය වීම නිසා ඇය කිලිනොච්චිය රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ සිය දරු ප්‍රසූතිය ගැන ප්‍රකාශකොට තිබේ.
ඒ අනුව කිලිනොච්චිය රෝහලේ වෛද්‍යවරුන් මේ සිද්ධිය පොලිසියට දැනුම් දීමෙන් පසු මියගිය බිලිඳියගේ සිරුර නිවසේ අල්මාරියක් යට සඟවා තිබියදී සොයා ගෙන ඇත.
කිලිනොච්චිය ආනන්දපුරම් ප්‍රදේශයේ පදිංචි සැකකාරිය අත්අඩංගුවට ගත් කිලිනොච්චිය පොලිසිය ඒ පිළිබඳව කිලිනොච්චිය මහෙස්‌ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ලබන 30 වැනිදා දක්‌වා සැකකාරිය රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කොට ඇත.
ඒ අනුව ඇය මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‌ෂාව යටතේ කිලිනොච්චිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නීය.