"මට උදේ කෑම අරන් දුන්නු මහත්තයට නොදී මට කන්න බෑනෙ...
ඊට පස්සෙ මේ මහත්තයා කාර් එක ඇතුළෙ ඉන්නව මම දැක්කා,
දොර ඇරලා මහත්තයා මහත්තයා කියලා කතා කළා..
එකතොට මහත්තයා කතා කළේ නෑ..."
අදත් ඉන්ධන පෝලිම්වලින් මරණ වාර්තා වුණා.
බොරැල්ල ටිකල් පාරේ ඉන්ධන පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු අද මිය ගිය බවට වාර්තා වුණා.
ඔහු ගොතටුව ප්‍රදේශයේ පදිංචි බවයි වාර්තා වෙන්නේ.
සිදුවීම දැනගත් ඔහුගේ බිරිඳ සහ දියණියද එම ස්තානයට පසුව පැමිණ තිබුණා.
ඒ වගේම හංවැල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින්ද මරණයක් වාර්තා වෙනවා.
රෝහල්ගත කිරීමෙන් අන්තුරුවයි ඔහු මියගොස් ඇත්තේ...
සම්පූර්ණ වීඩියෝව පහතින්...