Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
04
"නාමෙල් මට ආත්ම ගණනක සිට මුණගැසුණු කෙනෙක්" පුංචි රඟහලේ පෙම්‍වතිය මාලිනී වීරමුණි පෙම්වතා නාමෙල් ගැන කතා කරයි

- "නාමෙල් මට ආත්ම ගණනක සිට මුණගැසුණු කෙනෙක්" පුංචි රඟහලේ පෙම්‍වතිය මාලිනී වීරමුණි පෙම්වතා නාමෙල් ගැන කතා කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

බොරැල්ල හන්දියෙන් තරමක් ඉදිරියට ඇදෙන විට වම්පසින් තිබෙන විශාල තුඹසක් වැනි මාලිගය නොදන්නා කෙනකු නම් නැති තරම්. කටුමැටිවලින් සෑදුණු මහ නගරයක් මැද පිහිටි, ගැමි නිවහනක සිරිය ගන්නා මෙය නෙක වර්ණ මල් ගොමු, තුරුලතාවලින් වෙළීගෙන ඇත. අඳුර වෙළාගත් මේ අපූරු රඟහලෙහි ඉදිරිපිට නාමෙල් මාලිනී පුංචි තියටර් යනුවෙන් සටහන් කර තිබෙන ආකාරයද බොහෝ දෙනකුගේ නෙත්වලට ගැටී ඇති බවට අනුමානයක් නැත.



එහෙත් අද අපි මෙයට ඇතුළු වූයේ වේදිකා නාට්‍යයක් රසවිඳින්නට නම් නොවේ. මාලිනී වීරමුණි නම් අපූරු වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය රංගන ශිල්පිනිය මුණගැසී ඇගේ නවතම කලා තොරතුරු පිළිබඳ වීමසීමටයි. ඉතින් ගතින් වියපත් වුවත් සිතෙහි තරුණකම උතුරා යන මේ සොඳුරු කලාකාරිනිය සමඟ ‍ෙදාඩමලු වීමට අපට අවස්ථාවක් ලැබුණි.

කොහොමද මේ දිනවල ඔබේ කලා කටයුතු?

අපේ නාමෙල් මාලනී පුංචි තියටර් එක සම්පූර්ණයෙන්ම වසා දමන්නට වන තත්ත්වයක් තමයි අද වන විට උදාවී තිබෙන්නේ. එයට ප්‍රධානම හේතුව අද රටේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය. ඒ අතරේ සුබ ආරංචියකුත් මගේ රසිකයන් හට කියන්නට තිබෙනවා. අපි කෙටි නාට්‍ය දෙකක් නිෂ්පාදනය කළා. ඉදිරියේදී ඒවාත් ඔබට බලා ගන්නට හැකි වේවි.

රංගනයෙන් මඳ විරාමයක් රැගෙන යළිත් කලාවට සම්බන්ධ වන්න සිතුවේ ඇයි?

මගේ ටෙලිනාට්‍ය කලාවට පමණක් නෙවෙයි මුළු ටෙලි නාට්‍ය කලාවටම පසුගිය කාලයේ විරාමයක් ලැබුණා. කොවිඩ් ප්‍රශ්නය නිසා අනෙක් සෑම දෙයක් වගේම කලාවත් එකම තැන නතර වුණා. අද රටේ අර්බුදයත් ප්‍රධාන වශයෙන් මෙයට බලපා තිබෙනවා. ඒ වගේම තේ කෝප්පයක් බීලා මුහුණ බලලා කරන චරිතවලට මම කැමැති නැහැ. මට ඕනෑ ප්‍රේක්ෂකයන් හට දැනෙන චරිතයක් කරන්න.

වර්තමාන අර්බුදය කලාවට බලපා ඇති ආකාරය පිළිබඳ කතා කළ යුතුමයි නේද?

කියන්නට බැරි තරම්, අතිශයින්ම, සෑම කලාවකටම මෙම අර්බුදකාරී තත්ත්වය බලපා තිබෙනවා. මෙම තත්ත්වය නිසා අද මගෙ රටේ මිනිසුන් ඉතාම දුකින් කල් ගෙවනවා. ඒ වගේම වචනයෙන් කියන්නට බැරි තරම් ණයක් තමයි අපි මේ ගෙවන්නේ. මගේ තරුණ කාලයේ මට හොඳ ජීවිතයක් තිබුණා. මට කනගාටු ඊළඟ පරම්පරාව පිළිබඳව. ගෑස් පෝලිම්, තෙල් පෝලිම්වල සිටින මිනිස්සු දැක්කහම මගේ ඇස්වලට කඳුළු එනවා. ඒ වගේම ඒ පෝලිම්වල සිටින අපේම සහෝදර සහෝදරියන්ට අපේ අනෙක් සහෝදර සහෝදරියන් කන්න ගෙනත් දෙනවා. ඒ තමයි අපේ ලාංකික ගතිය. මම වසර 33ක් පිටරට ජීවත් වුණා. නමුත් මෙවැනි සහෝදරකම් මම දැක්කේ නැහැ. මේ රටට සිදු වී තිබෙන ව්‍යසනය සමඟ මිනිසුන්ට මොන නාට්‍යද චිත්‍රපටද?

ඒ වගේම එක ආණ්ඩුවකින්වත් කලාවට අතහිත දෙන්නේ නැහැ. අද ගෝල්ෆේස් අරගල භූමියේ අපේ දරුවන් කරන අරගලය බලන්න. මට එතැනට යන්න නොහැකිවයි සිටින්නේ. අපි ඔක්කොම එක අරමුණක් ඇතිවයි වැඩ කරන්නේ. කලාකාරයෝ තමයි මේ ලෝකයේ උතුම්ම පිරිස. උත්සවයක් තියලා තෑග්ගක් දෙන එක නොවෙයි කලාකරුවෙක් අගයනවා කියන්නේ. ඇත්තම කිව්වොත් කලාකරුවකුට මෙහෙම සලකන්නේ කලාව පිළිබඳ නොදන්න පාලකයන් අපේ රටේ සිටින නිසා. මම ඒ ගැන නිර්භයව කතා කරනවා.

70 සහ 80 දශකයෙන් පසුව සාර්ථක නවකතාවක්, නාට්‍යයක්, චිත්‍රපටයක් බිහිවී නොමැති බවට බොහෝ දෙනෙක් විවිධ මත පළ කරනවා. ඒ ගැන ඔබේ අදහස කොහොමද?

ඒ අදහස ඉතාම වැරදියි. මම දැක තිබෙන දෙයක් තමයි මගේ සමකාලීනයන් බොහෝ දෙනෙක් මෙවැනි මත දැරීම. දැන් කාලයේත් අතිවිශිෂ්ට නිර්මාණ බිහිවෙනු ලබනවා. ඒ කාලය සහ මේ කාලය සංසන්දනය කරන එක වැරදියි. අද නාට්‍ය රචකයන් සිනමා රචකයන් අඩුයි. පිටපත් අඩුයි. පිටපතක් නැතිව බොහෝ දෙනකුට රඟපාන්න බැහැ. ඒ වගේම බලන ප්‍රේක්ෂකයන්ගේ හදගැස්ම පිළිබඳ බොහෝ රචකයන්ට අවබෝධයක් නැහැ. අපි නාට්‍යයක් කරනව නම් අවසානයේ එයින් කුමක් හෝ පණිවුඩයක් ප්‍රේක්ෂකයන් හට ලබාදිය යුතුයි. අද ලොකුම ඛේදවාචකය නාට්‍ය රචකයන් නොමැතිකම. අප මුලින්ම කළ යුත්තේ නාට්‍ය පිටපත් රචකයන්ව බිහි කිරීම. හොඳ නාට්‍ය පිටපත් රචකයන් බිහි නොවන්න ප්‍රධානම හේතුව තමයි කියවීම අඩුකම. මොළයට කෑමක් දෙන්න බොහෝ අය කම්මැළියි. ඒ වගේම ලිවීම සඳහා ඔවුන්ට අතහිත දිය යුතුයි. පන්ති පැවැත්විය යුතුයි. ඒ වෙනුවෙන් පුංචි තියටර් එක දෙන්න වුණත් මම ලැහැස්තියි.

ඔබගේ ළමා කාලය සමඟ සසඳන විට දැන් ළමුන්ට උදාවී තිබෙන ළමා කාලය පිළිබඳව ඔබට මොකද සිතෙන්නේ?

දැන් ළමයින්ට තිබෙන ලොකුම අඩුපාඩුව තමයි දරුවන්ට ළමා කාලයක් නොමැති වීම. මවුපියන්ට දරුවන් සමඟ ගත කරන්න වෙලාවක් නැහැ. ආච්චිලා සීයලාට දරුවෙක්ව හුරතල් කරන්න වෙලාවක් නැහැ. දැන් සිටින මවුපියන්ට, දරුවන්ට මම අනුකම්පා කරනවා. අපි කුඩා කාලයේ කොච්චර සෙල්ලම් කළාද? කොච්චර විනෝද වුණාද? එවැනි ළමා කාලයක් නම් නැවත එන්නේ නැහැ. දැන් දරුවන් සෑම දෙයකටම කොටු වෙලා. ඒ දේවල් කාලය සමඟ වෙනස් වන දේවල්.

නාමෙල් මාලිනී පුංචි තියටර් එක පිළිබඳ කතා නොකළහොත් එය සෑහෙන අඩුවක් නේද? කොහොමද මේ නිර්මාණ සංකල්පයට පදනම වැටෙන්නේ?

මේ පුංචි තියටර් එක සම්පූර්ණයෙන්ම නාමෙල්ගේ සිහිනයක්. අපි ඉස්සර අපේ පුහුණුවීම් කළේ ගස් යට. ඒ නිසා නාමෙල්ට අවශ්‍ය වුණා අපේම නාට්‍යයක් අපේම තැනක පෙන්වන්න. අපි එංගලන්තයට ගියා. ගිහින් එහෙ දුක් මහන්සි වී අපට අවශ්‍ය මුදල් උපයා ගත්තා. ඒ මුදල්වලින් තමයි අපි පුංචි තියටර් එක හැදුවේ. මේ පුංචි තියටර් එකේ තිබෙන හැම වැලි කැටයක්ම සෑම ගලක්ම අපේ දුක් මහන්සියෙන් උපයා ගත්තු දේවල්. මේ මැටි අනලා තිබෙන්නේ අපේ කඳුළුවලින්. කී දෙනෙක්ටද මේ වගේ සතුටක් ලබන්න පුළුවන්. සෙනඟ මෙතෙන්ට එනවා. යනවා. එයාලගේ සතුට අපේ ඇස් දෙකට අපිට පේනවා. පුංචි තියටර් එකේ නඩත්තු කටයුතු සඳහා මාසෙට ලක්ෂ හයක් පමණ යනවා. සේවකයන් හතර දෙනකු සිටිනවා. එයාලට පඩි ගෙවන්නට ඕනෑ. කොරෝනා කාලයෙත් අපි ඒ සේවකයන් එක්කෙනකුටවත් අසාධාරණයක් කළේ නැහැ.

කලා ජීවිතයේ ඔබේ වේදිකා රංගනය පිළිබඳවත් මතක් කරමු.

වේදිකාව තමයි මගේ මව. මම ආදරේම වේදිකාවට. වේදිකාවෙහි රඟපානකොට තිබෙන සතුට ටෙලිනාට්‍යයක් චිත්‍රපටයක් රඟපානකොට ගන්න බැහැ. ප්‍රේක්ෂකයන් ඉදිරිපිට රඟපානකොට ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර තමයි අපගේ ශක්තිය. ඒ වෙනුවෙන් මම බොහොම පින්කර තිබෙනවා. වේදිකා නාට්‍ය සම්බන්ධයෙන් මට හොඳම නිළිය සම්මානය පවා ලැබී තිබෙනවා. ඒත් මට ඕනෑ කරන්නේ මහජන සම්මානය. මට මතකයි මම රට ගිය ඇත්තෝ කියලා නාට්‍යයක් කළා. එහි තිබුණේ සීලවතිගේ චරිතය. එක්තරා තැනක මට තිබෙනවා මිරිස්ගල එංගලන්තයට රැගෙන යන්න. අදටත් එයාපෝට් එකේදි ප්‍රේක්ෂකයන් මගෙන් අහනවා මිරිස්ගල සූට්කේස් එකේ තිබෙනවාද කියලා. ඒ කියන්නේ ඒ චරිතේ රචකයා අතින් හොඳටම ලියැවී තිබුණා. කෙනකුට රඟපාන්නට චරිතයක් ලියැවී තිබිය යුතුයි. මොකද රඟපානවා කියන්නේ විහිළුවක් නෙවෙයි. මට ජීවිතයේ ලැබුණු තවත් වාසනාවක් තමයි හොඳම අධ්‍යක්ෂවරුන් යටතේ රඟපාන්නට ලැබීම.

එදා වගේම අදත් නොවෙනස් වන ආදරෙන් සතුටින් නාමෙල් මාලිනී ඔබ දෙපළ කල් ගෙවන්නේ කොහොමද?

නාමෙල් මට ආත්ම ගණනක සිට මුණගැසුණු කෙනෙක් කියලයි මම විශ්වාස කරන්නේ. නිවන් දකින තුරුම ඔහුව මට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. නාමෙල් මගේ ඥාතියෙක් වගේම අපේ අයියගේ යහළුවෙක්. එහෙමයි මට ඔහුව මුණගැසුණේ. නාමෙල්ගෙයි මගෙයි පුදුම බැඳීමක් තිබෙන්නේ. අපි දෙන්නාගේ බැඳීම සංසාරගත බැඳීමක් වෙන්න ඇති.

මගේ මුළු ජීවිතේම නාමෙල් තමයි. මම උපරිමෙන්ම මගෙ මහත්තයා බලා ගන්නවා. අද මම මෙහෙම ඉන්නේ නාමෙල් වෙනුවෙන් මම කරන කැපකිරීම සහ නාමෙල් වෙනුවෙන් තිබෙන මගේ ආදරේ නිසයි. නාමෙලුත් මට මම වගේම ආදරෙයි. නාමෙල් මගේ මහත්තයා වුණාට මම කවමදාවත් ඔහුගෙන් චරිතයක් ඉල්ලලා නැහැ. මම කලාව ඒ තැනට දාන්නේ නැහැ. ඔහුයි අධ්‍යක්ෂවරයා. ඔහුට කැමැති චරිතයි ඔහු තෝරා ගන්නේ.

පරම්පරා කිහිපයක රංගන ශිල්පීන් සමඟ ඔබ වැඩකටයුතු සිදුකර තිබෙනවා. වර්තමාන පරම්පරාව සමඟ වැඩ කරන විට ලැබෙන අත්දැකීම් වචනවලට පෙරළුවොත්?

එය හරිම සුන්දරයි. අපි එයාලා සමඟ ගැටෙන්න නරකයි. අපි ආදරෙන් ඔවුන්ව පිළිගත යුතුයි. දන්නේ නැති දේවල් ඔවුන් ඇසුවොත් කියා දිය යුතුයි. සෑම කෙනෙක්ම දැනගත යුතුයි සමාජයේ හැසිරිය යුත්තේ කෙසේද කියලා. මම හරිම කැමැතියි අලුත් පරම්පරාව සමඟ වැඩ කරන්න. එය අපිටත් අලුත්ම ජීවයක්. ඒ වගේම මම රඟපාපු දරුවන් ළඟ අපි වෙනුවෙන් ගෞරවය උපරිමයෙන් තිබුණා.

අනාගත සැලසුම් කොහොමද?

පුංචි තියටර් එකට නාට්‍ය ලැබෙයි කියලා මම බලාපොරොත්තු වනවා. මට තව නාට්‍ය ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා. මම රඟපාන්න පුදුම ආසයි. අපි ඔක්කොටම කිසිම කරදරයක් නැතිව ජීවත් වෙන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

සචිනි බස්නායක

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top