දියට පැනීමෙන් පසු මෙම මව සහ ඇගේ පස් හැවිරිදි පුතු මෙන්ම 11 හැවිරිදි පුතු ද පොලීසියේ ජිවිතාරක්ෂක කණ්ඩායම් විසින් මුදාගෙන රෝහල් ගත කෙරුණත්, කුඩා පුතු එම අවස්ථාවේම මියගොස් සිටියා.
මව දරුවන් සමග මෙලෙස සියදිවි හානි කර ගැනීමට තැත් කිරීමට හේතුව මෙතෙක් නිෂ්චිතව අනාවරණ වී නැහැ. පොලීසිය පිරිමි දරුවාගෙන් ලබා ගත් ප්‍රකාශ අනුව ඇය කිසියම් මානසික පීඩනයකින් සිට ඇති බවටයි හෙළි වී ඇත්තේ.
ඇය අද දහවල් 12 ට පමණ තම දරු දෙදෙනා ද සමග චන්ද්‍රිකා වැව අසලට ගොස් ඇති අතර, සෙල්ලම් බඩු කිහිපයක් වැවට දමා දරුවන්ට ඒවා ලබා ගැනීමට වැවට බසින ලෙස පවසා තිබෙනවා. එහෙත්, දරුවන් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මව පුතුන් දෙදෙනා බලහත්කාරයෙන් වැවට තල්ලුකර ඇති බවයි වාර්තා වන්නේ.
මොවුන් සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ජංගම දුරකථනය අලුත්වැඩියා කර ගැනීම සඳහා ඇඹිලිපිටියට පැමිණ ඇති බව ද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
ජිවිතය වාසනාවන් මෙන්ම දුෂ්කරතා සහ විවිධ පීඩා මධ්‍යයේ ගමන් කරන්නක්. කුමන ගැටලුවක් මත වුව ද තමන්ගේ ජිවිතය මෙන්ම තම සමීපතමයන්ගේ ජිවිතවලට ද හානියක් කර නොගෙන ගැටලුවලට විසඳුම් සොයා ගැනීමට උත්සාහ කිරීම එම ගමන් මගේ සාර්ථකත්වයට වටිනාම පියවරයි.