Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
01
"මගේ මළමිනියත් ආයුර්වේද වෛද්‍ය පීඨයට ලියලා ඉවරයි" "තාත්තගේ මිනිය ගෙදර තියාගෙන උපාධියක් ගන්න ගියා" රුවන් වික්‍රමසිංහ කළ හෙළිදරව්ව මෙන්න

- "මගේ මළමිනියත් ආයුර්වේද වෛද්‍ය පීඨයට ලියලා ඉවරයි" "තාත්තගේ මිනිය ගෙදර තියාගෙන උපාධියක් ගන්න ගියා" රුවන් වික්‍රමසිංහ කළ හෙළිදරව්ව මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

රුවන් වික්‍රමසිංහ කියන්නේ අභියෝග රාශියක් මැද කලා ලොවට පිවිසිලා කලාවෙන් ජීවිතය ජයගත් රංගන ශිල්පියෙක් කිව්වොත් නිවැරදියි.



චරිතාංග රංගන ශිල්පියෙක් ලෙස මෙන්ම ජනප්‍රිය රංගන තරුවක් ලෙසද තමන්ගේ ජනප්‍රියත්වය සහ දක්ෂතාව පවත්වාගෙන යන රුවන් වික්‍රමසිංහ ඔහු කලා ලොවේ ආ කටුක ගමන් මඟ අපට පැවසුවේ මෙසේයි.


කොහොමද ජීවිතේ?

හමෝම වගේ ඉතා අපහසුවෙන් ගත කරනවා. මුළු රටම ප්‍රශ්න ගොඩක ඉන්නේ. අපිටත් ඒ ප්‍රශ්න ඒ විදිහටම තියෙනවා. මගේ පුංචි පුතාට දැන් අවුරුදු දෙකක්. එයාගේ දේවල් සම්බන්ධයෙන් සිහින ටිකක් තියෙනවා. කොච්චර ප්‍රශ්න තිබුණත් අපි දරාගෙන දරුවට දැනෙන්න නොදී ජීවත් වෙන්න උත්සහා කරනවා.

පොඩි කාලේ රුවන්ගෙ ජීවිතයේ අභියෝග ගැන කතා කරමු?

මට පොඩි කාලේ ප්‍රශ්න එන්න ඇති. ඒත් ඒවා මට දැනිලා නැහැ. මගේ අම්මා, තාත්තා, අයියා, අක්කාලා තුන්දෙනා ඒ ප්‍රශ්න ආවරණය කරගෙන හිටියා. අපි ගත කරපු දුප්පත් පවුල් පරිසරය අස්සේ එයාලා මට දෙන්න පුළුවන් උපරිම සුඛෝපභෝගී ජීවිතය දුන්නා. මම පවුලේ බාලයා සහ මම පොඩි කාලෙ ඉඳන් ඉගෙනීමට දක්ෂයි. ඒ නිසා මට යම් අවධානයක් තිබුණා. අපි හිටපු පරිසරය ටිකක් වෙනස්. මම ඉපදුණේ නාරහේන්පිට දාඹරේ මාවතේ. ඒකට කියන්නේ මහවත්ත කියලා. මම පොඩි කාලේ ඒ පැත්තේ චණ්ඩි එහෙම හිටපු ටිකක් බරපතළ පැත්තක්. ඝෝෂාකාරී, මිනිස්සු නිතරම ගැවසෙන, හරිම නාගරික පරිසරයක තමයි මම හැදුණේ. මගේ අම්මට අකුරු ලියන්න කියවන්න බැහැ. මගේ තාත්තා වෘත්තීය රියදුරෙක් තාත්තට සිංහල,දෙමල, ඉංග්‍රීසි භාෂා තුනම කතා කරන්න පුළුවන්. ඒක යම්කිසි විදිහට බලපෑවා. මම ඉගෙනගත්තේ ගෙවල් ළඟම ඉස්කෝලෙ. නාරහේන්පිට ශ්‍රී පරාක්‍රමබාහු විද්‍යාලයේ. මගේ අම්මාට අකුරු ලියන්න කියන්න බැරි වුණාට, මට පොඩි කාලේ අකුරු කියලා දුන්නේ අම්මා. මම පෙරපාසල් ගියේ නැහැ. හෝඩිපොත තියාගෙන අයන්න ආයන්න කියලා අනිත් අය කියන හුරුවට අම්මා මට උගන්වලා තියෙන්නේ. මම හරිම ගෞරවයෙන් ඒක මතක් කරනවා. එක වසරේ ඉඳලා මම ඉගෙන ගන්න දක්ෂයි. ශිෂ්‍යත්වේ පාස්වෙලා මම කොළඹ රාජකීය විද්‍යාලයට ගියා.

රුවන්ට රාජකීයන් අභියෝගයක් වෙන්නැති?

අන්න එතන තමයි මගේ හැරවුම් ලක්ෂය. එතනදී තමයි මට ජීවිතය බර දැනෙන්න ගත්තේ. පොඩි කාලේ ඉඳලම මම හරිම විනෝදෙන් ගත කළේ. මොකද මගේ වටේ හිටියේ මම වගේම ළමයි ටිකක්. මම වගේම ආර්ථික මට්ටම් අධ්‍යාපන මට්ටම් සමාන ළමයි ටිකක් මම ඇසුරු කළේ. රාජකීය විද්‍යාලයට ගියාම ඒක සම්පූර්ණයෙන් වෙනස් වුණා. අපි ලෝක දෙකක ළමයි. මගේ වාසනාවට ශිෂ්‍යත්වේ පාස් වෙලා දුර පළාත්වලින් ආපු මම වගේම දුප්පත් ළමයි ටිකක් හිටියා. මම හය වසරේ ඉඳලා විශ්වවිද්‍යාලය ඉවර වෙනකන්ම ඉගෙනගත්තෙ රජයේ සල්ලිවලින්. රාජකීය විද්‍යාලයට ගිය පළමු වසරේදීම ඉංග්‍රීසි උගන්වපු සර් ඉංග්‍රීසි නොතේරුණු නිසා නිශ්ශබ්දව හිටියා කියලා මාව පංතියෙන් එළියට දැම්මා. එදා මම හිතුවා ඉංග්‍රීසිවලින්ම තමයි මම කවදාහරි "වැඩේ දෙන්නෙ" කියලා. මම අද වෙනකොට ඉංග්‍රීසි ගුරුවරයෙක්. ඒ වගේම තව දෙයක් තියෙනවා. මගේ පංතියේ ළමයි පාවිච්චි කරපු පෑන්, පැන්සල්වලට වඩා මම පාවිච්චි කරපු ඒවා වෙනස්. මගේ අයියලා අක්කලාට හම්බෙන ලස්සන පෑන්, පැන්සල්, පොත් ඔක්කොම නොමසුරුව මට දීලා පරණ දේවල් එයාලා පාවිච්චි කරනවා. සපත්තු මට දීලා එයාලා සෙරෙප්පු දානවා. ඒ කාලේ මට හිතුණා මිනිස්සු මනුස්සකමින් උගත් වෙන්න ඉගෙන ගන්න ඕනේ නැහැ කියන එක. ගෙදර සහ වටපිටාවේ අය මට ඉගෙනගන්න පරිසරය හැදුවා. ඒ හරහා ටික ටික ඉගෙන ගෙන ජීවිතාවබෝධයක් එක්ක වෙනස් විදිහේ කෙනෙක් වුණා. මම උසස් පෙළ කරන ගෙදර ඉන්න කාලේ තාත්තා ලෙඩ ඇඳට වැටුණා. එතකොට අයියලා අක්කලා ඔක්කොම විවාහ වෙලා. මටයි අම්මාටයි තමයි හැමදේම කරන්න වුණේ. මගේ අම්ම බත් පැකට්, කොළකැඳ විකුණලා තියෙනවා, ඒ හැමදේටම අම්මාට මම උදවු කළා. උදේ ඉස්කෝලේ යන්න කලින් කොළකැඳ ගෙවල්වලට බෙදලා මම ඉස්කෝලෙට ගියේ. අපේ පුංචි ගෙදර පාඩම් කරන්න ඉඩ නැහැ. අම්මා මට කලින් නිදාගන්න කියලා, ගෙදර අය නිදාගත්තාම නැඟිට්ටවලා පාඩම් කරන්න කියනවා. ගෙදර ඉස්සරහා ටීවී එක දැම්මම, කුස්සියට ගිහිල්ලා අම්මා වැඩ කරන තැන ඉඳන් මම පාඩම් කළේ.

විශ්වවිද්‍යාල අත්දැකීම වෙනස් ඇති?

මම කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ. ඒ කාලය වෙනකොට යම් යම් දේවල්වලින් මගේ ජීවිතය යකඩයක් වගේ හොඳ පන්නරයක් ලැබුවා. විශ්වවිද්‍යාලයට එනකොට මට ආර්ථික ප්‍රශ්න කියන ඒවා මහලොකු නැහැ. උසස් පෙළින් පස්සේ මම ටියුෂන් පන්ති කරන්න පටන් ගත්තා. මම ඉස්සෙල්ලම ටියුෂන් කළේ තාත්තගේ බොස්ගෙ ළමයින්ට. ඒක මට ලොකු ආඩම්බරයක් වුණා. මම එයාලට ඉංග්‍රීසියෙන් සිංහල ඉගැන්නුවා. විශ්වවිද්‍යාලය කාලෙත් මම ටියුෂන් පංති කළා.

ඒ කාලේ ජීවිතයේ තිබුණු ලොකුම බලාපොරොත්තුව මොකක්ද?

පුළුවන් තරම් අම්මාටයි තාත්තටයි සැප දෙන එක තමයි ඒ කාලේ බලාපොරොත්තුව. මම විශ්වවිද්‍යාලයට යද්දි අම්මගේ කනේ කරේ එක රත්තරන් බඩුවක්වත් නැහැ. තාත්තාත් ලෙඩ වෙලා. මට ඕනේ වුණා අම්මාව රත්තරනින් වහන්න. මගේ අම්මා මැරෙනකොට රත්තරන් පුරෝගෙන හිටියේ. මම රස්සාවක් කරලා පළමුවෙනි පඩියෙන් කළේ අම්මාටයි තාත්තාටයි මුදු දෙකක් අරන් දීපු එක.

ඒ කාලේ ප්‍රේම සබඳතාත් තියෙන්න ඇති?

මට දෙක වසරෙ ඉඳලා ගෑනු ළමයි හිටියා. ඒ කාලේ මට ප්‍රශ්න දැනුනෙත් නැහැනේ. මම ගිය පොඩි ඉස්කෝලේ මට කැමත්තක් තිබුණා අප්සරා කියලා ගෑනු ළමයෙක් ගැන. එයා එයි කියලා ඉක්මණින් දත් මදින්නේ නැතුව ඉස්කෝලේ ගියා මම. ශිෂ්‍යත්වෙන් පස්සේ මම එයා ගැන දන්නේ නැහැ. ඉන්පසුව මට ජීවිතයෙ විවිධ කාලවල ගෑණු ළමයි හිටියා. විශ්වවිද්‍යාලයට යනකොට මම තදින්ම තීරණය කළා එහෙදි ප්‍රේම සබඳතා ඇති කරගන්නෙ නැහැ කියලා. තාත්තා ලෙඩ වීමත් එක්ක මගේ අරමුණ වුණේ තාත්තා නැති වෙන්න කලින් එයාට සැප දෙන්න ඕනේ කියන එක. ඒ කාලේ මට ගෑනු ළමයෙක්ට වැය කරන්න කාලය තිබුණේ නැහැ.

ඒ වෙද්දි රුවන් හොඳ ආර්ථික මට්ටම ඉන්න ඇති?

ඉතුරු කරන්න මට ලොකු පුරුද්දක් තිබුණෙ නැහැ. මම හම්බ කරපු දෙය මගේ පවුලෙ හැමෝටම වියදම් කළා. විශ්වවිද්‍යාලෙ ඉවර වෙද්දි අපි හොඳට කාලා බීලා අම්මාව වන්දනා ගමන් යවලා හොඳට හිටියා. විශ්වවිද්‍යාලෙ ඉවරවෙලා රස්සාව කරලා අවුරුදු තුනකින් මම අම්මට ඕන හැම රත්තරන් බඩුවක්ම හදලා දුන්නා. අල්මාරියක් කරගෙන සාරිවලින් ඒ අල්මාරියෙන්ම පුරවලා දුන්නා. තාත්තාටත් එහෙමම කළා. අපේ ගෙදරට ඕනේ හැම විදුලි උපකරණයක්ම මගේ සල්ලිවලින් ගත්තේ. මගේ තාත්තා ජීවිතේට නැෂනල් එකක් ඇඳලා තිබුණේ නැහැ. තාත්තාගේ බලාපොරොත්තුව වුණේ එයාගේ මිනියට නැෂනල් එක අන්දවන එක. ඊට කලින් මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අභිධර්මය ඩිප්ලෝමාවක් හදාරලා ලංකාවෙන්ම පළමුවැනියා වෙලා ඒ උපාධිප්‍රදානෝත්සවයට යන්න අම්මාට සුදු ඔසරියකුයි තාත්තාටයි නැෂනල් එකයි අඳින්න ඕනේ වුණා. මම ඒ ඇඳුම් ලෑස්ති කරලා දුන්නා. ඒ උත්සවයට කලින් දවසේ තාත්තා නැති වුණා. ඒ නැෂනල් එක තමයි තාත්තාගේ මිනියට ඇන්දුවේ. මම ඒ සම්මානය ගන්න ගියේ තාත්තගේ මිනිය ගෙදර තියාගෙන.

මේ කාලෙදිද "මාටියාගෙ" චරිතය ලැබෙන්නේ?

ඒ චරිතය මට ලැබෙන්නෙ විශ්වවිද්‍යාලය ඉවරවෙලා මාස කිහිපයක් ගියාට පස්සේ. ඒ චරිතය බර්ගර් චරිතයක්. සිංහල බෑ, ඉංග්‍රීසියෙන් කතා කරන, සැපට හැදුණු බලු පැටියෙක්ගෙ වගේ චරිතයක් මට කරන්න තිබුණේ. මම ඇත්ත ජීවිත හරිම ලස්සනට ඇඳපු කෙනෙක්. සීමිත ඇඳුම් ප්‍රමාණයක් වුණත් වුණත් සෝද සෝදා හරිම පිළිවෙලට ඇන්දා. එහි චරිතය මට ලැබුණේ හරි අහම්බයකින්. විශ්වවිද්‍යාලේ කාලේ මගේ පෙනුම නිසා අහම්බයකින් ඊ.එම්.බී. උපාලි මහත්මයාගෙ "චරපුරුෂ" කියන වේදිකා නාට්‍ය ප්‍රධාන චරිත කරන්න අවස්ථාව ලැබුණා. ඒ වේදිකා නාට්‍ය රාජ්‍ය නාට්‍ය උලෙළට කළේ ආර්ට් ෆැකල්ටියේ ළමයිව සම්බන්ධ කරගෙන. ප්‍රධාන චරිතයට අවශ්‍ය කරන රදළ පෙනුම තියෙන නළුවෙක් ඔහු සොයමින් ඉන්නකොට සයන්ස් ෆැකල්ටියෙදී මාව දැකලා මාව සම්බන්ධ කරගත්තා. මම සයන්ස් එකේ නිසා ආර්ට් ෆැකල්ටියෙ අයට මාව නුරුස්සන ගතියක් තිබුණා. ඒ අය මට තේ නොදෙන නිසා ඩිරෙක්ටර් ගෙදරින් තේ හදාගෙන ඇවිල්ල මට දුන්නා. මම ඉගෙන ගත්තෙ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. මම යාළුවෝ අරගෙන ගිහින් ඒගොල්ලන්ට ඇහෙන්න ඉංග්‍රීසියෙන් කතා කර කර ඉන්නවා. ඒ නාට්‍යයේ පුහුණුවීම් කරන්න ආවා ප්‍රසන්නජිත් අබේසූරිය. ඔහු තමයි ශර්ලි පී. දෙලංකාවලට මං ගැන කියලා තියෙන්නේ.

රංගන ජීවිතයත් රුවන්ට අභියෝගයක් වෙන්න ඇති?

කලාව කියන එක සමාජීය වශයෙන් ගත්තාම, ඒක බොහොම හොඳ මිනිස්සු ඉන්න සමාජයක්. මගේ පළමුවැනි ටෙලිනාට්‍ය බොහොම සැහැල්ලුවෙන් සතුටින් වැඩ කළා. ඉන්පසුව මං ගැන මිනිස්සු ටිකක් කතා කරන්න ගත්තම මට තේරුණා ක්ෂේත්‍රය ඇතුළේ පොඩි කැපිල්ලක් එනවා කියලා. ඒ කාලේ මම රඟපෑම කළේ රැකියාවත් එක්ක. රස්සාවයි රඟපෑමයි වසර තුන හමාරක් කළා. මම හොඳට චරිත කරපු නිසා රස්සාව කරද්දිත් වරුවෙන් මාව රඟපාවවන්න බලාගෙන අධ්‍යක්ෂවරු හිටියා. ඒ වගේම මම ප්‍රතිපත්තියක් විදිහට කලා ක්ෂේත්‍රය තුළ ගැන්සිවල ඉන්නේ නැහැ. කාටත් මම පණ දෙන්න තරම් ආදරෙයි. ඕනේ උදවුවක් කරනවා. ඒත් මම ඒ යාළුකම් ගෙදර අරන් ආවේ නැහැ. රංගන ජීවිතයේ චරිත ගත්තාම මට අභියෝගයක් වුණේ වාහන පදවන්න තිබුණු චරිත. මට ලැබුණේම සල්ලිකාර චරිත. ඒත් මට වාහන පදවන්න බැහැ. මම මගේම කියලා වාහනයක් අරන් පදවන්න ඉගෙනගන්නවා කියලා පරමාර්ථයක් ඒ කාලේ තිබුණා. ඒත් මට ආපු චරිත හැම එකක්ම සල්ලිකාර චරිත. ඒවායේදී වාහන පදවලා මගෙ අතින් ගොඩක් අනතුරු වෙන්න ගිහින් තියෙනවා. තවත් අවස්ථාවක මම ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න ගිහිල්ලා වරද්දගත්තා. නිෂ්පාදන කාර්යය ගැන දන්නේ නැතුව මම ටෙලිනාට්‍යයකට විශාල මුදලක් ආයෝජනය කරලා ඒ සල්ලි වතුරේ ගියා. අදටත් මම ඒ ගැන පසුතැවෙනවා. එතකොට එකසැරේම මගේ සමේ පැහැය කළු වෙන්න ගත්තා. මානසික පීඩනයත් එක්ක මගෙ මුළු ස්වරූපයම වෙනස් වුණා. ඒ නිසා මම ඒ කාලේ කරපු චරිත ටික කරලා ටිකෙන් ටික රංගනයෙන් අෑත් වුණා. මේකම මම ක්ෂේත්‍රය ගැන ටිකක් කළකිරුණා. "ඔය ජනප්‍රියත්වය කියන එක තාවකාලිකයි. ඔයාගෙන් පස්සේ ඔය චරිතවලට වෙන කෙනෙක් එනවා" කියන එක මගේ අම්මා මුල ඉඳන්ම කිව්වා. ඒ කාලේ මම ඉක්මණින් ටියුෂන් පන්ති නැවත ආරම්භ කළා. ඒක මම අදටත් කරගෙන යනවා.

ඒ කියන්නේ රුවන්ගෙ ජීවිතේ පාර කියන තාරකාව වුණේ අම්මා?

මගේ අම්මා දැන් ජීවතුන් අතර නැහැ. ඒත් අම්මා මම මැරුණට පස්සේ කරන්න ඕන දේවල් ටිකක් මට උගන්වලා තමයි ගියේ. අද මම මගේ මළමිනියත් ආයුර්වේද වෛද්‍ය පීඨයට ලියලා ඉවරයි. මගේ අම්මාත් එයාගේ මිනිය එහෙම ලිව්වා. මම ඉපදුණ දවසේ ඉඳන් අම්මා මට කියලා දුන්න දේවල් එක්ක මට දැන් හිතෙනවා කොච්චර දේවල් න අම්මා සමාජය ගැන දන්නවද, දුර හිතලා තියෙනවාද කියලා. මම මැරුණාට පසුව මට මොකක්ද වෙන්නේ කියලාත් මම දැන් දන්නවා.

රුවන් ගුරුවරයෙක්. ගුරු වෘත්තිය කියන්නේම අභියෝගයක්?

ඒක හොඳ මාතෘකාවක්. මගේ ගුරුභූමිකාව ඇතුළේ මම වැඩිපුරම කැමති ඉංග්‍රීසි ගුරුවරයා කියන කෙනාට වඩා දහම් පාසල් ගුරුවරයා ගැන කතා කරන්න. අදටත් මම දහම්පාසලේ උගන්වනවා. ඒක මම මැරෙනකොට තාත්තට දීපු පොරොන්දුවක්. මම විශ්වවිද්‍යාලයට යන එක දහම්පාසලේ උගන්වන එක "වත්තේ" සමාජයේ හැටියට තාත්තට වැදගත් දෙයක් වුණා. ඒ දහම්පාසලට ආපු බහුතරය මං වගේ ජීවිතය පටන් ගත්ත අය. මට තිබුණු ලොකුම අභියෝගය ඒ ළමයින්ට ගෙදරින් ලැබෙන්නේ නැති හයිය දීලා ඒ ළමයින්ව හොඳ තැනකට ගෙනෙන එක. අද වනවිට මම "වත්තේ" ළමයි දහනව දෙනෙක් විශ්වවිද්‍යාලයට යවලා තියෙනවා. ගහලා, බැනලා, සැර කරලා දක්ෂ දරුවන්ව ඉගෙනගන්න පෙළඹුවා. අදටත් මම ඒක කරනවා. මම උගන්වපු හැම දරුවෙක්ම ඉතාම හොඳින් ස්වාධීනව ජීවිතය ගත කරනවා. විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබපු අයට අමතරව සමහර අය හොඳ රස්සා කරනවා, සමහර අය පිටරටවල්වල. ඒ නිසා සමාජ ශෝධකයකු විදිහට මම සෑහෙන්න සතුටු වෙනවා. ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට කරන වෘත්තිය වෘත්තිය මම කරන්නේ මුදලට. ඒ නිසා ලොකු තෘප්තියක් ලබන්නේ නැහැ. ඒ ජීවිත මට හරිම දුරයි. මට ඔවුන්ව මගේ ආකාරයට හැඩගස්වන්න බැහැ. ඔවුන්ගේ මවුපියන්ගේ අවශ්‍ය විෂය මාලාව අනුව ඉංග්‍රීසි උගන්වන එක. ඒ අතරවාරයේ ජීවිතය සම්බන්ධයෙන් විවිධ දේවල් කියන්න ගිහිල්ලා සිලබස් එක මිස් වුණා කියලා ළමයි මාව දාලා ගියපු අවස්ථාත් තියෙනවා. මම නාරහෙන්පිට ඉන්න කාලේ පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල හිටපු බොහෝදෙනා මගෙන් ඉංග්‍රීසි ඉගෙන ගත්ත අය. සමහරු පවුල් පිටින් මගෙන් ඉංග්‍රීසි ඉගෙනගත්තා.

ජීවිතය දිහා ආපසු හැරිලා බලද්දී වැඩිපුරම තියෙන්නෙ සතුටු වෙන්න පුළුවන් තැන්ද පසුතැවෙන තැන්ද?

ඔක්කොම තියෙන්නෙ සතුටුවෙන්න පුළුවන් දේවල්. මම ජීවිතේ කිසිම තැනකදී පසුතැවිල්ල නැහැ. මගේ ජීවිතය දරාගන්න බැරි අහිමිවීම් දෙක අම්මයි තාත්තයි නැති වුණ එක. ඒ හැරුණුකොට පසුතැවීම් නැහැ.

ජීවිතයේ ඉදිරි අභියෝගවලට රුවන් වික්‍රමසිංහ ලෑස්තිද?

සියයට සියයක් ලෑස්තියි. මට ඉන්නේ පුතෙක්. මට ඕනේ මටත් වඩා හොඳ පුතෙක් හදාගන්න. මට තියෙන අභියෝගය මගේ අම්මයි තාත්තයි මාව හදා ගත්තට වඩා හොඳට මගේ පුතාව හදාගන්න පුළුවන් වෙයිද කියන එක. එයාලා මාව එක ලෝකෙකින් තව ලෝකෙකට මාරු කළා. මගේ පුතා දැන් ඉන්නේ මාත් එක්ක මේ ලෝකේ. මට තියෙන අභියෝගය තමයි මිනිස්සු ගැන දැනෙන, මිනිසුන්ගේ දුක දන්න, අනිත් මිනිස්සුන්ට උදව් කරන කෙනෙක් කරන්නේ කොහොමද කියන එක.

නිර්මාණි බණ්ඩාරනායක
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top