අරගලය තවමත් එලෙසම ක්‍රියාත්මකයි.
ගෝල්ෆේස් පිටියේ ඇරඹි අරගලයේ සොඳුරු ගම තවමත් එලෙසමයි.
එතන කොහොමත් හරි වෙනස් වැඩ සිදුවුණ තැනක්නෙ..
ඉතින් මේ කතාවත් එහෙම එකක්.
හැමෝම වගාවට යොමුවෙලා ඉන්න මේ මොහොතෙ ඔවුනුත් ඒ වෙනුවෙන් මේ විදියට දායක වෙලා..
එළවළු පැළ ඕන අය ගෝඨාගෝගම "යූත් සෙන්ටර් එකට එන්න.
මිරිස් ,වම්බටු,නයි මිරිස් පැළ තියෙනවා. ඔයාලගෙ ගෙදරට අවශ්‍ය එළවළු වර්ග ටිකක් හරි ගෙවත්තෙම හදාගන්න පුළුවන් අය එන්න ඇවිත් අරගෙන යන්න.
මිනිස්සුන්ට නොමිලේ බෙදලා දෙන්න කියලා "යූත් සෙන්ටර්" අපිට එළවළු පැල ලබාදුන් ඒ පිරිසට ගොඩක් ස්තූතියි.මේ හැම දෙයක්ම මිනිස්සු කරන්නේ අපේම මිනිස්සු වෙනුවෙන්!අපේම රට වෙනුවෙන්!
අරගලයට ජයවේවා!
-යූත් සෙන්ටර් අපි-