Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
27
"හේමාල් ඉපඳුණේ පොලිස් ජීප් එකකින් ඉස්පිරිතාලෙට ගිහින්" නොදන්නා කතා ගොඩක් කියන හේමාල් රණසිංහගේ අම්මා

- "හේමාල් ඉපඳුණේ පොලිස් ජීප් එකකින් ඉස්පිරිතාලෙට ගිහින්" නොදන්නා කතා ගොඩක් කියන හේමාල් රණසිංහගේ අම්මාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

හේමාල් රණසිංහ කියන්නේ මෙරට වර්තමාන සිනමාවේ තරු ගුණයෙන් යුතු එකම සිනමා තරුව බව කවුරුත් දරන පොදු මතයක්. කාලයක් තිස්සේ සිනමාවට අවැසි වුණු පෞරුෂයක හිඩැසක් ඔහු විසින් පිරෙව්වා.



ජනප්‍රියත්වය වගේම දක්ෂතාවය නිසා හේමාල් රණසිංහ රඟපෑ සියලුම චිත්‍රපට පාහේ වාර්තා අතරට එක් වුණා. මේ හේමාල් රණසිංහගේ මව සමඟ ඔහු ගැන කළ සම්මුඛ සාකච්ඡාවක්.

ජීවිතේ කියන්නේ එක්තරා විදිහක නවාතැන්පළක් කියලා ගොඩක් අය කියනවා. මේ සංසාරේ එක එක විදිහට එක එක තැන්වල නවතින අපි, මේ ලෝකෙට ජීවත් වෙන්න බලාගෙන, ජීවිතේ එක්තරා නවාතැනක් කරගෙන එන්නේ, ඉසිඹුලමින් විඩා නිවාගන්න හිතාගෙන. දෑත් මිට මොළවගෙන හිස් අතින් මේ ලෝකෙට එන හැමෝම ආපු දවසේ ඉඳන් මියෙදෙන තුරාවට ගොඩක් දේවල් තමන්ගේ කරගන්න දත කනවා.

බැඳීම් කියන්නෙත් අන්න ඒ වගේ මිනිස්සු තමන්ගේ කරගන්න, තමන්ගේ ළඟින් අල්ලලා ගැට ගහලා තියාගන්න හදන ඒවට. බැඳීම් කියන්නේ හරි පුදුම දෙයක්. කාටවත් නොපෙනන භෞතික නොවන ආධ්‍යාත්මික මනෝමූලික අරමුණු පදනම් කරගත්ත දෙයක්. “බැඳීම්” කියන වචනෙ මතක් වෙනකොට ඊළඟට මතක් වෙන්නේ “දැනෙනවා” කියන වචනේ. මොකද හැමෝම බැඳීම් හදාගන්නේ කලින් කියපු අධ්‍යාත්මික, මනෝභාවිකයන් දැනෙන්න. සමහර බැඳීම් තියෙනවා ඒවා වචනෙන් විස්තර කරන්න බැරි තරම් හරි සංකීර්ණයි. මිනිස්සු උපතේ ඉඳන් මැරෙන තුරාවට අරන් යන, උදේ හිට හැන්දෑ වෙනකන් නැතුවම බැරි පෙකණිවැලේ බැඳීම කියන්නෙත් අන්න ඒ වගේ හරි සංකීර්ණ මනෝභාවිකවලින් හැදිච්ච බැඳීමකට.
“ඇත්තටම, මේ එකාට එකා නැති, කුහකයන්ගෙන් පිරිච්ච, ලෝකෙක මොකද්දෝ දෙයක් හොය හොයා ඉන්නවාට වඩා මට වෙලාවකට හිතෙනවා.... මේ හැමදේම දමලා ගහලා අම්මා ළඟට ගිහින් එයාගේ රස කෑම කාලා ගොවිතැනක් කරගෙන හරි හිටියත් කමක් නෑ කියලා.”
පහුගිය දවසක දුරකතන සල්ලාපයක් අතරතුර හිත නතර වුණු වචන ටිකක් තමයි මේ... මේ වචනවල අයිතිකාරයා ලංකාවේ වර්තමාන කලා ලෝකේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය රංගන ශිල්පියෙක්. බොහෝ සිනමා විචාරකයන් කියන විදිහට ලංකාවේ ඉන්න සිනමා රංගන ශිල්පීන් අතරින් “තරු ගුණයෙන්” යුක්ත එකම රංගන ශිල්පියා ඔහුයි. එක්තරා විචාරකයෙක් කියපු විදිහට 70, 80 දශකවලින් පස්සේ චිත්‍රපටියකට පළමු වරට ගැලරියෙන් විසිල් සද්දේ ඇහුණාලු ඔහු රඟපානවිට.

හේමාල් රණසිංහ කියන්නේ වත්මන් සිනමා ක්ෂේත්‍රයේ දීප්තියෙන් අගතැන්පත් තරුවක් කිව්වොත් හරියටම හරි. ඔහුට තියෙන කියලා නිම කරන්න බැරි ජනප්‍රියත්වය නිසාම කා අතරන් කතාබහට ලක්වෙන චරිතයක් වෙලා හමාරයි.
නමුත් එක තැනකදි හේමාල්ගේ අර වචන කීපය අතරේ හිත නතර වුණේ කපුගේ මහත්තයාගේ “දවසක් පැල නැති හේනේ” ගීයේ රම්බණ්ඩා සෙනෙවිරත්නයන් ලියපු “ඔටුන්න බිමදා දුවගෙන එන්න ද එක පිම්මේ” පද පේළියත් එක්ක ගලපන අතරේ.

ජනප්‍රියත්වය, පිළිගැනීම, ගරු සැලකිලි කොතරම් තිබුණත් ඒ හැමදේම දමලා ගහලා අම්මා ළඟට යන්න දරුවෙක්ට හිතෙන්න තරම් ඒ අම්මාගෙයි පුතාගෙයි බැඳීම කොච්චර හයිය ඇත්ද?
ඉතින් ඒ පෙකණිවැලේ කතාවේ වංහුං හොයාගෙන යන්න අපි තීරණය කළේ බැඳිම්වලින් වියුක්ත වෙමින් පවතින ලෝකයක, කීබෝර්ඩ් බැඳීම් එක්ක හුස්ම ගන්න මිනිස්සු ටිකකට බැඳීම්වල තියෙන හයිය පෙන්නන්න කියලා හිතාගෙන.
ඉතාම කෙටි දුරකතන සංවාද කීපයකට පස්සේ මේ අම්මගෙයි, පුතාගෙයි බැඳීම හොයාගෙන දුරබැහැර ගැන නොහිතාම ලංකාවේ හරි මැදට, එහෙම නැත්තං මාතලේ ප්‍රදේශයට යන්න තීරණය කළා.
හරියටම ඒ... මුළු රෑම හඳත් එක්ක ‍ෙදාඩව ‍ෙදාඩව හිටපු කුරුළු කොබෙයියෝ එකා දෙන්නා කැදලිවලින් නික්මිලා අහසේ ලස්සන රටා අදින්න ලෑස්ති වෙන වෙලාව. පිටුකොටුවේ ජෑම්, බෝ, කොට්ටම්බා ගස්වල ඉන්න කපුටන් උදේ වැඩ මුරේට මල්වත්ත පාරට පියඹලා යන වෙලාව. ඉදල තු¾ඩින් ගත්ත කපුටු කිරිල්ලියෝ මල් උයන්, ලොකු මිදුල් මංපෙත් ඉදල් පහරින් මෙල්ල කරන්න යන වෙලාව. ඒ උදේ 6ට විතර ඇති.

මාතලේ-පිටකොටුව සුදුපාට අස්සයෙක්ගේ පිටේ නැග්ග අපි පාරේ කරපු කලබැගෑනියත් එක්ක මාතලේට යනකොට 12.30 විතර වුණා. කියපු මං සලකුණු දිගේ හේමාල්ගේ ගෙදරට යනකොටත් අම්මා පාරට වෙලා මඟ බලන් ඉන්නවා අපි එනකං.

අම්මා දකිනකොට මට හිතුණේ හේමාල්, අම්මා වගේ කියලා. ඒ හැඩරුවට සමාන තුරුණු වියේ නටඹුන් තාමත් ඉතිරි ඇගෙ වත හරි ප්‍රියමනාපයි.

ගෙදරට ඇතුළු වෙද්දිම මුලින්ම හමුවෙන්නේ නානාවිධ දේශීය බෙහෙත් වර්ගවලින් පිරුණු ඇගේ දේශීය වෛද්‍යාගාරය. කවුරුත් නොදන්න දෙයක් තියෙනවා. හේමාල්ගේ අම්මා ආයුරේවේද වෛද්‍යවරියක්. වා, පිත්, සෙම්, ආන්ත්‍රික ඇතුළු සියලු සර්වාංග රෝග සමනය කරන ඉසිවරියක්. අම්මා විතරක් නෙමෙයි හේමාල්ගේ තාත්තා, සීයා මේ ඔක්කොම සිංහල වෙද පරම්පරාවක වෙද මහත්තුරු. හේමාල්ත් ඒ පරම්පරාවේ එක පුරුකක්.
ආදරෙන් අපිව පිළිගත්ත අම්මා ගේ ඇතුළටම එක්කරගෙන ගියා.

“මං උදේ ඉඳන් බලාගෙන හිටියේ කෑමත් ලෑස්ති කරගෙන එයි කියලා...”

අම්මාගේ ආදරණීය පිළිගැනීමෙන් පස්සේ ඒ නොඉවසිලිමත් වචන ටික ඇහුණා. අම්මලා කොහොමත් එහෙමයි. පොඩි කාලේ ඉඳලා ඇහේ මූණේ තියාගෙන හදපු දරුවෝ රටේ ඉහළ තලයක වැජඹෙද්දී ඒ ගැන කියන්න නොඉවසිල්ලෙන් මග බලාගෙන ඉන්නවා.

මද වේලාවක් ගත කර ගිමන් නිවාගෙන අෑ සකස් කළ ප්‍රණීත දිවා ආහාරවේල රසවින්ඳ අපි මේ පෙකණිවැලේ කතාවේ ආදරණීය මතකයන් හාරවුස්සන්න පටන් ගත්තා.
විසාකා චිත්‍රාංගනී මැදිවක. ඒ තමයි ඇගේ නම. මහනුවර මැදිවක ප්‍රදේශයේ මැදිවක වලව්වේ ඉපදිලා සහෝදරයෝ දෙදෙනෙක් සහ සහෝදරියෝ තුන්දෙනෙක්ට වැඩිමහල් සහෝදරිය වුණු මේ අම්මාගේ ළමාවිය වැඩියෙන්ම ගතවුණේ ඇගේ අත්තම්මා ළඟලු. උඩුගම වලව්වේ කුමාරිහාමි කෙනෙක් වුණු අත්තම්මාගේ සෙනෙහසත් එක්ක ළමාවිය ගෙවිච්ච පුංචි මැණිකේ කෙනෙක් තමයි හේමාල්ගේ අම්මා.
කරල්ලියද්දේ පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරපු මේ අම්මාව අත්තාම්මාට නැතිවම බැරිලු. අම්මාටයි, අප්පච්චිටයි තමන්ගේ දුවව, අත්තම්මා ගෙදර අරන් යන්නම දුන්නේ නෑ කියලා තමයි අම්මා අපිත් එක්ක කිව්වේ.

“මගේ අත්තම්මා මට හරිම ආදරෙයි. මාව අම්මයි අප්පච්චියි ඇවිත් එක්කන් ගියාම අත්තම්මා ලෙඩ වුණා. ඒ නිසා එයාලා මාව ආයි අත්තම්මා ගාවට ඇරලුවා.”

මේ වචනවලින්ම ඒ ආදරේ අපිට හිතාගන්න පුළුවන්.

අම්මාගේ පුංචි කාලේ ගැන මතක රස කර කර කියන එක මොහොතකට නතර කරන්න වුණේ හදිස්සියේ හිතට ආපු ප්‍රශ්නයක් නිසා.

“එතකොට අම්මා ආයුර්වේදය ගැන ඉගෙන ගන්න පටන්ගත්තේ කොයි කාලේද?”
“ඉස්කෝලේ ගිහින් ඉවර වුණාම තමයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන ආසාවක් ඇති වෙලා තමයි ඒ ගැන ඉගෙන ගන්න පටන් ගත්තේ.”

“මොන වෙද මහත්තයාගෙන් ද අම්මා ඉගෙන ගත්තේ?”

“මම ඉගෙන ගත්තෙත් හේමාල්ගේ තාත්තිගේ යටතේ තමයි.”

අන්න එහෙමයි ඒ කතාව පටන් අරගෙන තියෙන්නේ. ඒ ගැන මතක් කරද්දිත් අම්මාගේ මූණේ ඇඳුණු ආදරණීය හිනාව ඒ ආදරේ ගැන සාක්කි කියනවා.

ඒ ප්‍රවේගී ආදරණීය කතාව පටන් ගත්ත විදිහ ගැන විස්තර කිය කිය ඉන්න අම්මා එකතැනක කතාව නතර කළා.

“හේමාල්ගේ තාත්තා පහතරට වලව් පැලැන්තියේ. අපි උඩරට නිසා ඒකට අපේ ගෙදරින් කැමති වුණේ නැහැ...”

කොහොමින් කොහොමහරි ඒ ආදරේ ජය ගත්තලු. හේමාල්ගේ තාත්තා සෙනරත් රණසිංහ. අම්මා කියපු විදිහට තාත්තා හරිම ආදරණීය, හොඳ පුද්ගලයෙක්ලු. අම්මා තමන්ගේ ආත්මීය බැඳිමක වතගොත මේ විදිහට මාත් එක්ක බෙදා ගනිද්දී මට ආවේ මෙහෙම ප්‍රශ්නයක්.

“හේමාල්ගේ තාත්තත් ඉස්සර හේමාල් වගේම කඩවසම් ඇති නේද?”

“ඔව්. ගොඩක් කඩවසම්. ඒ වගේම හරි ලස්සනයි එයා.”

කොහේදෝ බලාගෙන අම්මා ඒ යටගියාව මතක ගන්න උත්සාහ කරනවා. ඒ මතක හරි රහයි. දැන් තියෙන, අද ඇතිවෙලා හෙට නැතිවෙන බැඳිම් වගේ නෙමෙයි. පටන් ගත්ත දවසේ ඉඳන් මියෙන තුරාවට ඒ සිතුවිලි එකට හුස්ම ගන්නවා. ඒවා අහන් ඉද්දිත් හිත මොකද්දෝ හැඟීමකින් පිරෙනවා.

1980 වසරේ විවාහ වෙන අම්මාට විවාහ වෙද්දි වයස 21ක්ලු. හේමාල්ට කලින් හේමාල්ගේ වැඩිමල් සහෝදරයෝ දෙපළ මේ ලෝකේ එළිය දකිනවා.

“එතකොට අම්මේ හේමාල් පවුලේ තුන්වෙනියා ද?”

“ඔව් එයා පවුලේ තුන්වෙනියා. බාලයා හේමාල්ගේ මල්ලි.”

අපේ කතාවේ කතානායකයා ළඟ අන්න ඒ විදිහට කතාව නතර වෙනවා. හේමාල්ගේ අම්මා ආයුර්වේද වෛද්‍යවරියක් වුණාට දරුවන් ගැන හිතලා ඒ සියලු වගකීම් හේමාල්ගේ තාත්තාට භාර දීලා දරුවන් වෙනුවෙන් තමන්ගේ කාලය කැප කරපු අම්මා කෙනෙක්. රස්සාව ගැන විතරක් හිතන විවෘත ආර්ථීකේ එක්ක සල්ලි පස්සේ හිස් ලූලූ අත හඹාගෙන යන තමන්ගේ දරුවෝ ආයඅම්මලා ළඟ හදන අම්මලාට ඇගේ මේ වචන ලොකු කතාවක් කියනවා.

“බැන්දට පස්සේ මම වෘත්තියෙන් අයින් වෙලා ළමයි ගැන හිතුවා. ඒත් මම හේමාල්ගේ තාත්තාට උදව් කළා. ළමයි ටික හොඳට හදාගන්න තමයි මට ඕනේ වුණේ.”

ඒ අතීත කතාව සිහිපත් කරන අතරේ හදිස්සියේ අම්මා එක පුදුම හිතෙන කතාවක් කිව්වා.

“හේමාල්ව මට හම්බෙන්න අමාරු වෙද්දි ඇදිරි නීතිය දාලා තිබුණේ. කොහොමහරි අන්තිමටම එයාව හම්බෙන්න ඉස්පිරිතාලේ ගියේ පොලිස් ජීප් එකක.”

සිනමාවේ දඟකාරයා අම්මාගේ බඩේ ඉඳන්ම දඟකාරකං කරලා තමයි මේ ලෝකේ එළිය දැකලා තියෙන්නේ. ඒ වෙලාවේ හිතට කොච්චර නම් බයක් ඇත්ද? 1984 කියන්නේ ලංකාව බියෙන් වෙලී ගිය කාලයක්. ඒ වගේ භය බිරාන්ත කාලෙක විලිරුදාව අම්මෙක් කොහොම දරාගන්න ඇත්ද?

අම්මලාගේ පුතාලාගේ බැඳීම කොච්චර හයිය වුණත් ආදරණීය වුණත් හේමාල්ගේ ලොකු අයියාගෙන් පස්සේ අම්මා දුවෙක් ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉඳලා තියෙනවා. ලස්සන ලස්සන ගවුම් පොඩි අන්දලා හැඩ බලන්න, ගෑනුකම ගැන කියලා දෙන්න විතරක් නෙමෙයි මේ මහා සංකීර්ණ ලෝකේ ගෑනු ළමයෙක් හැදෙන හැටි ගැන කියලා දෙන්න ආසාවෙන් බලාගෙන හිටපු අම්මා කෙනෙක් ඒ.

“මගේ දෙවෙනි පුතාගේ ඉඳලා මම දුවලා ගැන තමයි හිතුවේ. ලස්සන රෝස පාටින් මුළු කාමරයම සරසනවා. ඇඳුම් මහනවා. හේමාල් ලැබෙද්දිත් රෝස පාටින් ඇඳුම් මැහුවේ. ඒත් මට ලස්සන රෝස පාට දුවෙක් හම්බුණේ නෑ. හේමාල් හම්බුණාට පස්සෙ ඩොක්ටර් මට,
“මිසිස් රණසිංහ ඔයාට පුතාලා තුන්දෙනා ලස්සන දුවලා තුන්දෙනෙක් අරන් එයි. ඒ නිසා දුක්වෙන්න එපා” කිව්වා.

හේමාල්ගේ අම්මයි, තාත්තයි වෛද්‍යවරු වුණාට කලාව ලැදි, කලා සවිඥානයක් සතු දෙපළක්. අම්මා මේ කියන කතාවෙන් ඒක සාක්ධි ඇතුවම ඔප්පු වෙනවා.

“ඉස්සර තිබුණා 9.30 show එක. මමයි හේමාල්ගේ තාත්තියි රෑට කාලා බීලා ළමයින්ව නිදි කරලා 9.30 show එක බලන්න යනවා. ළමයින්ට හොඳ film එකක් තිබ්බොත් එයාලාවත් එක්කන් යනවා.”

ඔහුගේ මේ ගමනේ ආරම්භය පටන්ගෙන තියෙන්නෙ එතනින්. දෙමාපියන්ගේ කලා රසඥතාවය කොහොමත් ආරමය ලක්ෂණවලින් ළමයින්ට එනවා. ඉතින් හේමාල්ගේ මේ තරු ගමනේ පාදම හැදිලා තියෙන්නේ අන්න එතනින්.

මේ පිළිසඳර මේ විදිහට ගලාගෙන යද්දි හේමාල්ගේ පුංචි කාලේ මතකයන් ගැනත් අම්මාගෙන්ම අහන්න අමතක කළේ නැහැ.

“හේමාල් පොඩි කාලේ ගොඩාක් දඟයි. අයියලා දෙන්නා එක්ක තමයි එයා හැම දඟවැඩක්ම කරන්නේ. හේමාල් පුටුවක ඉස්සරහින් කවදාවත් බහින්නේ නැහැ. වටෙන් ගිහින් උඩින් තමයි එයා බහින්නේ. දඟම දඟයි.”

ඒ දඟම දඟ කොල්ලා කවදාවත් මේ වගේ තැනකට එයි කියලා අම්මා හිතන්නේ නැතුව ඇති. අම්මා මේ මතක හැමදේම දිග හරින්නේ හරිම ආසාවෙන්. දරු සෙහෙහසින්. ඒ නිසාමද කොහෙද ඒ හැම වචනයක් වචනයක් පාසා ඇගේ ආදරය දෝරේ ගලනවා.

“එතකොට අම්මා හේමාල්ට ගෙදරට කියන්නේ මොකක්ද?”
හදිස්සියේම හිතට ආපු ප්‍රශ්නයක් කතාව අතරමඟ මම ඇහුවා.

“එයාට අපි පොඩි කාලේ ඉඳන් ආදරේට කියන්නේ “සචී” කියලා. එයාගේ නමේ තියෙන “සචීන්ද්‍ර” කියන එක කෙටි කරලා තමයි එහෙම කියන්නේ.”

“හේමාල්ට සැර කළාම හරි දුකයි. කිසිම දෙයක් එයාට දෙසැරයක් කියන්න ඕනෙත් නෑ. ඒ වගේම එයා බොරු කියන කෙනෙක් නෙමෙයි. තුන්දෙනා එකතුවෙලා මොනාහරි දෙයක් කළොත් හේමාල්ගෙන් තමයි ඇත්ත දැනගන්න පුළුවන්...”

අම්මා හරි විවෘතව ඔහුගේ කුඩා කාලේ විස්තර අපිත් එක්ක බෙදා ගන්නවා. මේ අතරෙ හේමාල්ගේ තරුණ කාලේ අම්මා එක්ක තිබුණ බැඳීම ගැනත් අහන්න තීරණය කළා.

“හේමාල් එයාගේ හැමදෙයක්ම මට කියනවා. මේ ගෙදර අම්මටයි, යාළුවටයි ඔක්කොටම ඉන්නේ මම. එයා මට තමයි ගොඩක් කිට්ටු. ළමයි ලොකු වෙද්දි අම්මලාගෙන් අෑත් වුණාට අදටත් මගේ ළමයි මට ගොඩක් කිට්ටුයි. හේමාලුත් එයාගේ පෙම්වතියෝ ගැන පවා මට කියනවා.”

ඒ අම්මගෙයි පුතාගෙයි බැඳීම කොච්චරක් ද කියලා මේ වචන ටිකෙන් තේරුම් ගන්න පුළුවන්. කොහොමත් පුතාලා වැඩියෙන් කිට්ටු අම්මලාට. ඒ නිසාම වැඩියෙන් ආදරේ කරන්නෙත් අනාගත සහකාරිය ගැන පූර්වාදර්ශය කරගන්නෙත් අම්මාගේ ප්‍රතිරූපයෙන්.

හේමාල්ගේ මේ තරු ගමන ගැන හීන දැකපු කාලේ ගැන අම්මා හෝඩුවාවක් අපිත් එක්ක කිව්වා.

“හේමාල් ඉස්සර එයාගේ පොත් මේසේ වීදුරුව යට නළු නිළියන්ගේ රූප එකතු කරලා තිබ්බා. ඒත් කවදාවත් හිතුවේ නෑ එයා ඒ ක්ෂේත්‍රයෙන් ඉස්සරට යයි කියලා.”

උසස් පෙළින් පස්සේ පෞද්ගලික රැකියාවක් කරන්න කොළඹ ඉන්න නැන්දා ළඟට ආපු හේමාල් රංගනයට නැඹුරු වෙච්ච හැටි, රැකියාව අතරතුර නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණ හැටි අම්මා අපිත් එක්ක කිව්වා. ඒ අතරතුර හිතේ නලියමින් තිබුණු ප්‍රශ්නයක් එවෙලේ ඇහුවේ ඒ හරිම වෙලාව නිසායි.

“හේමාල්වත් ආයුර්වේද වෛද්‍යවරයෙක් කරන්න කැමැත්තක් තිබුණේ නැද්ද අම්මේ?”

“මගේ දරුවෝ ඉපදුණේ බෙහෙත් එක්ක. එයාලා හැදුණේ ඒවත් එක්ක. ඉතින් එයාලා ආයුර්වේදය ගැන යම් තරමක් දන්නවා. නමුත් හේමාල්ගේ කැමැත්ත තිබුණේ වෙන පැත්තකට. ඒ නිසා මම ඒකට ඉඩදුන්නා.”

පොඩි කාලේ ඉඳන් අතින් අල්ලගෙන යන්න හරි පාර පෙන්නලා දරුවෝ උස් මහත් වුණාට පස්සේ එයාලා යන පාර දිහා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න කට්ටියක් තමයි අම්මලා කියන්නේ. ළමයි හරි පාරේ යන දිහා නිහඬව බලලා සතුටු වෙනවා ඇර එයාලාගේ සතුට වෙන මොකක්ද?
“සුපර් සික්ස්”,”ප්‍රවේගයෙන්” පස්සේ ලංකාවේ අතිශය ජනප්‍රිය වුණු හේමාල් රණසිංහ ගැන මොකද හිතෙන්නේ කියලාත් අම්මා අපිට කිව්වා.

“ඇත්තටම මම අම්මා වගේම එයාගේ රසිකාවියක් විදිහට එයා ගැන ගොඩාක් සන්තෝස වුණා. කොහොමත් එයාගේ නිර්මාණයක් බලලා මගේ අදහස එයාට කියනවා.”

මේ වෙද්දි ලංකාවේ සිනමාවේ ඉතා කෙටි කලකින් සුවිශේෂී මංසලකුණක් සටහන් කරන්න හේමාල්ට හැකිවුණා. බොහෝ විචාරකයන්ගේ අවධානය දිනාගන්න වගේම ඔවුන්ගෙන් හේමාල් පිළිබඳ ධනාත්මක මතවාදයන් පවා පළ වුණා. ඒ විදිහට පුතා අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ කියලත් අෑ අපිත් එක්ක කිව්වා.

“මගේ පුතාට ගොඩක් අය හොඳ කියනවා. ඒ වගේ දේවල් මගේ පුතා ගැන අහන්න අම්මා කෙනෙක් වුණ එකට මම ගොඩක් සන්තෝස වෙනවා. ඒ වගේම මම ගොඩක් වාසනාවන්ත අම්මා කෙනෙක්.”

ඒ වචන අවසන් වුණේ පුංචි ඉකියකින්. ඒත් එක්කම ඒ සතුටු කඳුළු ඇගේ ඇස් කෙවෙනි අග දිලිසෙනවා. දරුවෝ මහ ඉහළට යද්දි පහළ ඉඳන් ඒ දිහා බලාගෙන ඉන්න අම්මා කෙනෙක්ගේ සන්තෝසේ වචනෙන් කොහොමද විස්තර කරන්නේ? ජනප්‍රිය චරිත තව තවත් ජනප්‍රිය වෙද්දි ගොඩක්දෙනා ඒ තරු දිහා බලාගෙන ඉන්නවා. එයාලා ගැන කතා කරනවා. හේමාල් කියන්නෙත් බොහෝදෙනා අතරේ කතාබහට ලක්වෙන චරිතයක්. ඒ අතරේ හේමාල්ට කටකතා හැදිලා තියෙනවා. ඒ ගැනත් අම්මාගෙන් අහන්න අමතක කළේ නැහැ.

“මගේ පුතා ගැන මට විශ්වාසයක් තියෙනවා. මේ ක්ෂේත්‍රයේ හැමෝටම කටකතා හැදෙනවා. පළ ඇති රුකටනේ ගල් ගහන්නේ. පුතා අදටත් මට හැමදේම කියනවා. කවුරු මොනා කිව්වත් පුතා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා.”

තැනින් තැන නතර වෙමින් කතාව මේ විදිහට ගලාගෙන යන අතරේ හේමාල්ගේ විවාහය ගැන අම්මා කිව්වේ මේ වගේ දෙයක්.

“මම කැමති අර මෙයා ඉපදෙනකොට ඩොක්ටර් කිව්වා වගේ ලස්සන රෝස පාට දුවෙක් හේමාල් අරන් එනවා නම්. මම එයාට කියලා තියෙනවා ඒ ගැන. එයා ඉස්සර කිව්වා “අම්මි හොයන්න” කියලා. දැන් කියනවා “මම බඳින්නේ නෑ” කියලා. ඒත් මම කැමති නෑ එයා ඒ ෆීල්ඩ් එකේ කෙනෙක් බඳිනවාට. එයා කරන වෘත්තිය ගැන අවබෝධයක් තියෙන ආගමට, ජාතියට ලැදි ලේලි කෙනෙක් නෙමෙයි මට දුවෙකුයි ඕනේ.”

දරුවෝ පිලිවෙලක් වෙනවා දකින්න අම්මලා කැමතියි. වෘත්තියෙන් ඉහළ තලයක ඉන්න හේමාල් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා දකින එක තමයි අම්මාගේ ඊළඟ සතුට.

ජීවිතයේ සැදෑ සමයට කෙමෙන් කෙමෙන් ළඟාවෙන ඇය මුණුබුරු මිණිබිරියන් පස්දෙනෙක්ගේ මිත්තණියක්. දරුවන්ගේ ආදරය වගේම මුණුබුරු මිණිබිරියන්ගේ ආදරය නොමඳව ලබන ඇය දරුවන්ගේ අනාගතය දෙස සතුටින් බලා සිටින්නීය.
හේමාල්ගේ තාත්තාගේ අභාවයත් සමඟම ජීවිතය පිළිබඳ, බැඳීම් පිළිබඳ අනිත්‍ය මෙනෙහි කරමින් කල් ගෙවන්නීය. දරුවන් ගැන සිතමින් දිගු රාත්‍රීන් ගත කරන්නීය. ජීවිතය මේ යැයි පසක් කරමින් සිටින්නීය. දස දහසක් ජීවිතවල රෝග පීඩාවන් සමනය කරමින් හුස්ම ගන්න ආත්මයන් නැවත වර නගන්නීය. තරු දිදුලන කරලියක තම පුතු පෙලහර පානු දැක සොම්නසින් ඒ දෙස නෙත් හෙලන්නීය.
කතා කරන්නට මේසාවිසල් දෑ තිබුණ ද කාලය හා අමානුෂීය සටනක නිරත වන අපි අකමැත්තෙන් වුව ඒ ආදරණීය පිළිසඳර එතෙකින් නිමා කළෙමු.

නිර්මාණි බණ්ඩාරනායක

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top