Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
25
"ඉදිරිය ගැන කියන්න බැහැ... වර්තමානයේ අද දවස සතුටින් ගතකරනවා..." සුන්දර නිළි හිමාලි - Photos ‍

- "ඉදිරිය ගැන කියන්න බැහැ... වර්තමානයේ අද දවස සතුටින් ගතකරනවා..." සුන්දර නිළි හිමාලි - Photos ‍Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

" ....ඒ නිසාම එහි හඬන අවස්ථාවල ග්ලිසරින් ඕනෑ වුණේ නැහැ. මමත් මවක් වීම නිසා ඒ චරිතය හැඟීම්බරව කරන්නට මට පුළුවන් වුණා. ඒ සියුම් රංගනයට වෙන්න ඇති සම්මානය හිමි වුණේ..."
 
ජනප්‍රිය ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක් වන හිමාලි සති අන්ත පුවත්පතකට ලබාදී තිබූ සාකච්චාවකි මේ.
 
දිවිතුරා එක්ක ඉන්න ඔබට ඇයව වඩාත් සමීප බව අමුතුවෙන් කියන්න ඕනි නෑ. ඒ වගේම ඇය මෑතකදී සුනාමි චිත්‍රපටය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වුණා..


මේ ඒ ගැනත් කලාවේ තොරතුරු ගැනත් වූ කතා බහක්....
 
කොහොමද මේ දිනවල වැඩකටයුතු?
 
මේ දිනවල වැඩකටයුතු කෙරෙන්නේ අඩුවෙන්. දිවිතුරා රූගත කිරීම් සිදු කරනවා. ඊට අමතරව අලුත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් සිදු කරමින් සිටිනවා.
 
ළඟදී ඔබට සම්මානයක් ලැබුණා නේද? ඒ ගැනත් කතා කරමු?
 
ඔව්. සුනාමි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් Ceylon International Film Festivalහි හොඳම සහාය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණා. එම උළෙලේම නිරංජනී ශන්මුගරාජාටත් හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. එම සම්මාන උළෙලට සහභාගිවීමට නම් ලැබුණේ නැහැ.
 
ඔබ සම්මානිත වූ චරිතය ගැන කතා කළොත්?
 
මට හරිම කනගාටුයි කොවිඩ් වසංගතය නිසා සුනාමි චිත්‍රපටය ලංකාවේ ප්‍රේක්ෂකයන්ට හරිහැටි නරඹන්නට නොහැකි වීම පිළිබඳව. නරඹපු ප්‍රේක්ෂකයන් මේ චිත්‍රපටය හොඳ චිත්‍රපටයක් ලෙස අගය කළා. මම ඒ චරිතය රඟපාන විට මගේ දුවත් ඒ චිත්‍රපටයේ දරුවාගේ වයසේමයි. ඒ නිසා ඒ චරිතය මට ඉතාම සමීපව දැනුණා. ඒ නිසාම එහි හඬන අවස්ථාවල ග්ලිසරින් ඕනෑ වුණේ නැහැ. මමත් මවක් වීම නිසා ඒ චරිතය හැඟීම්බරව කරන්නට මට පුළුවන් වුණා. ඒ සියුම් රංගනයට වෙන්න ඇති සම්මානය හිමි වුණේ.
 
සිනමාව තුළ ඔබට තවත් යමක් කරන්න තිබුණා කියලා යම් පසුතැවීමක් ඇතිවන්නේ නැද්ද?
 
පසුගිය අවුරුදු කිහිපය තුළම කොවිඩ් වසංගතය ආදී විවිධ ගැටලු නිසා නිර්මාණ සිදු කෙරුණේ නැහැ. ආරාධනා ලැබුණු නිර්මාණ පවා අවලංගු වුණා. මේ ආර්ථිකය කඩාවැටීම සමඟ නිර්මාණ කෙරෙන එක නැවතත් ඇනහිටියා. ගොළු තාත්තා සහ සුනාමි යන චිත්‍රපට දෙක තුළින්ම මම සම්මානයට පාත්‍ර වුණා. සිනමාවට මගේ දායකත්වය බොහොම මදියි. තවත් අවස්ථා ලැබුණා නම් සිනමාව තුළ යමක් කරන්න තිබුණා කියලා මම සිතනවා.
 
රටේ තිබෙන තත්ත්වය සමඟ කලාකාරිනියක් විධියට ඔබ මුහුණ දෙන ගැටලු ගැන කතා කළොත්?
 
ඇත්තටම කිවහොත් සෑම වැඩක්ම ඇනහිටලා තිබෙන්නේ. නිවේදිකාවක් විධියට සහ වෙළෙඳ දැන්වීම්වල හඬකැවීම් ශිල්පිනියක් ලෙසත් මම කටයුතු කළා. නමුත් මේ වනවිට බොහෝ වැඩකටයුතු සිදු කෙරෙන්නේ නැහැ. අපි ව්‍යාපාරිකයෝ නොවෙයි, කලාවෙන් ජීවත් වන අය. මේ කාලය උදාවෙන්නට පෙර අපි හොඳට කාලා බීලා ඇඳලා සිටියා. කොවිඩ් වසංගතය සහ ඊට පසුව මේ සිදු වූ ආර්ථික කඩා වැටීමත් සමඟ අපි ඉතාම කනගාටුදායක තත්ත්වයකට මුහුණ දී තිබෙනවා. නිර්මාණ හදන්න නිෂ්පාදකවරු නැහැ. ව්‍යාපාරිකයෝ තමයි බොහෝ වෙලාවට නිෂ්පාදන කටයුතු කරන්නේ. ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු කඩා වැටුණු විට කොහොමද ඔවුන් ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ.
 
නිවේදිකාවකට පුළුල් දැනුමක් සහ ස්ථානෝචිත ප්‍රඥාවක් තිබිය යුතුයි නේද?
 
ඔව් අනිවාර්යයෙන්ම. මට අනුව නම් නිවේදනය කියන එක රංගනයට වඩා බැරෑරුම්. අදටත් නිවේදන කටයුත්තක් තිබෙනවා නම් මම ඒකට සෑහෙන්න සූදානම් වෙනවා. මොකද කියන දේ මතකයෙන් කියන්න ඕනෑ. කොළයක් බලාගෙන කියවන්න බැහැ. අපි කතා කරන වචන ගැළපෙන්න ඕනෑ, අවස්ථාවට ගැළපෙන්න ඕනෑ.  රඟපාන විට වැරදුණොත් Cut කියලා නැවත හරියට රඟපාන්න පුළුවන්. නමුත් නිවේදනයේ දී කතා කරන වචනයක් ආපසු ගන්න බැහැ. වචනයක් වැරදුණොත් ඒක මට ආයෙ හදන්න බැහැ.
 
ඔබ වැඩිපුර කැමැති නිවේදිකාවගේ භූමිකාවටද, එහෙමත් නැත්නම් රංගන ශිල්පිනිය කියන භූමිකාවටද?
 
මේ භූමිකා දෙකටම බොහොම කැමැතියි. මම මුලින්ම ක්ෂේත්‍රය තුළට පැමිණෙන්නේ නිවේදිකාවක් විධියටයි. මම කතා කරන විලාසයට කැමැති ශ්‍රාවකයන්ගෙන් මට විශාල ප්‍රතිචාර ලැබුණා. ඉන් පසුව තමයි රංගන ශිල්පිනියක් විධියට මම කටයුතු කිරීම ආරම්භ කළේ. ඒ සඳහාත් විශාල ප්‍රතිචාර ලැබුණා. මම දෙකටම ආසයි. නමුත් මම නිළියක් විධියට සම්මාන ලබාගෙන නමක් හදාගන්න පුළුවන් වුණා. නමුත් නිවේදිකාවක් විධියට මට දැන් ලැබෙන අවස්ථා අඩුවෙලා තිබෙනවා. ඒ නිසා මම ආසයි නැවත මගේ නිවේදන භූමිකාව වැඩිදියුණු කරගන්න.
 
ඉදිරි වැඩකටයුතු ගැන කතා කළොත්?
 
ඉදිරි වැඩකටයුතු ගැන කිසිම සැලැස්මක් නැහැ. ඉදිරියේදී නිර්මාණ සඳහා ආරාධනා කළොත් භාර ගන්නවා. චිත්‍රපට දෙකකම වැඩ අවලංගු වුණා. ඉදිරිය ගැන කියන්න බැහැ. වර්තමානයේ අද දවස සතුටින් ගත කරනවා.
 
කුශාන්ති අනුරාධා බණ්ඩාර
හදගැස්ම
 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top