Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
21
ජය කෙහෙළි නංවමින්, කැන්ගරුවන් පරදා ජය ලැබූ... අපේ සිංහයින් !

- ජය කෙහෙළි නංවමින්, කැන්ගරුවන් පරදා ජය ලැබූ... අපේ සිංහයින් !Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අතර පැවති සිවු වැනි එක්දින තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වුණා.
 
ඒ ලකුණු 5කින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින්.
 
ලකුණු දෙසිය 259ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 254ක් පමණ යි.


ශ්‍රී ලංකා කණ්ඩායමක් ඔස්ට්‍රෙලියානු කණ්ඩායමක් නොකඩවා තරග 3ක දී පරාජය කරනු ලැබුවේ පළමු වරට යි.
 
මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රෙලියානු කණ්ඩායමක් නොකඩවා තරග දෙකකදී ශ්‍රී ලංකාවේදී පරාජය කරනු ලැබුවේ අදින් වසර 31ට පෙර සිදු කෙරුණු ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය තුළ දී.
 
1992 දී පැවති එම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේ තරග දෙකට එකක් වශයෙන්.
 
ඔස්ට්‍රෙලියානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ඔහුගේ 19 වැනි එක්දින ශතකය ට එක් ලකුණක් අඩුව තිබියදී දැවී ගියා.
 
වෝනර් ධනංජය ද සිල්වා ගේ පන්දුවකට පහරදීමට සීමා ඉරෙන් පිටතට පැමිණි ඇසිල්ලෙන් දක්ෂ ලෙස කඩුල්ල බිඳ දැමූ නිරෝෂන් දික්වැල්ල ඔහු ගේ ඉනිම සීමා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ බලාපොරොත්තු ඉහළ දමමින්.
 
ඩේවිඩ් වෝනර් මෙම ලකුණු 99 තුළ හතරේ පහර 12 ක් අන්තර්ගත කර තිබුණා.
 
ලකුණු දෙසිය 259 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳ වැටුණේ මුළු ලකුණු සංඛ්‍යාව තුනක් ව තිබියදී.
 
ඇරොන් ෆින්ච් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට චාමික කරුණාරත්න සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබාදෙමින්.
 
ඉන් අනතුරුව ඩේවිඩ් වෝනර් සහ මිච් මාෂ් අතරේ දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 63ක සම්බන්ධතාවක් ගොඩ නැගුණා.
 
එය බිඳ දැමුණේ දුනිත් වෙල්ලාලගේ මිච් මාෂ් ලකුණු 26කට දවා ගැනීමත් සමගයි.
 
ඉන්පසු මානස් ලබුශේන් ලකුනු 14 ටත්, ඇලෙක්ස් කැරී ලකුණු 19 කටත් ට්‍රැවිස් හෙඩ් ලකුණු 27 කටත් දවා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු බල ඇණිය සමත් වුණා.
 
ඉන් අනතුරුව පිටියේ රැඳී සිටි ඩේවිඩ් වෝනර් සමග එක්වූ මෙම තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමට මහත් හිසරදයක් වූ ග්ලෙන් මැක්ස්වෙල් එක් ලකුණක් ලබා සිටියදී දවා ගන්නට මහීෂ් තීක්ෂණ සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය බලාපොරොත්තු තවදුරටත් ඉහළ දමමින්.
 
ඒ වන විට ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 7කට ලකුණු 192 ක් වශයෙන්.
 
 
මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු ඕවර 50 තුළදී සියළු දෙනා දැවී ලකුණු 258 ලබා ගත්තා.
 
ඒ මෙම තරගාවලිය තුළ දී නොකඩවා හත් වන වතාවටත් කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රෙලියානු කණ්ඩායම් නායකයා ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුව පන්දුවට පහර දිම සඳහා කළ ආරාධනයෙන්.
 
කෙසේ වෙතත් ඔහුගේ තීරණයට ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ ඉදිරිපෙළ පන්දු යවන්නන් සාධාරණය ඉටු කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු තුනම ලකුණු 34 ක් වෙද්දි බිඳ දමමින්.
 
ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ ලකුණුු 34 ක් සටහන් වෙද්දී ආරම්භක පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල සහ පසුගිය තරගයේදි ශතකයක් රැස් කර ගත් පැතුම් නිශ්සංක දෙදෙනාම ක්‍රීඩාගාරයේ ප්‍රේක්ෂකයින් බවට පත්වී සිටියා.
 
ලකුණු 34කට කඩුලු 3ක් බිඳ වැටී ශ්‍රී ලංකා කණ්ඩායම යම් අසීරු තත්ත්වයකට වැටී සිටියදී පිටියේ එක්වූ ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ස්ථාවර නමුත් වේගවත් පිතිහරඹයක නිරත වුණා.
 
මේ දෙදෙනා අතර සිව්වන කඩුල්ල සඳහා පන්දු ඕවර විස්සයි පන්දු දෙකක් තුළදී ලකුණු 101 සම්බන්ධතාවක් ගොඩ නැගුණා.
 
එය බිඳ වැටුනේ මිච් මාෂ් ගේ පන්දුවක් හමුවේ ග්ලෙන් මැක්ස්වෙල් රැක ගත් අගනා උඩ පන්දුවක් හේතුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 60 කට දැවී යාමත් සමඟයි.
 
ධනංජය ලකුණු 60 රැස්කර ගැනීම සඳහා පන්දු 61 ට මුහුණ දුන් අතර හතරේ පහර හතක් ඔහුගේ ඉනිමට අන්තර්ගත වී තිබුණා.
 
අනිත් අංශයේ කඩුල්ල රැක ගනිමින් අගනා පිතිහරඹයක නිරත වූ චරිත් අසලංක ඔහුගේ මංගල එක්දින ශතකය රැස් කර ගන්නට සමත් වුණා.
 
ඔහුගේ ශතකය සඳහා ඔහු වැය කළේ පන්දු 99ක් පමණයි.
 
අනතුරුව දසුන් ශානක දුවද්දී දැවී යාමකට හසුවූ අතර දුනිත් වෙල්ලාලගේ චරිත් අසලංකට යම්කිසි සහයෝගයක් ලබා දෙමින් සිටියදී ලකුණු 19කට දැවී ගියා.
 
චාමික කරුණාරත්න ලකුණු හතක් ලබා සිටියදී දැවී ගියා.
 
ආබාධයකට ලක්ව පළමු තරග දෙකම අහිමි වී සිටී වනිදු හසරංග චරිත් අසලංක සමග එකතුවෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු සංඛ්‍යාව වේගයෙන් ඉහළ දමන්නට සමත් වුණා.
 
තරගයේ 47 වැනි ඕවරයේ සිව්වෙනි පන්දුවට චරිත් අසලංක දැවී ගියේ ඔහු ලකුණු 110 ක් ලබා සිටියදී.
 
ඒ පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ ආරොන් ෆින්ච් රැක ගත් අගනා උඩපන්දුවක් හේතුවෙන්.
 
තරගයේ අවසන් පන්දුවාර කිීපයදී නැවතත් පාලනය අතට ගත් ඔස්ට්‍රෙලියානු පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ කඩුලු දෙකක් ම ලකුණු නොදී දවා ගන්නට සමත් වුණා.
 
ඒ අනුව ජෙෆ්රි වැන්ඩසේ සහ මහීෂ් තීක්ෂන දැවී ගියේ ලකුණු ලබා ගන්නට පෙරයි.
 
වනිදු හසරංග පන්දු 20 කදී නොදැවී ලකුණු 21 ක් රැස්කර ගත්තා.
 
පන්දු යැවීමේදී මිච් මාෂ්, පැට් කමින්ස්, සහ මැතිව් කුහේන්මන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top