Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
21
නොබෙල් සාම ත්‍යාගලාභීයෙක් සරණාගත දරුවන් වෙනුවෙන් තම පදක්කම වෙන්දේසි කරයි

- නොබෙල් සාම ත්‍යාගලාභීයෙක් සරණාගත දරුවන් වෙනුවෙන් තම පදක්කම වෙන්දේසි කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7 Views

ලෝකයේ මේ වන විට පවතින යුද තත්ත්ව සහ අර්බුද නිසා පීඩිතයන් වෙනුවෙන් කෝටිපතියන් විවිධ පරිත්‍යාගයන් කරන ආකාරය අපි දැකලා තියෙනවා. මේ කියන්න යන්නේ තමන්ගේ ජයග්‍රහණයක් වෙන්දේසි කර ළමා සරණාගතයින් වෙනුවෙන් පරිත්‍යාග කළ පුද්ගලයෙක් ගැන.



2021 නොබෙල් සාම ත්‍යාගලාභී රුසියානු ජාතික දිමිත්‍රි මුරතොව්ට හිමි වූ නොබෙල් සාම ත්‍යාග පදක්කම ඩොලර් මිලියන 103.5ක වාර්තාගත මුදලකට වෙන්දේසි කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දිමිත්‍රි කියා සිටියේ තමන් කිසිසේත් මෙම නොබෙල් සාම පදක්කම මෙතරම් මුදලකට අලෙවි වේ යැයි අපේක්ෂා නොකළ බවයි.

යුක්රේන ළමා සරණාගතයින් වෙනුවෙන් මුදල් එකතු කිරීම සඳහා රුසියානු මාධ්‍යවේදී දිමිත්‍රි මුරතොව් විසින් වෙන්දේසි කළ නොබෙල් සාම ත්‍යාගය ඊ‍යේ රාත්‍රියේ මෙලෙස ඩොලර් මිලියන 103.5 කට අලෙවි වූයේ නොබෙල් සම්මාන වෙන්දේසි සඳහා වූ පැරණි වාර්තාව ද බිඳ දමමින්.

මෙම වෙන්දේසිය හැසිරවූ හෙරිටේජ් වෙන්දේසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගැනුම්කරුගේ අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි බවයි.

නමුත් ඔහු විදේශයක සිටින බවට ඉඟි පළ කළා.

කෙසේ වෙතත් මෙම වාර්තාගත ලංසුව තහවුරු කර ඇත්තේ ප්‍රොක්සි මගින් සිදු කරන මූල්‍ය ගනු ගනුදෙනුවක් හරහා බවත් ඔහු කියා සිටියා.

ජුනි 1 වෙනිදාට යෙදී තිබුණු ලෝක සරණාගත දිනයේදී අවසන් වූ සති 3කට ආසන්න වෙන්දේසියේ ලංසු තැබීමෙන් පසු සම්මුඛ සාකච්ඡාවකට එක්වූ මුරතොව් පැවසුවේ මෙම ක්‍රියාවලියට විශාල සහයෝගයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වූ නමුත් එය මෙතරම් විශාල මුදලක් වනු ඇතැයි කිසි විටෙකත් අපේක්ෂා නොකළ බවයි.

මීට පෙර, නොබෙල් ත්‍යාග පදක්කමක් සඳහා වැඩිම මුදලක් ගෙවා ඇත්තේ 2014 වසරේදීයි.

2021 ඔක්තෝම්බර් මාසයේදී නොබෙල් සාම ත්‍යාගය සඳහා රන් පදක්කම පිරිනමන ලද මුරටොව්, රුසියානු ස්වාධීන පුවත්පතක් වන Novaya Gazeta ප්‍රකාශනයේ ප්‍රධාන කර්තෘවරයායි.

නිව් යෝර්ක්හි ටයිම්ස් චතුරස්‍රයේදී කැරට් 23 ක් වන නොබෙල් සාම ත්‍යාග රන් පදක්කම වෙන්දේසි කෙරුණු අතර ඒ හරහා ලද අරමුදල් සෘජුවම යුක්රේනයේ යුද්ධයෙන් අවතැන් වූ ළමයින්ට උපකාර කිරීම සඳහා යුනිසෙෆ් ආයතනය වෙත ලබා දෙන බව දිමිත්‍රී මුරතොව් පවසා සිටියා.

වෙන්දේසිය අවසන් වී ටික වේලාවක් ගතවන විට යුනිසෙෆ් ආයතනය පැවසුවේ එම අරමුදල් ඒ වන විටත් ඔවුන් වෙත ලැබී ඇති බවයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top