ඉන්ධන ලබා ගැනීමට අනෙක් පිරිස පැය ගණනක් පෝලිමේ සිටියදී පෝලිමෙන් පැන කලහයක් ඇති කරගත් තරුණියක් පිළිබඳව පුවතක් වාර්තා වන්නේ කුරුණෑගල ප්‍රදේශයෙනි.
නගරයට යාබද පිරවුම්හලකට තෙල් පැමිණෙන බව ආරංචිවීම සමඟම බොහෝ දෙනා පෝලිමට පැමිණ තිබෙන්නේ තම වාහනයට ඉන්ධන ලබා ගැනම සඳහායි.
ඔවුන් පැය ගණනක් පෝලිමේ සිට තිබෙන අතර බවුසරය පැමිණ තෙල් බාන අවස්ථාවේදී ස්කූටරයකින් පැමිණි තරුණියක් පෝලිමේ ඉදිරියෙන් සිටි පුද්ගලයාට යමක් පවසා තිබේ.
අදාළ සිදුවීම කුමක්දැයි අනෙක් අයද එවිට අවධානය යොමු කොට ඇති අතර හෙල්මටය ගලවා මුඛ ආවරණයද ඉවත් කොට ඇති තරුණිය පවසා තිබෙන්නේ,
”මාව අඳුරන්නේ නැද්ද? මම ටික් ටොක් එකේ මං ගොඩක් ප්‍රසිද්ධයිනේ” යනුවෙනුයි.
එවිට එහි සිටි කාන්තාවක් ඇගෙන් පෙරළා විමසා තිබෙන්නේ පෝලිමේ නොසිට තෙල් ලබා ගැනිම සහ ටික් ටොක් වීඩියෝ කිරීම අතර ඇති සම්බන්ධය කුමක්ද යන්නයි.
”අනේ අක්කි, අපිට ටික්ටොක් එකක් කරන්න තියෙනවා, ලේට් වෙන්න බැහ. මන් ටක් ගාල තෙල් ගහගෙන යන්න කියලා ආවේ.”යනුවෙන් එම තරුණිය එවිට පිළිතුරු දී තිබේ.
සිනහ මුසු මුහුණින් ඇයට පිළිතුරුදී ඇති කාන්තාව පවසා තිබෙන්නේ තමා රෝහලේ සේවය කරන හෙදියක් බවත්, රාජකාරියට යාමට තමා පැය ගණනක් පෝලිමේ සිට පෙට්‍රල් ලබා ගන්නා බවත් ය.
එහෙත් තමන් කිසිම විටෙක තමාගේ වෘත්තීය පවා තමාගේ වාසිය වෙනුවෙන් භාවිතා නොකරන බව ඇය පවසා එම තරුණියට කරුණු පැහැදිලි කර දී තිබේ.
කෙසේ වවත් ඉන් පසුව එම තරුණිය එම ස්ථානයේ නොසිට පිටව ගොස් තිබෙන අතර රටේ වර්තමාන තත්වය ගැන පවා ඇතැම් තරුණ තරුණියන්ට අවබෝධයක් නොමැති වීම කණගාටුවට කරුණක් බව එහි සිටි පිරිස අමතා එම වැඩිහිටි කාන්තාව පවසා තිබේ.