"හීන එකින් එක මැරෙන්න පටන් අරන්..."
අපේ රටේ සුලබ දෙයක් තමයි තැන තැන ඇති පෝලිම්.
නම විතරයි වෙනස්. හැමදේටම පෝලිම්..
එහෙම ජනප්‍රිය පෝලිමක් තමයි තෙල් පෝලිම්.
ඉතින් මේ අනුවේදනීය කතාව ඇහෙන්නෙ තෙල් පෝලිමක හුන් තරුණයෙක්ගෙන්.
"දවස් 2,3ක්ම කට්ට කාලා පෙට්‍රල් හොයලා හොයලා
පෝලිම් වල කට්‍ට කාලා නිදි වරාගෙන ,
ඒ ඉඳලත් බැරිම තැන පෙට්‍රල් නැතුවම ගෙදර එනකොට නින්ද ගියාම
කට්ට කාලා අඩියෙන් අඩිය ගොඩයන්න දඟලපු අපිට ජීවිතේම අඩි ගානක් පස්සට ගන්න වෙලා...
හීන එකින් එක මැරෙන්න පටන් අරං..."