කන්නඩ නිළියක් ලෙස අතිශය ජනප්‍රිය ස්වානි නම් නිළියකට මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑමට සිදුවුණා.
දින 20ක් ඇයට වදදුන් දත් කැක්කුමක් සඳහා ප්‍රතිකාර ගැනීමට ඇය හෙන්නූර් හි පිහිටි පෞද්ගලික දත්ත සායනයකට ගොස් තිබුණා.
එහිදී ස්වාතිට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා ඖෂධ වෙනුවට ඇයට එන්නතක් ලබාදී, එය එන්නත් කරගන්නා ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.
අනතුරුව ඇය වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි එන්නත, ඉඳකටුවක් භාවිතා කරමින් එන්නත් කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අනතුරුව ස්වාතිට හකු ඇතුළු මුහුණු වේදනාවක් ඇති වී අතර මුහුණ සම්පූර්ණයෙන්ම ඉදිමී ඇත්තේ අනතුරුවයි.
කෙසේ වෙතත්, වෛද්‍යවරයා ඇමතුමකින් ඇයට පවසා ඇත්තේ ඉදිමීම ඉක්මණින් පහව යන බවයි.
නමුත් මේ වනතුරු ඇගේ මුහුණ යථා තත්ත්වයට පත්ව නොමැති අතර, රෝහලද ප්‍රතිචාර නොදැක්වීම නිසා ඇය මහත් කළකිරීමට ලක්ව සිටිනවා.
එසේම, පසුගිය දින කිහිපයේ ම ඇය නිවසින් පිටත ට නොපැමිණීම ද විශේෂත්වයක්.
By සෑම්
ඉන්දීය මාධ්‍ය ඇසුරිනි.