පූජා වඩාත් ජනප්‍රියත්වයට පත් වුණේ බාලගේ "නාන් කඩවුල්" චිත්‍රපටයෙන්. එහි දී පූජා ඉදිරිපත් කළ දෑස් අඳ හිඟන්නියකගේ චරිතය සඳහා දකුණු ඉන්දියානු ෆිල්ම් ෆෙයාර් සම්මාන සහ තමිල්නාඩු ප්‍රාන්ත සිනමා සම්මාන ලැබුණා.
මෙරට සිනමාවට පූජා මුලින්ම පා තබන්නේ අංජලිකා චිත්‍රපටයෙන්. පසුව ඇය ආසයි මං පියාඹන්න, යහළුවෝ, සුවඳ දැනුණා ජීවිතේ, කුස පබා, පත්තිනි, සරිගම යන සිනමාපටවලට රංගනයෙන් දායක වූවාය. සිනමාවේ පසුගිය දශකවල බිහිවුණු රංගන ශිල්පිනියන් අතරින් සංගීතා වීරරත්නට පසුව තම ජනප්‍රියත්වය එලෙසටම තබා ගත් එකම රංගන ශිල්පිනිය පූජා උමාශංකර් බව විචාරක මතයයි.
පූජා උමාශංකර් සැබෑ ජීවිතයේ නිහතමානී කාරුණික රංගන ශිල්පිනියක් බව කවුරුත් දන්නවා. සාමාන්‍යයෙන් රංගන ශිල්පිනියන් සතුව ඇති පුහු ආටෝප පූජාට නම් නැහැ. ඒ නිසාම කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක් පූජා කියන්නේ. පහතින් දැක්වෙන්නේ පූජා උමාශංකර්ගේ ආදරය ලස්සන ඡායාරූප කීපයක්.